Tuesday, December 17, 2019

නායකයායි මායි විවාහකයින් වගේ - ශ්‍රීලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර්

ශ්‍රි ලංකා කණ්ඩායම පාකිස්තාන පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ගිය වසර තුනක කාලයක් පාකිස්තානු පිලේ පුහුණුකරුවා වශයෙන් සිටි මිකී ආතර් මහතාගේ සේවය ලබා ගනිමිනි. අන්තර්ජාතික මට්ටමේ 
පුහුණුකරුවකු වශයෙන් ජයග්‍රහණ රැසකට හිමිකම් කියන මිකී ආතර් මහතාගේ ගුරුහරුකම් මත පාකිස්තානුවේ 2017 දී ශුරයන්ගේ කුසලාන දිනාගත්හ.  ඉන් අනතුරුව පාකිස්තානය එක දිගට විස්සයි විස්ස තරග 11 ජයග්‍රහණය කළ අතර ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම් අතර අංක 8 හෝ‍ 9 සිට පළමු ස්ථානයට පත්වී සෑහෙන කාලයක් එම ස්ථානය ආරක්ෂා කරගත්තේය. 'ද සන්ඩේ ටයිම්ස්' පුවත්පත සමග මිකී ආතර් මහතා කළ සංවාදයේ කොටසක් මෙසේ දිග හැරෙයි.

https://www.gossiplankanews.com/2019/12/micky-arthur-speaks.html
ප්‍රශ්නය - ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියක් උසුළන්නේ "සේවයට බඳවාගෙන-එළවා දැමීමයි" ප්‍රතිපත්තියක් සදහායි. අවසන්
පුහුණුකරුවන් දෙදෙනාටම සිය කොන්ත්‍රාත්තුව අතරමැදදී පිටව යාමට සිදුවූවා. ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගිවිසුමකට එළඹීමට ඔබ තීරණය කිරීමේදී එය ඔබට කොතරම් ලොකු කණස්සලක් වුණාද?

• අනික් ජාත්‍යන්තර පුහුණුකරුවන් ලබපු අත්දැකීම් මොනවද කියන්න නම් දන්නේ නැහැ. මම මෙහාට ඇවිත් ඒක බරගන්න තීරණය කළේ ක්‍රීඩකයන්ගගේ දක්ෂතා ගැන මම විශවාස කරන නිසයි. ක්‍රීඩාපිටියෙන් පිටතදී සිද්ධ වුණු දේවල් පැත්තෙකින් තිබොත්, ක්‍රීඩකයන් උත්තේජනය කරන්න මම රැගෙන ආවේ මොනවද? කියන දේ ගැන මම දන්නවා. ඔවුන්ට හොද ක්‍රීඩකයන් කිරිමට මට හැකිවෙයි කියලා මම බලාපොරෞතු වෙනවා. දවසක මම මෙහෙන් යද්දි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඔවුන්ගේ උපරිමයට ඇවිත් ඉඳීවි වගේම ක්‍රීඩකයින් කිහිප දෙනකු ලෝකයේ හොඳම ක්‍රීඩකයීන් බවට පත්වී ඉදීවි කියලා මම බලාපොරොත්ත වනවා.ශ්‍රී ලංකා කණ්ඩායම් යම් පමණකින් ඔවුන්ගේ රටේදි සාර්ථක වෙලා තියෙනවා... ඒත් අපට ඕනේ පිටතදීත් සාර්ථක වෙන්නයි. අවසානයේදී අප ඒ තත්වයට ළගා වුණොත්, මම ගොඩාක්  සතුටින් මෙහෙන් යාවි

ප්‍රශ්නය - ඒ කියන්නෙ මේ"සේවයට බඳවාගෙන - එළවා දැමීමේ" ප්‍රතිපත්තිය ගැන විශේෂ අවධානයක් යොමු කරනේ නැද්ද?

• ඒක තමා අපි ජීවත් වෙන ලෝකය. ගොඩාක් වෙලාවට පුහුණුකරුවන්ට හොඳ කාල රාමුවක්  ලැබෙනවා. ඒත් අවාසනාවකට වගේ දක්ෂතා හොද නැති වුණාම ඔවුන්ව ඉවත් කෙරෙනවා. ඒක තමයි මේ රැකියාවේ ස්වභාවය. ඔබ ඉංග්‍රීසි පාපන්දු ක්‍රීඩාව දිහා බලන්න. පාපන්දු ක්‍රීඩකයෝ වගෙම පුහුණුකරුවාත් එනවා යනවා. මේක බාර අරගෙන විශේෂ වෙනස්කමක් කරන්න මට පුළුවන් කියලා මම හිතනවා. එහෙම විශේෂ වෙනසක් කරන්න මට පුළුන් වුණොත් ක්‍රීඩකයාට උදවුවක් වේවි... එවිට මම ගොඩාක් සතුටු වේවි.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඔබේ රැකියාව පිළිබදව අවසන්  තීරණයක් ගැනීමට පෙර ඔබ අවධානය  යොමු කළ අනෙක් කරුණු මොනවාද?

