Wednesday, December 8, 2021

ඉංජිනේරු ප්‍රියන්තට සාධාරණයක් ඉල්ලා ඉංජිනේරුවෝ පිරිසක් නිහඩ උද්ඝෝෂණයක

 පාකිස්තානයේ සියල්කොට්හි අමානුශිකව ඝාතනය වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් පිරිසක් ඊයේ (09) දහවල් පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට රැස්ව සාමකාමී නිහඩ උද්ඝෝෂණයක නිරත වනු දක්නට ලැබුනා. අතෙහි කලු පටි පැළැද සාමකාමීව විරෝධතාවයේ නිරත වූ ඔවුන්ගෙන් තිදෙනෙකුට උප මහ කොමසාරිස්වරයා හමුවීමටත් ඔවුන්ගේ අදහස් දැක්වීම් සහ ඉල්ලීම් රැගත් ලිපියක් එතුමා වෙත බාර දීමටත් අවස්තාව හිමිව තිබුනා. එම ලිපි බාරදීමෙන් පසු ඒ පිළිබදව ඉංජිනේරු චාමින්ද වීරකෝන් මහතා මෙලෙස මාධ්‍යයට අදහස් ඉදිරිපත් කලා. 

ඉංජිනේරු හර්ෂණ බුලත්සිංහල, ලලිත් පල්ලේගම, ඉසුරු එස් අමරසේන, චමිල බණ්ඩාර යන මහත්වරුන්ද විරෝධතාවයට සහභාගී වී සිටිනු දක්නට ලැබුනා.

මේ එහිදී දැක්වූ අදහස් කිහිපයක්.



ඉංජිනේරු ප්‍රියන්තගේ සිද්ධියට හා ඔහුගේ දරු පවුලට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස දෙරටේම රජයන්ගෙන් ඉල්ලා සිටීමත් මින් පසු විදෙස් ගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය හා ආරක්ෂාව තහවුරු කරන විධිමත් කරන නිවැරදි ක්‍රමවේදයන් ඇතිකිරීමේ අවශ්‍යතාවයත් මේ ඉංජිනේරු පිරිස විසින් විරෝධතාවයේදී අවධාරණය කරනු ලැබුවා. පහත ඇත්තේ විරෝධතාවය අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයකි.















පදවියේ කාබනික පොහොර කෑන් පුපුරා ගොසින්



පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
ගොවීන්ට බෙදාහැරීම සඳහා පෞද්ගලික සමාගමක් නිෂ්පාදනය කරන ලද මෙම කාබනික දියර පොහොර මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ ඉකුත් 06 වැනිදාය.
ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ගබඩාව විවෘත කළ අවස්ථාවේ කාබනික දියර පොහොර කෑන් හයක් පුපුරා තිබූ බව ගොවිජන සේවා කොමසාරිස් ඒ.එච්.එම්.එල්.අබේරත්න පැවසුවේය.
මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද,පරීක්ෂණ කටයුතු සඳහා මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ලද සමාගමේ නියෝජිතයන්ටත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් පැමිණෙන ලෙස දැනුම්දී ඇතැයිද ඔහු පැවසීය.
කාබනික දියර පොහොර නිසියාකාරව පදම්කර නොතිබීම නිසා මෙලෙස පුපුරා යන්නට ඇති බවත්, කාබනික දියර පොහොර සාමාන්‍යයෙන් පුපුරා නොයන බවත් කොමසාරිස්වරයා කියයි.
ගබඩා කිරීමේදී පවතින උෂ්ණත්වයත් සමග මෙවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇතැයි ඔහු කියයි.
පදවිය ප්‍රදේශයේ නිවාස කීපයක තිබූ දියර පොහොර කෑන් කීපයක්ද පුපුරා තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්.කුමාරසිරි සඳහන් කරයි. 

 

පෝස්ටර් ඉරපු කතාව බොරුවක් පඩි ප්‍රශ්නයක් තිබිල තියෙන්නෙ- ප්‍රියන්තගේ සොයුරා කියයි

 


පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ අය මාධ්‍ය වෙත දක්වා ඇති තොරතුරු අනුව මෙම ඝාතන සංසිද්ධිය සම්බන්ධ අලුත් තොරතුරු රැසක් ඔවුනට හෙලිකරගත හැකිව තිබේ.

මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ වැඩිමල් සොයුරු ඒ ගැන දන්වා සිටියේ මෙසේය.

‘ඒ රටේ ආගමට මුල්තැන දෙනවා මොනව හරි කිව්වොත් ආගම නිසා කියල උසාවිය පිළිගන්නවා.
පෝස්ටර් කතාව බොරුවක්. අවුරුදු 10 ක් තිස්සේ ෆැක්ටරිය පාලනය කරපු එයාට එදාමද පෝස්ටරේ ඉරන්න හිතුනෙ. එහෙම පෝස්ටර් ගහන්න දෙන්නෙත් නැහැ සාමාන්‍යයෙන් ෆැක්ටරිය ඇතුලෙ. ඔ‍ය පොඩියට අපි ‘බුදු සරණයි‘ කියල ගහන ස්ටිකර් වගේ ඉස්ලාම් ආගමේ ඒවා සේවකයෝ තමන්ගෙ මැෂින්වල අලවගෙන ඉන්නවා. ඒව ප්‍රශ්නයක් නැහැනෙ. ඒව බලන්න පොඩි ලෙවල් එකට ගිහින් පාලනය කරන්න එයා යන්නෙ නැහැ. ෆැක්ටරිය ඇතුලෙ ඉද්දි එහෙම ස්ටිකර් බලන්න වෙලාවකුත් නෑ එයාට.

ආරංචි විදිහට සිද්ධිය වෙලා තියෙන්නෙ පඩි ප්‍රශ්නයකට තිබුණ වැඩපලේ ස්ට්‍රයික් එකක්.පඩි මදියි කියල ස්ට්‍රයික් කරලා. ඒ දවස්වල අයිතිකාරය හිටියෙත් නැහැ. එයා ජර්මනියේ ගිහින් ඉඳල තියෙන්නෙ. මෙයා ඔෆිස් එකට වෙලා ඉඳල තියෙනවා.
මෙයා කියල ස්ට්‍රයික් කරල හරියන් නැහැ. වැඩ කරන්න පස්සෙ සාකච්ඡා කරමු කියලා. ඊට පස්සෙ ස්ටාෆ් එකේ එක්කෙනෙක් ඔතන කෑගහන කට්ටිය ගාවට ගිහින් මොකක් හරි කිව්ව කියල තමා කියන්නෙ. ආගමේ කතාවක් හදල අවුස්සල එයාට විරුද්ධව . ඒකින් තමයි එකපාරට ඇවිස්සුණා කියල කියන්නෙ.
 ඔෆිස් එක වහන් හිටියත් ඔෆිස් එක කඩල ඇදගෙන ගිහින් තියෙන්නෙ. පොලිසියත් කීපදෙනෙක් ඉඳල තියෙනවා. දෙදාහක් තුන්දාහක් එකතුවුනාට පස්සෙ පොලිසියටත් කන්ට්‍රෝල් කරන්න බැහැ. ෆැක්ටරියෙ 3000 ක් විතර ඉන්න එකක්. ලංකාවෙ කෙනෙකුට හිටියෙත් මල්ලි විතරයි‘

ප්‍රියන්ත මහතාගේ බිරිය මෙසේ කීවාය.
එයා අවුරුදු 11 ක් තිස්සෙ පකිස්තානෙ. එහේ සංස්කෘතිය මිනිසුන්ගෙ සිතුම් පැතුම් ආගම සියලු දේ ගැන දැනගෙන හැසිරුනේ. පැහැදිලි මනසක් තිබුණ උගත් මනුස්සයෙක්. ඒවගේ කෙනෙක් මෙහෙම පෝස්ටරේ ඉරල ප්‍රශ්නයක් වුණා කියන කතාව මං තරයේ ප්‍රතික්ෂේප කරනවා.‘ 


Friday, November 20, 2020

සමිතා සමග අජිත් රෝහණ ගීතයක් ගයනවාලු

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගායන ශිල්පීනී සමිතා එරන්දතී


මුදුන්කොටුව මහත්මිය සමග ගීතයක් ගායනා කිරීමට යන බව පවසමින් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරුවේ.
සමිතාගේ ළාබාල පෙම්වතා හා පුතුද මෙම ඡායාරූප වල දැක්වේ.

