Wednesday, January 25, 2017

CECB ඉංජිනේරුවන් සංකේත වර්ජනයේ

ඉල්ලීම් ඉ‍ටු නොවුනොත් හෙට සිට අඛණ්ඩ වර්ජනයේ



කලකට ඉහත රජයේ භාණ්ඩාගාරයෙන් අනුමත වූ 35% ක වැ‍ටුප් වැඩි වීම තවමත් ලබා නොදීමට කටයුතු කර ඇති පරිපාලනයට එරෙහිව ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ සියලුම ඉංජිනේරුවන් අද (25) දහවල් 12 ට පමණ එම ආයතනය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වූහ.

රෝහල්, පාසල්, රජයේ ගොඩනැගිලි සහ දිවයින පුරා විවිධාකාර දැවැන්ත ව්‍යාපෘති ඉදිකිරීම්, නිර්මාණ, කලමණාකරන හා අධීක්ශණ ක්ශේත්‍රයේ නිරතව සිටින අර්ධ රාජ්‍ය දැවැන්තම ඉංජිනේරු ජාලයකින් සමන්විත වන ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ ඉංජිනේරුවන්ට දැනට ලබාදෙන ඉතා සුලු වැ‍ටුප් ප්‍රමාණය ගැන මෙහිදී කතා බහට ලක් වීය.
විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හ ජලාපවාහන මණ්ඩලය ආදී සමගාමී ඉංජිනේරු ආයතන හ සසදන කල ඔවුන්ගේ වැ‍ටුප් ඉතාම අවම මට්ටමක පැවතීම මෙයට හේතුවයි.


ඔවුන් කරන සේවයට සාපේක්ෂව ඉතාම අවම වැ‍ටුප් හා වරප්‍රසාද හිමිවීම නිසා දිනෙන් දින ආයතනය හා රට හැර යන ඉංජිනේරුවන් නිසා සිදුවන බුද්ධි ගලනය නවත්වාගැනීම පාලකයන්ගේ වගකීම බව ඔවුහු තවදුරටත් පෙන්වා දුන්හ. පසුගිය දිනක ජනපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි වැ‍ටුප් වැඩිකිරීම කඩිනමින් සිදු කරන ලෙස ඔවුහු තවදුරටත් ඉල්ලා සිටියහ.

සිය ඉල්ලීම් සම්බන්දයෙන් සභාපති, සාමන්යාධිකාරී ඇතුලුව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් යහපත් ප්‍රතිචාර නොලද හොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට කිසිසේත් පසුබට නොවන බව ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා තවදුරටත් Gossiplankabest වෙතට පැවසීය









වීඩියෝව මෙතනින්






No comments:

Post a Comment