• අවංකව කිව්වොත්, මම අවධානයක් යොමු කරන්න ගොඩක් දේවල් තිබ්බේ නැහැ. මගේ ජාත්‍යන්තර වෘත්තියේ අවසන් නොකළ වැඩක් තියෙනවා කියන හැඟීමක් මට තිබ්බා. මම ජාත්‍යන්තර කණ්ඩායම් තුනක් පුහුණු කරලා තියෙනවා. ඒ හැම කණ්ඩායමක් ගැනම මට හැඟිමක් තිබ්බා. ඒ  කණ්ඩායම්වලට මම සුවිශේෂී බලපෑමක් කළා. මෙහාටත් ඇවිත් ඒ බලපෑම් ඇති කරන්න පුලුවන් කියලා මම දන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට යැවිම වාසනාවට සුවිශේෂී වෙනස්කමක්  මට කරන්න පුලුවන් කියන මතයේ ම ඉන්නවා.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා කණ්ඩායම වසර පහකට ආසන්න කාලයක් තිස්සේ යම් ගැටළුව නිරාකරණය කරගැනීමට උත්සාහ දරමින් ඉන්නවා. ඔබ කණ්ඩායම භාරගත් මේ අර්බුදය අතරතුරේදියි. අපි ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවේදී හොදින් ක්‍රිඩා කළත්, සිමිත ඕවර ක්‍රිකට් තරගවලදී අපේ වාර්තා ගොඩාක් පහළින් තියෙන්නේ, සිමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ඔබේ සැලසුම් මොනවද?

• සමහරු කියන්න පුළුවන් කණ්ඩායම භාරගන්න මේක තමයි හොඳම කාලය කියලා.. මොකද ඔබ දන්නවා, ඔබට පුලුවන් කණ්ඩායම බාර අරගෙන, ගොඩනගලා, ඔවුන්ව ඉදිරියට රැගෙන ගොස් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරවීමට පමණයි. ඉතින්, මම කිසිම දෙයක් ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. මට වැඩ කරන්න වෙන සංචිතය ගැන මම බලනවා. මම පාකිස්තාන තරගාවලිය හොඳින් නිරික්ෂණය කරනවා. ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ දක්ෂතාව සහ ගැඹුර දැක ගැනිමට පුළුවන්. ඒක හොඳ දෙයක්.

ප්‍රශ්නය- ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද ඔබේ පළමු හැගීම මොකද්ද?

• මේ සියල්ලක්ම ඉතා හොඳ වගේම ධනාත්මකයි. මම යථාර්ථවාදියෙක්. දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා මම දන්නවා. ඉහළ කාර්යසාධන ව්‍යුහය තුළ ඈෂ්ලි (ද සිල්වා) සහ ජෙරම් (ජයරත්න) සකස් කර තිබු ආකෘතීන් මගේ සිත් ගත්තා.

ප්‍රශ්නය - ඔබේ මංගල ජාත්‍යන්තර පුහුණුකරු වගකීම දරපු කාලය තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායම් තුළ ඇති කරපු පරිවර්තය ගැන සවිස්තර පැහැදිලි කිරීමක් කළ හැකිද?

• ඒක හරිම සිත් ගන්නා සුළුයි. 2005-2006 වසරේදී ඕස්ට්‍රේලියාවට ගිය අපේ පළමු සංචාරය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි ගියේ ගොඩක් එඩිතර හදවත් සමගින්. අපි ගියේ ඔවුන් පරාජයට පත්කිරිමටයි. මේ තරුණ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළපුරුදු ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් හිටියා. ඒ වන විටත් ෂොන් පොලොක් වගේම ජැක් කලීස් සහ මාර්ක් බවුචර් ත් හිටියා. අපි ඒ සංචාරයේදී පොඩි පට්ටම් වුණා. අපිට දිගින් දිගටම නරක විදිහට පහර වැදුණා. ඒත් අපි හැමදාම උත්සාහයක් ගත්තා. එක් දින තරගාවලිය අතරතුරේදී ග්‍රේම් සහ මම දකුණ අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ එවකට ප්‍රධාන විධායක නිලධාරියා වුණු ජෙරල්ඩ් මජෝලා එක්ක පර්ත්වලදි පොඩි අඩියක් ගැහුවා. මජෝලා එදා පර්ත්වලට ආවේ අපට පොඩි සහයෝගයක් දීමටයි.

ඉතින් එදා අපි එකට වාඩිවෙලා සැලසුමක් සකස් කළා. අපි එදා යථාර්ථවාදී කාලරාමුවක් සකස් කළා.  ඒ 2006 වසර. 2008-2009 වසරේදී අපි ආයෙත් පාරක් ඔස්ට්‍රේලියාවට එනවා කියලා අපි දැනගෙන හිටියා. ඒ අවුරුද්දෙම එංගලන්තයේදීම එංගලන්තය සමග, බංග්ලාදේශයේදී බංග්ලාදේශය සමග වගේම ඉන්දියාවේදී ඉන්දියාවේ සමගත් තරගාවලි තිබ්බා. ඒක අපව රටින් පිට තරගවදින දැවැන්ත සංචාරයක් වුණා. මම සියලුම තරගාවලිවලට සහභාගි වෙලා, එක්සත් විමෙන් පස්සේ එංගලන්තයට ගිහින් ජයග්‍රහණය කරන පළමු වැනි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනවා කියන ඉලක්කය සමඟින් අපි අපේ සැලසුම් සකස් කළා. ඊට පස්සේ අපට ඕනෑ වුණේ ඔස්ට්‍රේලියාවේදී ජයග්‍රහණය කරන පළමු දකුණු අප්‍රිකානු කණ්ඩායම වීමටයි. මේ ඉලක්ක සකස් කරපු අපි සෑම දෙයක් ගැනම අවධානය යොමු කළා.