සමිතා නමින් පළවන ෆේස් බුක් පිටුවේද මේ ගැන සඳහනක් ඇත.



ඇමති ජනක බණ්ඩාරට ගොනු කර තිබූ මිනී මැරුම් අධි චෝදනා අභියාචනාධිකරණය බලරහිත කරයි

 

ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රයක්  බලරහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කර ඇත.


නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබුණේ මීට වසර 21 කට පෙර 1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිදුවීමක් සම්බන්ධයෙනි.


එම වසරේ මහවෙල ප්‍රදේශයේ දී සිදු වූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් යහපාලන රජය විසින් තමන්ට විරුද්ධව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අධිකරණයේ ගොනු කරන ලද රීට් පෙත්සමේ සඳහන් කර තිබිණි.

මෙම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

එල්. පී.එල්. තරඟාවලියෙන් ප්‍රබලයෝ රැසක් ඉවත් වෙති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (එල්. පී.එල්.) ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන සියලුම කණ්ඩායම් හම්බන්තොටට මේ වනවිට පැමිණ සිටියත්, තරඟාවලියට සහභාගිවීමට නියමිතව සිටි ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මේ වනවිට සහභාගි නොවන බව වාර්තා වේ. ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ක්‍රීඩා කිරීමට නියමිතව සිටියත්, ආබාධයක් හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව දන්වා ඇත.



එමෙන්ම වත්මන් විස්සයි20 තරඟ බිමේ වඩාත් පිළිගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන ලසිත් මාලිංගද සහභාගි නොවන බව සඳහන් වේ. ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන සිටියේය.

එමෙන්ම ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ක්‍රීඩාකරන බවට දන්වා සිටි එංගලන්තයේ රවී බොපාරාද මේ වනවිට සහභාගී නොවන බව දන්වා ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් තරඟාවලියට සහභාගි වන බවට අවිනිශ්චිතව සිටි කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු අන්ඩි රසල්, කළම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතර කළම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගෙන සිටි එංගලන්ත හිටපු ක්‍රීඩක කබීර් අලි කෝවිඩ්-19 ධනාත්මක වී ඇති හෙයින් සහභාගි නොවන අතර, එම පුරප්පාඩුව සඳහා හර්ෂල් ගිබ්ස් පත්කර ඇත.

ගිබ්ස්ෙග් සහාය පුහුණුකාරිත්වයට රංගන හේරත් නම්කර ඇත.
ගිබ්ස් මීට පෙර තෝරාගෙන සිටියේ තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස වීම සුවිශේෂී වෙයි.

තරගාවලිය පැවැත්වෙන සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ දිනවල සුදානම් කරමින් සිටී. දින 15ක් පුරා කණ්ඩායම් 05ක් අතර මෙම තරගාවලිය පැවැත්වෙන අතර, සමස්ත තරඟ 23ක් ඇතුළත් මෙය එළඹෙන 26වැනිදා කලම්බු කිංග්ස් හා කැන්ඩි ටස්කර්ස් තරඟයෙන් ආරම්භ වේ.

තරගාවලියේ සියලුම තරඟ සූරියවැවදී පමණක් පැවැත්වෙන හෙයින් තණතීරු 10ක් සුදානම්කර ඇති අතර, එම සියලුම තණතීරු භාවිත කිරීමට නියමිතව ඇත.

මීට අමතරව ක්‍රීඩාංගණයෙන් පිටතදී පුහුණුවීම් කටයුතු සඳහා විදුලි ආලෝකය සහිතව පැති තණතීරු 25ක් ඉදිකර ඇත. එමෙන්ම ක්‍රීඩකයන් සඳහා සෞඛ්‍ය නිර්දේශ මත විවේකාගාර හතරක් ඉදිකර ඇත.


