Sunday, March 26, 2017

වයස 16ක තරුණියක් වයස 12 ට අඩු ලමයින්ට බේත් කරන ළමා රෝහලේ?

මහජන මුදල් රුපියල් කෝටි 9 කට අධික මුදලක් අපහරණය කරමින් රජයේ වාහන 40 ක් තම පවුලේ නෑදෑයන්ට සහ තම පක්ෂයේ හෙංචයියන්ට බෙදා නීත්‍යානුකූලව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නෛසර්ගික බොරු කාරයෙකු වන විමල් වීරවංශ ඇප ලබා ගැනීම සඳහා අධිකරණයද මුලා කිරීමට සිය දරුවන් විකුණමින් සිටී.

ඔහු 22 දා රිමාන්ඩ් බන්ධනාගාරයේ උපවාසයක් ආරම්භ කළ අතර එය පාදක කරගෙන ඔහුගේ නීතිඥයින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 24 වෙනිදා යලිත් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන ලදී. ඒ මහාධිකරණය විසින් ඔහුගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කර තිබියදී ඇප ලබා ගැනීමට නම් ඊට ඉහල අධිකරණය වන අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලන්නේ නැතිව යලිත් පහල අධිකරණයක් වෙත ඇප ඉල්ලමිනි. එයින්ද පෙන්නුම් කරන්නේ අගවිනිසුරුවරියක් ගෙදර යැවීමට නඩු ඇසූ වීරවංශගේ නීතිය පිළිබඳ ඇති අල්ප දැනුමයි.

කෙසේ වෙතත් 24 දා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා ඇත්තේ අපූරු කාරණයක් හේතු කරගෙනය. විමාෂා විශ්වාදරී වීරවංශ නමැති ඔහුගේ වයස අවුරුදු 16 ට ආසන්න දියණිය  පියාගේ උපවාසය නිසා කම්පනයෙන් ඇතිවූ උණ තත්වයකින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ නේවාසිකව “ප‍්‍රතිකාර“ ලබන බව පවසමින් මෙම ඇප අයදුම් පත‍්‍රය යොමු කර ඇත.

මෙහිදී සැලකිය යුතු ඉතාමත් වැදගත් ප්‍රශ්නය වන්නේ කොළඹ රිජ්වේ ආර්යා රෝහල හෙවත් ලංකාවේ තිබෙන එකම ළමා රෝහල ප්‍රතිකාර කරන්නේ වයස අවුරුදු 12 ට අඩු ළමයින්ට නමුත් වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට මාස 5 ක් පමණක් තිබෙන තරුණියකට ළමා රෝහලේ නේවාසිකව “ප්‍රතිකාර“ කරන්නේ කෙසේද? යන්නයි. 





ජීවිතයම බොරුවක් කරගත් වීරසංගිලි පනික්කියාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ  නමැති ‘හොර නාථා‘ තමන්ට ඇප ලබා ගැනීම සඳහා තම දරුවන් දෙදෙනාම ප්‍රථමයෙන් ඇතුළු කෙරෙව්වේ රාගම ශික්ෂණ රෝහලට ය. ඉන්පසු වයස අවුරුදු 20 ක් සම්පූර්ණ වීමට මාස 5 ක් ඇති පුත්‍රයා විභූති විශ්වජිත් රෝහලෙන් ඉවත් වූ අතර තරුණිය විමාෂා රිජ්වේ ආර්යා රෝහලට මාරු කළා යැයි කියති.

වීරවංශ කොළඹ පදිංචිව සිටින අතර දරුවන් සහ බිරිඳ පදිංචිව ඉන්නේ හෝකන්දර ‘ව්‍යාඝ්‍රා නිවසේ‘ ය. හෝකන්දර නිවසේ සිට ලඟම රෝහල ජයවර්ධන පුර රෝහල නමුත් මේ දරුවන්ට අසනීපයක් වී නම් ඉතාම ඈත පිහිටි රාගම රෝහලින් “ප්‍රතිකාර“ ගැනීමට රැගෙන ගියේ මන්ද? තමාගේ දරුවෙකුට විශේෂිත නොවූ, උණ වැනි අසනීපයක් වැළඳුනු විට ඈතම තිබෙන රෝහලකට රැගෙන යන මවක් හෝ පියෙක් වේ නම් ඔවුන්ට අංගොඩ මානසික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිය යුතුය.

මෙහි සත්‍ය නම් රුපියල් කෝටි 9 ක් තරම් විශාල මහජන මුදලක් වංචා කළ පුද්ගලයෙකු ලේසියෙන් ඇප මත නිදහස් නොකරන බැවින් තක්කඩි කමින් ඇප ලබා ගැනීමට අධිකරණය මුලා කිරීම සඳහා කරන ලද සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවයි. ඒ සඳහා තමන්ට හිතවත් ජොස්තරලා සිටින රෝහල් සොය සොයා ගොස් මේ දරුවන්ට “ප්‍රතිකාර“ ගැනීමට කරන ලද වෑයමයි.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය 

No comments:

Post a Comment