අපි ගත්ත සෑම නීරණයකදීම විශේෂයෙන්ම මේ තරගාවලි දෙක ගැන අවධානය යොමු කළා, ඊට හේතුව තමයි අපි අපේ රටේදී ආධිපත්‍යය පැතිරවිම. ඒත් රටින් පිට ගියාම, අපිට දැනිච්ච දෙයක් තමයි අපට ලෝකයේ අංක  එක වෙන්න වුවමනා නම්, අපිට අභියෝග තියෙන්න ඕනේ කියන එක. අපි එංගලන්තයේදී වගේම  පාකිස්තානයේදීත් ජයග්‍රහණය කළා. එක හරියට අපි කරපු වැඩ බොහොමයක කුඨප්‍රාප්තිය වගෙයි. ඒ සඳහා අපි එකට වාඩි වෙලා සැලසුම් සකස් කරපු දින සිට අවුරුදු එකහමාරක්, හරියටම කිව්වොත් අවුරුදු දෙකයි තුන්කාලක් ගතවුණා. ශ්‍රී ලංකා කණ්ඩායම  සමගත් මට කරන්න ඔනේ අන්න ඒ වගේ දෙයක් තමයි.

ප්‍රශ්නය-  පුහුණු කිරීම කියන්නේ මොකක්ද? කණ්ඩායම් සාර්ථකත්වයට පුහුණුකරුවකුගේ කාර්යභාරය කොතරම් වැදගත්ද?

 • මට හිතෙන හැටියට නම් ජාත්‍යන්තර පුහුණු කිරිම කියන්නේ ක්‍රීඩකයන්ට වර්ධනය වීමට සහ වඩාත් හොඳ විමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. නමුන් විශිෂ්ඨත්වය කියන්නේ කේවල් කළ නොහැකි දෙයක්. ඉතින් ජාත්‍යන්තර තලයේදී අපි කරන සෑම දෙයකින් සිද්ධ වෙන්නේ ඔවුන්ට හොඳ ක්‍රීඩකයන් කිරිම සහ පද්ධතියේ කොටසක් බවට පත් වෙනවා වෙනුවව හොඳ පද්ධතියක් බවට පත්කිරීමයි. පුහුණුකරු විසින් ඉදි කරන භූමිකාව විශාල වැදගත්කමක් ගන්නවා. පරිසරය නිර්මාණය කරන්නේ පුහුණුකරු විසින්. එකිනෙකට වෙනස් මාදිලි තුනක් වන්නේ ක්‍රීඩකයන් තාක්ෂණිකව, මානසිකව සහ ශාරිරිකව වර්ධනය කිරිම  පුහුණුකරුගේ වගකීමක්. කණ්ඩායම ගොඩනැඟීම, ඉලක්ක සැකසිම සහ ඒවි සාක්ෂාත් කරගැනීම පුහුණුකරුවන්ගේ වගකීමක්. පුහුණුකරුවාට කළ නොහැකි එකම දේ තමයි පිටිය මැදට යාම. අන්න එතැනදී තමයි නායකයා තීරණාත්මක වෙන්නේ. ඉතින් පුහුණුකරු සහ නායකයා කියන දෙන්නා එක දර්ශනයකට එන්න ඔනේ. ඔවුන් දෙදෙනා එක් ඉලක්කයක් සඳහා බැඳී සිටිය යුතු අතරම කණ්ඩායම් නිවැරැදි දිශාවට ගමන් කරවීමට සඳහා ඔවුන් එකට එක්ව කටයුතු කළ යුතුයි.

අපට දිමුත් කරුණාරත්න ටෙස්ට්  සහ එක්දින නායකයා ලෙසිනුත්, ලසිත්  මාලිංග විස්සයි විස්ස නායකයා ලෙසිනුත් ඉන්නවා. අපි කරන හැම දෙයක්ම පුර්ණ එක්සත් භාවයෙන් කරන්න ඕනේ. නායකයාගේ යෙදවුම් සමඟින් ක්‍රීඩකයින් සුදානම් කිරීමේ සහ පිටියෙන් පිටත කළ හැකි සෑම දෙයක්ම කිරිමේ වගකීම මම බාරගන්නවා. අපි කණ්ඩායම් නායකයාට බාර දෙන කොට ක්‍රීඩකයින්ට පිටියෙන් ඔබ්බට රැගෙන ගොස් උපක්‍රමවලට අනුව නුල් ඇදීමේ සම්පුර්ණ වගකීම නායකයා සතු වෙනවා. මම පිටියෙන් පිටත ඉඳගෙන ඔහුට එම සහයෝගය ලබාදෙනවා.

ප්‍රශ්නය- එම සන්දර්භය තුළ පුහුණුකරුවා සහ නායකයා අතර ඇති සම්බන්ධතාවය කෙතරම් වැදගත්ද?

•ඒක හරියට විවාහය වගේ දෙයක්. එය සැබැවින්ම වැදගත්. විවිධ දේ සම්බන්ධයෙන් ඔබ එකම පිටුවක සිටිම අතිශයින්ම වැදගත්. ඔබට එකම දර්ශනයක් තිබිම අතිශයින්ම වැදගත්. ඔබට කණ්ඩායම රැගෙන යාමට අවශ්‍ය දිශාව පැත්තෙන් ගත්තාම, ඔබ සම්ර්පුණයේම එකම පිටුවක සිටීම අතිශයින්ම වැදගත්. එකේ තේරුම ඔබ සෑම දෙයකටම එකඟ වෙනවයි කියන එක නෙමෙයි. ඒත් මේ සාකච්ඡා ඔබ දෙදෙනා අතර විවෘතව සහ අවංකව සිද්ධ විය යුතුයි. මොකද ඔබට එය කළ හැකි නම්, ඔබ සැබෑ ශක්තිමත් බැදීමක් ගොඩ නගා ගන්නවා. ඔබ විශ්වාසය පිළිබඳව සැබෑ ශක්තිත් බිඳක් ගොඩ නගා ගන්නවා. ඒ වගේම තමයි ඔබට එවැනි දෙයක් තියෙනවා නම්, ඔබට ඕනෑම කන්දක් තරණය කරන්නට පුළුවන්.