Tuesday, December 17, 2019

නායකයායි මායි විවාහකයින් වගේ - ශ්‍රීලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර්

ශ්‍රි ලංකා කණ්ඩායම පාකිස්තාන පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ගිය වසර තුනක කාලයක් පාකිස්තානු පිලේ පුහුණුකරුවා වශයෙන් සිටි මිකී ආතර් මහතාගේ සේවය ලබා ගනිමිනි. අන්තර්ජාතික මට්ටමේ 
පුහුණුකරුවකු වශයෙන් ජයග්‍රහණ රැසකට හිමිකම් කියන මිකී ආතර් මහතාගේ ගුරුහරුකම් මත පාකිස්තානුවේ 2017 දී ශුරයන්ගේ කුසලාන දිනාගත්හ.  ඉන් අනතුරුව පාකිස්තානය එක දිගට විස්සයි විස්ස තරග 11 ජයග්‍රහණය කළ අතර ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම් අතර අංක 8 හෝ‍ 9 සිට පළමු ස්ථානයට පත්වී සෑහෙන කාලයක් එම ස්ථානය ආරක්ෂා කරගත්තේය. 'ද සන්ඩේ ටයිම්ස්' පුවත්පත සමග මිකී ආතර් මහතා කළ සංවාදයේ කොටසක් මෙසේ දිග හැරෙයි.

https://www.gossiplankanews.com/2019/12/micky-arthur-speaks.html
ප්‍රශ්නය - ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියක් උසුළන්නේ "සේවයට බඳවාගෙන-එළවා දැමීමයි" ප්‍රතිපත්තියක් සදහායි. අවසන්
පුහුණුකරුවන් දෙදෙනාටම සිය කොන්ත්‍රාත්තුව අතරමැදදී පිටව යාමට සිදුවූවා. ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගිවිසුමකට එළඹීමට ඔබ තීරණය කිරීමේදී එය ඔබට කොතරම් ලොකු කණස්සලක් වුණාද?

• අනික් ජාත්‍යන්තර පුහුණුකරුවන් ලබපු අත්දැකීම් මොනවද කියන්න නම් දන්නේ නැහැ. මම මෙහාට ඇවිත් ඒක බරගන්න තීරණය කළේ ක්‍රීඩකයන්ගගේ දක්ෂතා ගැන මම විශවාස කරන නිසයි. ක්‍රීඩාපිටියෙන් පිටතදී සිද්ධ වුණු දේවල් පැත්තෙකින් තිබොත්, ක්‍රීඩකයන් උත්තේජනය කරන්න මම රැගෙන ආවේ මොනවද? කියන දේ ගැන මම දන්නවා. ඔවුන්ට හොද ක්‍රීඩකයන් කිරිමට මට හැකිවෙයි කියලා මම බලාපොරෞතු වෙනවා. දවසක මම මෙහෙන් යද්දි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඔවුන්ගේ උපරිමයට ඇවිත් ඉඳීවි වගේම ක්‍රීඩකයින් කිහිප දෙනකු ලෝකයේ හොඳම ක්‍රීඩකයීන් බවට පත්වී ඉදීවි කියලා මම බලාපොරොත්ත වනවා.ශ්‍රී ලංකා කණ්ඩායම් යම් පමණකින් ඔවුන්ගේ රටේදි සාර්ථක වෙලා තියෙනවා... ඒත් අපට ඕනේ පිටතදීත් සාර්ථක වෙන්නයි. අවසානයේදී අප ඒ තත්වයට ළගා වුණොත්, මම ගොඩාක්  සතුටින් මෙහෙන් යාවි

ප්‍රශ්නය - ඒ කියන්නෙ මේ"සේවයට බඳවාගෙන - එළවා දැමීමේ" ප්‍රතිපත්තිය ගැන විශේෂ අවධානයක් යොමු කරනේ නැද්ද?

• ඒක තමා අපි ජීවත් වෙන ලෝකය. ගොඩාක් වෙලාවට පුහුණුකරුවන්ට හොඳ කාල රාමුවක්  ලැබෙනවා. ඒත් අවාසනාවකට වගේ දක්ෂතා හොද නැති වුණාම ඔවුන්ව ඉවත් කෙරෙනවා. ඒක තමයි මේ රැකියාවේ ස්වභාවය. ඔබ ඉංග්‍රීසි පාපන්දු ක්‍රීඩාව දිහා බලන්න. පාපන්දු ක්‍රීඩකයෝ වගෙම පුහුණුකරුවාත් එනවා යනවා. මේක බාර අරගෙන විශේෂ වෙනස්කමක් කරන්න මට පුළුවන් කියලා මම හිතනවා. එහෙම විශේෂ වෙනසක් කරන්න මට පුළුන් වුණොත් ක්‍රීඩකයාට උදවුවක් වේවි... එවිට මම ගොඩාක් සතුටු වේවි.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඔබේ රැකියාව පිළිබදව අවසන්  තීරණයක් ගැනීමට පෙර ඔබ අවධානය  යොමු කළ අනෙක් කරුණු මොනවාද?

• අවංකව කිව්වොත්, මම අවධානයක් යොමු කරන්න ගොඩක් දේවල් තිබ්බේ නැහැ. මගේ ජාත්‍යන්තර වෘත්තියේ අවසන් නොකළ වැඩක් තියෙනවා කියන හැඟීමක් මට තිබ්බා. මම ජාත්‍යන්තර කණ්ඩායම් තුනක් පුහුණු කරලා තියෙනවා. ඒ හැම කණ්ඩායමක් ගැනම මට හැඟිමක් තිබ්බා. ඒ  කණ්ඩායම්වලට මම සුවිශේෂී බලපෑමක් කළා. මෙහාටත් ඇවිත් ඒ බලපෑම් ඇති කරන්න පුලුවන් කියලා මම දන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට යැවිම වාසනාවට සුවිශේෂී වෙනස්කමක්  මට කරන්න පුලුවන් කියන මතයේ ම ඉන්නවා.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා කණ්ඩායම වසර පහකට ආසන්න කාලයක් තිස්සේ යම් ගැටළුව නිරාකරණය කරගැනීමට උත්සාහ දරමින් ඉන්නවා. ඔබ කණ්ඩායම භාරගත් මේ අර්බුදය අතරතුරේදියි. අපි ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේදී හොදින් ක්‍රිඩා කළත්, සිමිත ඕවර ක්‍රිකට් තරගවලදී අපේ වාර්තා ගොඩාක් පහළින් තියෙන්නේ, සිමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ඔබේ සැලසුම් මොනවද?

• සමහරු කියන්න පුළුවන් කණ්ඩායම භාරගන්න මේක තමයි හොඳම කාලය කියලා.. මොකද ඔබ දන්නවා, ඔබට පුලුවන් කණ්ඩායම බාර අරගෙන, ගොඩනගලා, ඔවුන්ව ඉදිරියට රැගෙන ගොස් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරවීමට පමණයි. ඉතින්, මම කිසිම දෙයක් ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. මට වැඩ කරන්න වෙන සංචිතය ගැන මම බලනවා. මම පාකිස්තාන තරගාවලිය හොඳින් නිරික්ෂණය කරනවා. ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ දක්ෂතාව සහ ගැඹුර දැක ගැනිමට පුළුවන්. ඒක හොඳ දෙයක්.

ප්‍රශ්නය- ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද ඔබේ පළමු හැගීම මොකද්ද?

• මේ සියල්ලක්ම ඉතා හොඳ වගේම ධනාත්මකයි. මම යථාර්ථවාදියෙක්. දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා මම දන්නවා. ඉහළ කාර්යසාධන ව්‍යුහය තුළ ඈෂ්ලි (ද සිල්වා) සහ ජෙරම් (ජයරත්න) සකස් කර තිබු ආකෘතීන් මගේ සිත් ගත්තා.

ප්‍රශ්නය - ඔබේ මංගල ජාත්‍යන්තර පුහුණුකරු වගකීම දරපු කාලය තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායම් තුළ ඇති කරපු පරිවර්තය ගැන සවිස්තර පැහැදිලි කිරීමක් කළ හැකිද?

• ඒක හරිම සිත් ගන්නා සුළුයි. 2005-2006 වසරේදී ඕස්ට්‍රේලියාවට ගිය අපේ පළමු සංචාරය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි ගියේ ගොඩක් එඩිතර හදවත් සමගින්. අපි ගියේ ඔවුන් පරාජයට පත්කිරිමටයි. මේ තරුණ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළපුරුදු ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් හිටියා. ඒ වන විටත් ෂොන් පොලොක් වගේම ජැක් කලීස් සහ මාර්ක් බවුචර් ත් හිටියා. අපි ඒ සංචාරයේදී පොඩි පට්ටම් වුණා. අපිට දිගින් දිගටම නරක විදිහට පහර වැදුණා. ඒත් අපි හැමදාම උත්සාහයක් ගත්තා. එක් දින තරගාවලිය අතරතුරේදී ග්‍රේම් සහ මම දකුණ අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ එවකට ප්‍රධාන විධායක නිලධාරියා වුණු ජෙරල්ඩ් මජෝලා එක්ක පර්ත්වලදි පොඩි අඩියක් ගැහුවා. මජෝලා එදා පර්ත්වලට ආවේ අපට පොඩි සහයෝගයක් දීමටයි.