ප්‍රශ්නය - විස්සයි විස්ස ලෝක කුසලාත එළඹ ඇති තත්ත්වයක් තුළ ඒ සදහා සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව කුමක් කළ යුතුයි කියාද ඔබ සිතන්නේ?

• මම හිතන්නේ ඉන්දියානු සංචාරය තරමක වැදගත්කමක් ගන්නවා. කොන්දේසි සම්පුර්ණයෙන්ම වෙනස් කියලා මම දන්නවා. නමුත් ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුතු මූලික කණ්ඩායමක්, එය ක්‍රීඩකයන් 18 ක් කියලා කියන්න පුළුවන්. ඉතිරි කාලය පුරාම අපට භාවිතයට ගත හැකි පදනමක් ලබාගැනීමේදී එය වැදගත් වෙනවා. ඔවුන්ට ඕස්ට්‍රේලියාවේදි ක්‍රීඩා කිරිමට හැකියාවක් තිබිය යුතුයි. ඒත් අවාසනාවකට වගේ අපට කළ හැකි දේ අපට පවසන ආකාරයෙන්ම ඔවුන්ව සුදානම් කිරීමට අපට සිදු වෙනවා. එහෙත් මේ සංචාරයේදී භූමිකාවක පැහැදිලි කිරීම සහ ඉලක්ක සැකසීම අතිශය වැදගත්. ඉතින් අපට මාස 8 ක් ලැබිලා තියෙනවා. අපට හදිසියෙම එළියට යන්න බැහැ. ඒ සඳහා සැලසුම් සකස් කිරිම දැන් ආරම්භ කළා.

ප්‍රශ්නය - පුහුණුකරුවකු වශයත් ඔබගේ දර්ශනය කුමක්ද?

• මම සෑම වෙලාවකම කියන්නේ එය විශිෂ්ටත්වයේ පරිසරය නිර්මාණය කිරීම බවයි. විශිෂ්ටත්වය එකිනෙකට වෙනස් ආකාර රැසකින් එනවා. එය යෝග්‍යතාවය, ආහාර සහ පුරුදු තුළින් එනවා. එය ඔබට තාක්ෂණික, මානසික සහ ශාරිරිකව ලැබෙනවා. මෙක හරිම වැදගත්.මම යෙදුම් ගොඩාක් පාවිච්චි කරනවා. මම ක්‍රීඩකයන්ට  වැඩීම සඳහා මුල් වගේම පියාසර කිරිම සඳහා පියාපත් ලබාදීමට කැමැතියි. ඔවුන්ගේ මුල් කෙන්ද්‍රගත වෙලා තියෙන්නේ ඔවුන්ගේ තාක්ෂණය මතයි. පියාපත්,ඒවා හැමෝගේම වෙනස්. ඔබ ඔවුන්ට ඔවුන්ගේ ගති ලක්ෂණ සහ කුසලතාවයන් අනුව වර්ධනය වීමක් නිදහස ලඛාදිය යුතුයි. නමුත් ඔබේ පදනම් සහ ඔබේ මුලයන් සෑම විටම තාක්ෂණය තුළට කාවැදී තිබිය යුතුයි.

ප්‍රශ්නය - ඔබේ වෘත්තියෙන් පුද්ගලික දක්ෂතා මොනවාද?

• ගොඩාක් තියෙනවා. දකුණු අප්‍රිකාව සමඟින් පළමු වරට එංගලන්තය ජයගැනීම මට කවදාවත් අමතක වන්නේ නැහැ. පළමු වතාවට ඕස්ට්‍රේලියාව ජයගැනීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ රටවල් දෙකම ජයගත් පළමු දකුණු අප්‍රිකානු කණ්ඩායම බවට අපේ කණ්ඩායම් පත්වුණා. ඔස්ට්‍රේලියාව ලකුණු 434 ක් ලබාගත්තාම ඔවුන්ට ලුහුබැඳ ගොස් ලකුණු 438 ක් ලබාගැනීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඊළගට කිසිම සැකයක් නොමැතිව මගේ හොඳම  දක්ෂතාවයක් තමයි පාකිස්තානය සහ ශුරයන්යගේ කුසලාන ජයගැනීම. ඊළගට පාකිස්තානය එක දිගට විස්සයි විස්ස තරග 11 ජයග්‍රහණය කළා. ඒ සමගම පාකිස්ථානය ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වල අංක 8 හෝ 9 සිට පළමු ස්ථානයට පත්වෙලා සෑහෙන්න කාලයක් එම ස්ථානය ආරක්ෂා කරගත්තා. ඒ තමයි දක්ෂතා. සෑම කණ්ඩායමක් සමඟින්ම දක්ෂතා දක්වලා තියෙනවා. දකුණු අප්‍රිකාව ගත්තොත් මම ඉන්දැද්දි අපි සෑම මාදිලියකින්ම ලෝකයේ අංක එක බවට පත්වුණා.

Monday, October 21, 2019

රට පුරා ගෑස් හිඟයක්

දිවයින පුරා වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයක් මතුව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් අඩු කිරීමට රජය තීරණය කිරීමෙන් පසු 
මෙම ගෑස් සිලින්ඩර හිඟය ඇති වී තිබේ.


ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට පෙර ගෑස් සමාගම් තම ගෑස් සිලින්ඩර තොග විශාල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. එම නිසා මේ වන විට ගෑස් සිලින්ඩර සැපයුමේ ප්‍රමාදයක් මතුව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ගෑස් රැගෙන එන නෞකාවක් ප්‍රමාද වීම නිසා ගෑස් හිඟයක් මතුව ඇති බවයි. තවත් සතියක පමණ කාලයක් ගෑස් හිඟය පවතිනු ඇතැයි ගෑස් සමාගම් අනාවරණය කරයි. ගෑස් හිඟය පිළිබඳ පාරිභෝගික ජනතාව පාරිභෝගික කටයුතු අධිකාරියටද පැමිණිලි කර තිබේ.
උදයජීව ඒකනායක

නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්න තමයි ලංකාවට ආවේ. -අනර්කලී ආකර්ෂා


සුගියදා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මංගල උත්සවයට සම්බන්ධවීමට ඇමරිකාවේ සිට ලංකාවට පැමිණ කලක් ජනප්‍රියව සිටි නිළියක වන අනර්කලී ආකර්ෂා ඇගේ නවතම තොරතුරු පුවත්පතකට හෙළි කර ඇත. එම විස්තරය
පහත පරිදිය.

අනර්කලී කාලයකට පස්සෙ නේද ලංකාවට ආවේ?

ඔව්, මම අවුරුදු තුනකට විතර පස්සෙ තමයි ලංකාවට ආවේ.

කාලෙකට පස්සෙ ලංකාවට ආවේ විශේෂ සැලසුමක් එක්කද?

නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යයට සහභාගි වෙන්න තමයි ලංකාවට ආවේ. නාමල් ඉස්සර ඉඳලම
මගේ හොඳ යාළුවෙක්. එයාගේ විවාහ මංගල්‍යයට ආරාධනා කරද්දී නෑවිත් ඉන්න බෑ. අපි ඔක්කොම
බලාගෙන හිටපු අවස්ථාවක් ඒක. ඒ නිසා නාමල්ගේ විවාහ මංගල්‍යයට අනිවාර්යයෙන්ම සහභාගි වෙන්න
ඕනේ කියලා හිතුවා. 

පහුගිය කාලේ ඔබ රඟපාපු චිත්‍රපටයකුත් තිරගත වුණා. හැබැයි එය එළිදැක්වෙද්දී ලංකාවට ආවේ
නැත්තෙ ඇයි?

චිත්‍රපටයේ මංගල දැක්මට විශේෂයෙන් එන්න ඕන කියලා කවුරුත් මට කිව්වේ නැහැ. ඒ චිත්‍රපටයේ
මංගල දර්ශනය හදිසියේ සැලසුම්කරලා තිබ්බෙත්. මම ඉන්නෙත් දුර රටක. ඒ නිසා ලංකාවට එන්න වුණොත්
ගොඩක් කලින් සැලසුම් කරලා තමයි එන්න ඕනෙ. ඒ නිසා චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වෙන්න
මට බැරි වුණා. 

ලංකාවට ආවට පස්සෙ පරණ යාළුවො මුණගැහෙන්න ඇති?

ඔව්, මගේ යාළුවො ගොඩක් මුණ ගැහුණා. කවුරුවත් වෙනස් වෙලා නැහැ. හැමෝම තිබ්බ මිත්‍රත්වය
එහෙම්ම තියාගෙන ඉන්නවා. මට හැම ක්‍ෂේත්‍රයකම යාළුවො ඉන්නවා. හැම යාළුවෙක්ම මට වටිනවා.
මොකද ඒ හැම කෙනෙක්ගෙන්ම මම දෙයක් ඉගෙන ගෙන තියෙනවා. එයාලා මාව උනන්දු කරලා තියෙනවා.

අනර්කලී ලංකාවේ හිටපු ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඔබට නිර්මාණ වෙනුවෙන් හොඳ ඉල්ලුමකුත් තිබුණා.
ඒ වගේ ඉල්ලුමක් තියෙද්දී ඔබ විවාහ වෙලා ලංකාවෙන් ගියා. ඒ ගැන පුංචිම හරි දුකක් නැද්ද?


ඇත්තටම පොඩ්ඩක් නෙමෙයි ගොඩක් දුක හිතුණා. නමුත් ලංකාවෙන් යන්න තීරණය ගන්න වුණා. අපේ මුළු
පවුලෙම අය ඇමෙරිකාවේ ඉන්න නිසා මට ඇමෙරිකාවට යන්න වුණා. නමුත් මම හැමදාම ලංකාව ගැන
හිතනවා. 

ගොඩක් රසික රසිකාවියෝ අහනවා ‘අක්කි ෆිල්ම් එකක රඟපාන්න ලංකාවට එන්නෙ නැද්ද කියලත්. ඒ නිසා
තමයි මම අනර්කලී ලයිව් කියලා යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තේ. මම ලෝකයේ කොහේ හිටියත් මගේ
රසිකයන්ට ඒ හරහා මගෙන් මොනවා හෝ දෙයක් දෙන්න ඕන කියන සිතුවිල්ලෙන් තමයි මම යූ ටියුබ් චැනල්
එක පටන් ගත්තෙත්.

ලංකාවේ නොහිටියත් අනර්කලී කාටවත් අමතක වෙලා නෑ වගේ?