ඉතින් එදා අපි එකට වාඩිවෙලා සැලසුමක් සකස් කළා. අපි එදා යථාර්ථවාදී කාලරාමුවක් සකස් කළා.  ඒ 2006 වසර. 2008-2009 වසරේදී අපි ආයෙත් පාරක් ඔස්ට්‍රේලියාවට එනවා කියලා අපි දැනගෙන හිටියා. ඒ අවුරුද්දෙම එංගලන්තයේදීම එංගලන්තය සමග, බංග්ලාදේශයේදී බංග්ලාදේශය සමග වගේම ඉන්දියාවේදී ඉන්දියාවේ සමගත් තරගාවලි තිබ්බා. ඒක අපව රටින් පිට තරගවදින දැවැන්ත සංචාරයක් වුණා. මම සියලුම තරගාවලිවලට සහභාගි වෙලා, එක්සත් විමෙන් පස්සේ එංගලන්තයට ගිහින් ජයග්‍රහණය කරන පළමු වැනි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනවා කියන ඉලක්කය සමඟින් අපි අපේ සැලසුම් සකස් කළා. ඊට පස්සේ අපට ඕනෑ වුණේ ඔස්ට්‍රේලියාවේදී ජයග්‍රහණය කරන පළමු දකුණු අප්‍රිකානු කණ්ඩායම වීමටයි. මේ ඉලක්ක සකස් කරපු අපි සෑම දෙයක් ගැනම අවධානය යොමු කළා.

අපි ගත්ත සෑම නීරණයකදීම විශේෂයෙන්ම මේ තරගාවලි දෙක ගැන අවධානය යොමු කළා, ඊට හේතුව තමයි අපි අපේ රටේදී ආධිපත්‍යය පැතිරවිම. ඒත් රටින් පිට ගියාම, අපිට දැනිච්ච දෙයක් තමයි අපට ලෝකයේ අංක  එක වෙන්න වුවමනා නම්, අපිට අභියෝග තියෙන්න ඕනේ කියන එක. අපි එංගලන්තයේදී වගේම  පාකිස්තානයේදීත් ජයග්‍රහණය කළා. එක හරියට අපි කරපු වැඩ බොහොමයක කුඨප්‍රාප්තිය වගෙයි. ඒ සඳහා අපි එකට වාඩි වෙලා සැලසුම් සකස් කරපු දින සිට අවුරුදු එකහමාරක්, හරියටම කිව්වොත් අවුරුදු දෙකයි තුන්කාලක් ගතවුණා. ශ්‍රී ලංකා කණ්ඩායම  සමගත් මට කරන්න ඔනේ අන්න ඒ වගේ දෙයක් තමයි.

ප්‍රශ්නය-  පුහුණු කිරීම කියන්නේ මොකක්ද? කණ්ඩායම් සාර්ථකත්වයට පුහුණුකරුවකුගේ කාර්යභාරය කොතරම් වැදගත්ද?

 • මට හිතෙන හැටියට නම් ජාත්‍යන්තර පුහුණු කිරිම කියන්නේ ක්‍රීඩකයන්ට වර්ධනය වීමට සහ වඩාත් හොඳ විමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. නමුන් විශිෂ්ඨත්වය කියන්නේ කේවල් කළ නොහැකි දෙයක්. ඉතින් ජාත්‍යන්තර තලයේදී අපි කරන සෑම දෙයකින් සිද්ධ වෙන්නේ ඔවුන්ට හොඳ ක්‍රීඩකයන් කිරිම සහ පද්ධතියේ කොටසක් බවට පත් වෙනවා වෙනුවව හොඳ පද්ධතියක් බවට පත්කිරීමයි. පුහුණුකරු විසින් ඉදි කරන භූමිකාව විශාල වැදගත්කමක් ගන්නවා. පරිසරය නිර්මාණය කරන්නේ පුහුණුකරු විසින්. එකිනෙකට වෙනස් මාදිලි තුනක් වන්නේ ක්‍රීඩකයන් තාක්ෂණිකව, මානසිකව සහ ශාරිරිකව වර්ධනය කිරිම  පුහුණුකරුගේ වගකීමක්. කණ්ඩායම ගොඩනැඟීම, ඉලක්ක සැකසිම සහ ඒවි සාක්ෂාත් කරගැනීම පුහුණුකරුවන්ගේ වගකීමක්. පුහුණුකරුවාට කළ නොහැකි එකම දේ තමයි පිටිය මැදට යාම. අන්න එතැනදී තමයි නායකයා තීරණාත්මක වෙන්නේ. ඉතින් පුහුණුකරු සහ නායකයා කියන දෙන්නා එක දර්ශනයකට එන්න ඔනේ. ඔවුන් දෙදෙනා එක් ඉලක්කයක් සඳහා බැඳී සිටිය යුතු අතරම කණ්ඩායම් නිවැරැදි දිශාවට ගමන් කරවීමට සඳහා ඔවුන් එකට එක්ව කටයුතු කළ යුතුයි.