ඔව්, ඒක විශාලම භාග්‍යයක්. මම සමාජ මාධ්‍යවලින් මගේ ප්‍රේක්‍ෂකයන් අතරට එනවා. ඒ නිසා
ගොඩක් අයගේ ප්‍රතිචාර මට ලැබෙනවා. නමුත් ලංකාවට ආවට පස්සෙ මට ඒ ආදරය ගොඩක් දැනුණා.
සමහර අය හිත සතුටු කරන්න දේවල් කියනවනේ. නමුත් ලංකාවට ආවට පස්සෙ මට තේරුණා ගොඩක් අය මට
ආදරෙයි කියලා. ඒ වගේම මගේ අඩුව තිබුණා කියලා ගොඩක් අය කිව්වා. මම ඕන තැනකට ගියාම
හැමෝම ගොඩක් ආදරෙන් මාව පිළිගන්නවා. සමහර වෙලාවට ඒ ආදරේට මට ඇස්වලට කඳුළුත් එනවා.
මෙච්චර ආදරයක් තාම මට ලැබෙන්නෙ කොහොමද කියලා අදහාගන්න බැහැ. 

ඔබව අමතක නොවී මතකයේ රැඳිලා තිබීමත් එක්තරා විධියක වාසනාවක් නේද?

අනිවාර්යයෙන්. ලංකාවේ ඉන්නෙ ගොඩක් ආදරණීය ජනතාවක්. ලංකාවේ අය ළඟ ආදරය, කරුණාව තියෙන
නිසා නිරන්තරයෙන් කාගෙහරි හිතක් කාටහරි බැඳෙනවා නම් ඒක මැකිලා යන්නෙ නෑ ලේසියෙන්. ඒ වගේ
ආදරයක් හැමෝගෙන්ම ලැබෙන්න තරම් භාග්‍යයක් මට තියෙනවා. මම ලංකාවට පුදුම විදිහට ආදරෙයි.
මම හරි ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන. ඕනෑම කෙනෙක්ට මාව අමතක කරන්න පුළුවන් වුණත්
කවුරුත් මාව අමතක කරලා නැහැ. මම ලංකාවේ හිටියේ නැහැ කියලා දැනෙන්නෙවත් නැහැ. ලැබෙන
ප්‍රතිචාර ඒ තරම් දැනෙනවා. හැමෝම කිසිම වෙනසක් නැතුව බොහෝම ආදරයෙන් මාව පිළිගත්තා.
සහතික ඇත්ත. මම ගොඩක් වාසනාවන්තයි. 

ඇමෙරිකාවේ ඔබ ගෙවන ජීවිතය ඇතුළෙ කලා කටයුතුවලට ඉඩ වෙන් වුණේ නැද්ද?

ඇමෙරිකාවට හුරු වෙන්න ටිකක් කල් ගියා. මොකද ඒ රට හාත්පසින්ම වෙනස් රටක්. දැන් මගේ
ස්වාධීනත්වය තියෙනවා. ඒ නිසා බයක් නැහැ. ඒ නිසා දැන් මම වැඩවලට යොමු වෙන්න බලනවා. නමුත්
ඒ කලා කටයුතුවලින් නෙවෙයි. මට ලංකාවේ අවස්ථාව ලැබිලා තියෙනවා විවිධ චරිත ඔස්සේ මගේ රංගන
දක්ෂතාව ඔප්පු කරලා පෙන්නන්න. ඇමෙරිකාවේ තියෙන්නෙ වෙනම තරගයක්. මම බලන්නෙ සමාජයට වෙනස්
දෙයක් ලබා දෙන්න. මගේ යූ ටියුබ් චැනල් එක හරහා සාර්ථක, ලෝකයේ පිළිගත් අය සමඟ කතා බහක
යෙදිලා ඔවුන් සාර්ථක වුණේ කොහොමද කියන දේ ලෝකයට ගෙනියන්න මම උත්සාහ කරනවා. ජීවිතය ජය
ගන්න ජනතාව උනන්දු කරවන්න අවශ්‍යයි. මට දැනිලා තියෙන විදිහට සමහර ටෙලි නාට්‍ය,
චිත්‍රපටවලින් මිනිසුන් නොමඟ යවනවා. ඔවුන් මිනිසුන්ගේ ජීවිත අලෙවි කරනවා. සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන එක හරි ලස්සනයි. නමුත් ඒ දේවල් සදාකාලික නැහැ. මම ගොඩක් ආදර්ශවත් චරිත සමඟ කතාබහක
යෙදිලා ඔවුන්ගේ අදහස් යොවුන් පරපුරට ලබා දෙන්න උත්සාහ කරනවා. යූ ටියුබ් චැනල් එකෙන් වගේම
සමාජයට උදවු කරන්න පුළුවන් වැඩපිළිවෙළ එන්ටර්ටේන්මන්ට් හරහා කරන්න බලාපොරොත්තු වෙනවා. 

අනර්කලී ලයිව් වෙනුවෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති?

ඔව්, ලැබෙන ප්‍රතිචාර ගොඩක් ඉහළයි. ගොඩක් අය එහි වැඩසටහන් බලනවා. මම කරපු වෙනස
ප්‍රේක්ෂකයන්ටත් තේරෙනවා. මට පුළුවන් දෙයක් පටන් අරගෙන කරගෙන යද්දී ‘ෂා මේක හරි වෙනස්.
අන්තර්ජාතික මට්ටමකට තිබෙන වැඩක්’ කියලා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට ඒ ගැන ගොඩක්
සතුටුයි. 

“ලංකාවට ආවට පස්සෙ නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණද?

ඔව්, චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. ලංකාවේ ඉන්න කාලෙ ඇතුළත ඒ චිත්‍රපටය
කරන්න හිටියේ. නමුත් චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගේ ප්‍රශ්නයක් වුණා. ඒ නිසා ඒ චිත්‍රපටය කරන්න
ලබන අවුරුද්දට කල් දැම්මා. 


ඉදිරියේදී ලංකාවේ සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණොත් අනර්කලී ඒ වෙනුවෙන් කාලය වෙන්
කරනවද?

අනිවාර්යයෙන්ම. නමුත් මට වෙනසක් කරන්න ඕන. ඉස්සර කරපු චරිතම නැතුව හොඳ වෙනස් කතාවක
අභියෝගයක් තිබෙන චිත්‍රපටවල රඟපාන්න මම ආසයි. 

අනර්කලී දිගටම ඇමෙරිකාවේ රැඳෙයිද? ලංකාවේ පදිංචියට එන එකක් නැද්ද?

අපිට කිසිම දෙයක් හරියට කියන්න බැහැ. ජීවිතය කියන්නෙ දිගට ගලාගෙන යන දෙයක්. මිනිස්සු හැටියට
අපි ඒ ජීවිතේ පාලනය කරන්න උත්සාහ කරනවා. නමුත් අපේ ජීවිතවල අපිට පාලනය කරන්න බැරි දේවල්
සිද්ධ වෙනවා. සමහර විට මම ලංකාවට ඇවිත් ජීවත්වෙන්නත් පුළුවන්. ඇමෙරිකාවේ ඉන්නත් පුළුවන්.
නැත්නම් වෙන රටකට යන්නත් පුළුවන්. කවුද දන්නෙ මොනවා වෙයිද කියලා. මම දවසින් දවස මුහුණ දීලා
තමයි වැඩ කරන්නෙ. 

ඇමෙරිකාවේ ඉන්නකොට ඔබ ලංකාවේ නිර්මාණ රසවිඳිනවාද?

වෙලාවේ වෙනසක් තිබෙන නිසා සජීවී වැඩසටහන් නම් බැලෙන්නෙම නැහැ. ගීත ගොඩක් අහනවා. මම
ආසම ගීත මගේ දුරකථනයට දාගෙන මම අහනවා. වෙලාවක් ලැබුණොත් ධදතඪදඥ වැඩසටහන් බලනවා.
චිත්‍රපට බලන්න නම් අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ලංකාවේ චිත්‍රපටයක් නොවෙයි. බොලිවුඩ්
චිත්‍රපටයක්වත් ළඟදී බලන්න බැරිවුණා. ඇමෙරිකාවේදී ඒ වගේ නිර්මාණයක් බලන්න කාලය හදාගන්න හරි
අමාරුයි.

අනර්කලී විවාහ ජීවිතයට අනුගතවෙලා ගතකරන ජීවිතය ගැනත් කතා කරමු?

විවාහ ජීවිතයත් හොදයි. ගොඩක් අය හිතනවා විවාහ වුණාම ඒක ලොකු වෙනසක් කියලා. විවාහයේදී
වෙඩින් එක තමයි වෙනසකට තියෙන්නෙ. විවාහය ජීවිතයේ කොටසක්. විවාහ වුණාට මම වෙනස්වෙලා
නැහැ. ආසියානු රටවල අය කෙනෙක් බැන්දම කියන්නෙ ‘ ආ... දැන් එයා බැඳලනෙ කියලා’. ඒක
හරියට කියන්නෙ දැන් එයාගෙ ජීවිතේ ඉවරයි වගේ. හැබැයි ඇමෙරිකාවේ අය එහෙම හිතන්නෙ නැහැ.
විවාහ වුණත් හැමෝම සාමාන්‍ය විදිහට තමන්ගෙ ජීවිත ගෙනියනවා. එහෙ කවුරුත් වයසට යන එක ගැන,
කෙනෙක් මහතයි කියන එක ගැන, කෙනෙක් කළුවෙලා කියන දේවල් කතා කරන්නෙ නැහැ. ඕනම තැනකට
ගිහින් පිළිගැනීමක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්. 

සල්ලි ගොඩක් තිබ්බත් ටිකක් තිබ්බත් ඒ රටේ හැමෝටම එක විදිහට සලකන්නෙ. ඒක මට සුවිශේෂී වුණා.
විවාහවෙලා කියලා කිසිම කෙනෙක්ට ඒ රටේ වෙනසක් නැහැ. තරුණ වුණත් වයස වුණත් කාන්තාවකට එකම විදිහකට සලකනවා. ආසියානු රටවල තමයි ඔයා බඳින්න ඉන්නෙ, ඔයා බැඳලනෙ ඉන්නෙ කියලා බෙදීම්
හදාගෙන තියෙන්නෙ. තමන්ගෙ ජීවිතේ ලස්සන කරගැනීම, නොකරගැනීම තියෙන්නෙ තමන්ගෙ අතේ. 

ලංකාවේ වගේම විදේශගතවත් අනර්කලී ජීවත්වෙලා තිබෙනවනේ. ඔබ වඩාත් කැමති මොනවගේ
සංස්කෘතියක් ඇතුළෙ ජීවත් වෙන්නද?