අපට දිමුත් කරුණාරත්න ටෙස්ට්  සහ එක්දින නායකයා ලෙසිනුත්, ලසිත්  මාලිංග විස්සයි විස්ස නායකයා ලෙසිනුත් ඉන්නවා. අපි කරන හැම දෙයක්ම පුර්ණ එක්සත් භාවයෙන් කරන්න ඕනේ. නායකයාගේ යෙදවුම් සමඟින් ක්‍රීඩකයින් සුදානම් කිරීමේ සහ පිටියෙන් පිටත කළ හැකි සෑම දෙයක්ම කිරිමේ වගකීම මම බාරගන්නවා. අපි කණ්ඩායම් නායකයාට බාර දෙන කොට ක්‍රීඩකයින්ට පිටියෙන් ඔබ්බට රැගෙන ගොස් උපක්‍රමවලට අනුව නුල් ඇදීමේ සම්පුර්ණ වගකීම නායකයා සතු වෙනවා. මම පිටියෙන් පිටත ඉඳගෙන ඔහුට එම සහයෝගය ලබාදෙනවා.

ප්‍රශ්නය- එම සන්දර්භය තුළ පුහුණුකරුවා සහ නායකයා අතර ඇති සම්බන්ධතාවය කෙතරම් වැදගත්ද?

•ඒක හරියට විවාහය වගේ දෙයක්. එය සැබැවින්ම වැදගත්. විවිධ දේ සම්බන්ධයෙන් ඔබ එකම පිටුවක සිටිම අතිශයින්ම වැදගත්. ඔබට එකම දර්ශනයක් තිබිම අතිශයින්ම වැදගත්. ඔබට කණ්ඩායම රැගෙන යාමට අවශ්‍ය දිශාව පැත්තෙන් ගත්තාම, ඔබ සම්ර්පුණයේම එකම පිටුවක සිටීම අතිශයින්ම වැදගත්. එකේ තේරුම ඔබ සෑම දෙයකටම එකඟ වෙනවයි කියන එක නෙමෙයි. ඒත් මේ සාකච්ඡා ඔබ දෙදෙනා අතර විවෘතව සහ අවංකව සිද්ධ විය යුතුයි. මොකද ඔබට එය කළ හැකි නම්, ඔබ සැබෑ ශක්තිමත් බැදීමක් ගොඩ නගා ගන්නවා. ඔබ විශ්වාසය පිළිබඳව සැබෑ ශක්තිත් බිඳක් ගොඩ නගා ගන්නවා. ඒ වගේම තමයි ඔබට එවැනි දෙයක් තියෙනවා නම්, ඔබට ඕනෑම කන්දක් තරණය කරන්නට පුළුවන්.

ප්‍රශ්නය - විස්සයි විස්ස ලෝක කුසලාත එළඹ ඇති තත්ත්වයක් තුළ ඒ සදහා සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව කුමක් කළ යුතුයි කියාද ඔබ සිතන්නේ?