මගේ සංස්කෘතිය ඇතුළෙ ජීවත් වෙන්න තමයි මම කැමති. මම ලංකාවේ හිටියත් ඇමෙරිකාවේ හිටියත් මම
ජීවත්වෙන්න මගේ් විදිහක් හදාගන්නවා. මම ඒක ලංකාවෙදිත් ඔප්පුකරලා තියෙනවා. පොඩි පොඩි
අනර්කලීලා ලංකාවේ දැන් ගොඩක් ඉන්නවා. මම කවුරුත් වෙන්න හැදුවෙ නැහැ. නමුත් සමහරු මම වගේ
වෙන්න යනවා. මම හැමතිස්සෙම මගේ දේවල් නිර්මාණය කරපු කෙනෙක්. මගේ විලාසිතා, මම හිතන
විදිහ, මම ජීවත්වෙන විදිහ සියල්ල මගේ විදිහ. ඇමෙරිකාවේ වුණත් ගොඩක් වෙනස් රටක් නිසා ඒ රටට
මුහුණ දෙන්න මම කාලයක් ගත්තා. මම රැල්ලට යන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම හැමතිස්සෙම
බලන්නෙ මගෙ සතුට. මගේ පහසුව. ගොඩක් අය හරි අමාරුවෙන් වෙන අය වගේ වෙන්න හදනවා. ඒකෙන්
වැඩක් නැහැ.

තමන්ගෙ අනන්‍යතාව තමයි වැඩියෙන්ම වටින්නෙ. තමන්ගෙ අනන්‍යතාව, තමන්ගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න ඕන හැම වෙලාවකම. ඒ දේවල් නැති වුණොත් හැමදෙයක්ම ඒ කෙනාට නැති වෙනවා. 

තමන්ට ඕන විදිහට තමන් ජීවත් විය යුතුයි, කියලද ඔබ හිතන්නෙ?

ඔව්, හැබැයි එහෙම කිව්වට පන්සලකට ගිහින් තමන්ට කැමති විදිහකට ඉන්න ඕනේ කියලා මම කියන්නෙ
නැහැ. නමුත් තමුන් සඳහා කරන දෙයකදී තමන්ට අවශ්‍ය විදිහට නීති රීති අනුව කටයුතු කරන්න ඕන. අපි
දැනගන්න ඕන හැමදේම සමබර කරගෙන තමන්ගේ අනන්‍යතාව තියාගෙන, තමන්ගෙ සතුට තමන්ගෙ වගකීම ලෙස සලකලා ජීවත් වෙන්න. එහෙම වුණොත් හොඳයි.

ආයෙත් ළඟදිම ලංකාවට එනවාද?

 කතාකරගත්ත චිත්‍රපටයේ වැඩ පටන්ගත්තොත් ලබන අවුරුද්දෙ මුල වගේ ඒ චිත්‍රපටය කරන්න එනවා.

Wednesday, January 2, 2019

අනුෂා සොනාලි මහත්මියට නිවාස ඇමති සජිත් ප්‍රේමදාස විසින් නිවසක් ලබාදීම


කාලයක් සිංහල රිදී තිරයේ ප්‍රකටවූ සිනමා නිළි අනුෂා සොනාලි මහත්මියට නිවාස ඇමති සජිත් ප්‍රේමදාස විසින් නිවසක් ලබාදීම අද උදේ වරුවේ සිදු කිරීමට නියමිතය. මාංශපේශී ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් හේතුවෙන් මේ වන විට ආබාධිත තත්ත්වයේ පසුවන ඇය 
පිලිසරණ ඉල්ලා පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ ආයාචනාවන් කර තිබුණි.
සිනමා නිළියක ලෙස ජනප්‍රිය චිත්‍රපට කිහිපයකටම දායකවූ අනුෂා පසුව මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්වූ සහකරුවෙකු සමග සිටියදී අත්අඩංගුවට පත්ව දිගු කලක් සිරගතවද සිටියාය. ඇයට එක් පුතෙකුද සිටී.
සිරෙන් 


නිදහස්වූ පසුව නැවත විවිධ රංගන කාර්යයන්ට ඇය ඉදිරිපත් විය. පසුව ඒවායින්ද හෙම්බත්වී යහපත් ජීවිතයක් ගතකිරීමට උත්සාහ කළ ඇය වැවිලිකරුවෙකු සමග නැවත විවාහ දිවියටද ඇතුළුවූ නමුත් එම විවාහය අසාර්ථක විය.

අනතුරුව කුලී නිවාස වල තම මව හා පුතු සමග ඇය දිවි ගෙව්වාය. මාංශපේශී ක්‍රියාකාරීත්වයේ දුර්වලතාව ඇයට ඇගේ මවගෙන් උරුමවූ රෝගයක් බව පුවත්පත්වලට පවසා තිබේ. ඇගේ මව මෙන්ම ඇයද මෙම රෝගයෙන් දැන් පීඩාවෙන් සිටින අතර දෙදෙනාම අවාසනාවන්ත ලෙස රෝද පුටුවේ වැඩි කාලයක් ගත කරන්නට සිදුවන ජීවිතයකට උරුමකම් කියති.

සුළු රැකියාවක් කරන පුතුගේ පිහිටෙන් ඇය ජීවත්වන බවත් පිලිසරණ අවශ්‍ය බවත් පසුගිය කාලයේ පුවත්පත්වලට ඇය පවසා තිබුණි.
කෙසේ වෙතත් දැනට මෙරට ක්‍රියාත්මක සිනමා කලා සංවිධාන බොහොමයක් විවිධ දේශපාලන අරමුණු යුතු වූ නිසාදෝ ඇය ගැන බලන්නට උවමනාවක් වී නොතිබිණි.

මොරටුව, අඟුලාන ‘සයුරුපුර‘ නිවාස සංකීර්ණයෙන් රුපියල් මිලියන 03ක් පමණ වටිනා නිවසක් පරිත්‍යාග කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තීරණය කරන ලද අතර අද පෙරවරුවේ එම කටයුත්ත සිදුවනු ඇත.