• මම හිතන්නේ ඉන්දියානු සංචාරය තරමක වැදගත්කමක් ගන්නවා. කොන්දේසි සම්පුර්ණයෙන්ම වෙනස් කියලා මම දන්නවා. නමුත් ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුතු මූලික කණ්ඩායමක්, එය ක්‍රීඩකයන් 18 ක් කියලා කියන්න පුළුවන්. ඉතිරි කාලය පුරාම අපට භාවිතයට ගත හැකි පදනමක් ලබාගැනීමේදී එය වැදගත් වෙනවා. ඔවුන්ට ඕස්ට්‍රේලියාවේදි ක්‍රීඩා කිරිමට හැකියාවක් තිබිය යුතුයි. ඒත් අවාසනාවකට වගේ අපට කළ හැකි දේ අපට පවසන ආකාරයෙන්ම ඔවුන්ව සුදානම් කිරීමට අපට සිදු වෙනවා. එහෙත් මේ සංචාරයේදී භූමිකාවක පැහැදිලි කිරීම සහ ඉලක්ක සැකසීම අතිශය වැදගත්. ඉතින් අපට මාස 8 ක් ලැබිලා තියෙනවා. අපට හදිසියෙම එළියට යන්න බැහැ. ඒ සඳහා සැලසුම් සකස් කිරිම දැන් ආරම්භ කළා.

ප්‍රශ්නය - පුහුණුකරුවකු වශයත් ඔබගේ දර්ශනය කුමක්ද?

• මම සෑම වෙලාවකම කියන්නේ එය විශිෂ්ටත්වයේ පරිසරය නිර්මාණය කිරීම බවයි. විශිෂ්ටත්වය එකිනෙකට වෙනස් ආකාර රැසකින් එනවා. එය යෝග්‍යතාවය, ආහාර සහ පුරුදු තුළින් එනවා. එය ඔබට තාක්ෂණික, මානසික සහ ශාරිරිකව ලැබෙනවා. මෙක හරිම වැදගත්.මම යෙදුම් ගොඩාක් පාවිච්චි කරනවා. මම ක්‍රීඩකයන්ට  වැඩීම සඳහා මුල් වගේම පියාසර කිරිම සඳහා පියාපත් ලබාදීමට කැමැතියි. ඔවුන්ගේ මුල් කෙන්ද්‍රගත වෙලා තියෙන්නේ ඔවුන්ගේ තාක්ෂණය මතයි. පියාපත්,ඒවා හැමෝගේම වෙනස්. ඔබ ඔවුන්ට ඔවුන්ගේ ගති ලක්ෂණ සහ කුසලතාවයන් අනුව වර්ධනය වීමක් නිදහස ලඛාදිය යුතුයි. නමුත් ඔබේ පදනම් සහ ඔබේ මුලයන් සෑම විටම තාක්ෂණය තුළට කාවැදී තිබිය යුතුයි.

ප්‍රශ්නය - ඔබේ වෘත්තියෙන් පුද්ගලික දක්ෂතා මොනවාද?

• ගොඩාක් තියෙනවා. දකුණු අප්‍රිකාව සමඟින් පළමු වරට එංගලන්තය ජයගැනීම මට කවදාවත් අමතක වන්නේ නැහැ. පළමු වතාවට ඕස්ට්‍රේලියාව ජයගැනීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ රටවල් දෙකම ජයගත් පළමු දකුණු අප්‍රිකානු කණ්ඩායම බවට අපේ කණ්ඩායම් පත්වුණා. ඔස්ට්‍රේලියාව ලකුණු 434 ක් ලබාගත්තාම ඔවුන්ට ලුහුබැඳ ගොස් ලකුණු 438 ක් ලබාගැනීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඊළගට කිසිම සැකයක් නොමැතිව මගේ හොඳම  දක්ෂතාවයක් තමයි පාකිස්තානය සහ ශුරයන්යගේ කුසලාන ජයගැනීම. ඊළගට පාකිස්තානය එක දිගට විස්සයි විස්ස තරග 11 ජයග්‍රහණය කළා. ඒ සමගම පාකිස්ථානය ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වල අංක 8 හෝ 9 සිට පළමු ස්ථානයට පත්වෙලා සෑහෙන්න කාලයක් එම ස්ථානය ආරක්ෂා කරගත්තා. ඒ තමයි දක්ෂතා. සෑම කණ්ඩායමක් සමඟින්ම දක්ෂතා දක්වලා තියෙනවා. දකුණු අප්‍රිකාව ගත්තොත් මම ඉන්දැද්දි අපි සෑම මාදිලියකින්ම ලෝකයේ අංක එක බවට පත්වුණා.