Wednesday, February 4, 2015

මහින්දගෙන් පක්ෂයක් - විමල් සමග (අද කාටුන්)



















සරාගී දර්ශන ඇතුළත් ආන්දෝලනාත්මක කාමුක පටයක්!



කලක් තිස්සේ සුන්දර පේ‍්‍රම කතාවනට මුල් තැන දුන් බොලිවුඩය දැන් ක‍්‍රියාදාම චිත‍්‍රපටවලට ද, අමනුෂ්‍ය බලවේග පිළිබඳ කියැවෙන සංත‍්‍රාසමය චිත‍්‍රපටවලට ද තම සිනමාවේ ඉඩකඩ වෙන් කර ගනිමින් සිටියි. හොලිවුඞ් සංත‍්‍රාසමය සිනමා පටවලට මෙන්ම බොලිවුඞ් සංත‍්‍රාසමය සිනමා පටවලට ද ලොව පුරා පේ‍්‍රක්ෂක ආකර්ෂණය ලැබෙමින් තිබේ.

එහෙයින් දැන් එම වර්ගයේ හින්දි චිත‍්‍රපට වැඩි වැඩියෙන් නිපැයෙන අතර පසුගියදා තිරගත වීම ඇරඹූ ‘අලෝන්’ චිත‍්‍රපටය ද සංත‍්‍රාසමය සිනමාපට ගොන්නට එක්වන්නකි. එය එනමින්ම යුත් තායිලන්ත චිත‍්‍රපටයක් ඇසුරෙන් නිර්මාණය වූවකි.

චිත‍්‍රපටය ඇරඹෙන්නේ ඉන්දියාවේ කේරල ප‍්‍රදේශය වැසිකුණාටු සහිත රාත‍්‍රියකිනි. විශාල ගසක අත්තක් නිවෙසක වහලක් මතට කඩා වැටෙන අතර ඒ සමගම අඳුරු බලවේගයක් ද නිදහස ලබයි. එම නිවෙසේ සිටින ස්ත‍්‍රිය සිහිවිසඥව රෝහලකට ඇතුළු කරනු ලබයි. ඇගේ දියණිය සන්ජානා ඒ වන විට වෙනත් නගරයක සිටින්නේ සිය සැමියා කබීර් සමගිනි.
 
තම මව මුහුණ පෑ අනතුර ගැන දැනගත් වහා සන්ජානා කේරලයට පැමිණෙයි. එසේ පැමිණි වහා ඇයට දැනෙන්නේ තමාගේ මියගිය නිවුන් සොහොයුරිය අන්ජානා තමාට යම් යම් බලපෑම් කරන බවකි. සන්ජානා ගේ සැමියා කබීර් එය පිළිගන්නේ නැත.
 
මහාචාර්යවරයකු සන්ජානා මෝහනයට පත්කළ විට අනාවරණය වන්නේ නිවුන් සොයුරියක ලෙස සිරුරින් බැඳී සිටින අන්ජානා කබීර්ට වෛර කරන බවයි. සන්ජානා හා අන්ජානා කයින් බද්ධ වී සිටි නිවුන් සොයුරියන් වන අතර සන්ජානාට අන්ජානා ගෙන් වෙන්වීමට අවශ්‍යව තිබුණේ කබීර් නිසාය. අන්ජානා මිය ගොස් ඇත්තේ නිවුන් හා බද්ධ වී සිටි සොයුරින් එකිනෙකාගෙන් වෙන් කිරීම සඳහා කළ ශල්‍ය කර්මයේදී බව ලෝකයට පැවසී ඇති හේතුවයි.

එහෙත් යාතු කර්මයකදී අනාවරණය වන්නේ කබීර් පිළිබඳ ඇති වූ ගැටුමකදී සන්ජානාගේ පහරදීම නිසා අන්ජානා මියගොස් ඇති බවය.
තවදුරටත් යාතු කර්ම කෙරෙද්දී අනාවරණය වන්නේ කබීර් සමග සන්ජානා ලෙස වෙසෙන්නේ අන්ජානා බවය. සන්ජානා මරා දමා ඇය ලෙස අන්ජානා පෙනී සිටින්නේ කබීර්ට ඇති ආදරය නිසා බවද හෙළිවෙයි. එම රහස හෙළිවීමත් සමග කබීර් තීරණය කරන්නේ අන්ජානාගෙන් වෙන් වන්නටය.
 
පේ‍්‍රමයත් වෛරයත් අතර වෙනස කෙස් ගසකට සම බව සනාථ කරමින් අන්ජානා කබීර් මරා දමන්නට උත්සාහ දරන අතර එය වළකන්නේ සන්ජානාගේ ආත්මයයි. එම උත්සාහය අග අන්ජානා ලබන ශෝචනීය ඉරණම කුමක්ද? එක් හදවතකට පෙම් කළ නිවුන් සොයුරියන්ගේ අවසානය තීන්දු වන්නේ කොයි ආකාරයෙන් ද?

සන්ජානා සහ අන්ජානා යන නිවුන් සොයුරියන් ලෙස ජනප‍්‍රිය නිළි බිපාෂා බාසු රගන අතර කබීර්ගේ චරිතයට පණ පොවන්නේ කරන් සිං ග්‍රෝවර්ය. ‘අලෝන්’ භූෂන් පටෙල් ගේ අධ්‍යක්ෂණයකි.

ප‍්‍රදර්ශනය ඇරඹූ පළමු දින තුන ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 14 ක ආදායමක් උපයා ගන්නට ‘අලෝන්’ සමත් විය. ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත ‘අලෝන්’ පිළිබඳ කළ විචාරයේදී බිපාෂා බාසුගේ රගපෑම් ඉතා ඉහළ මට්ටමක පවතින බව සඳහන් කර තිබේ. සයිබල් චැටර්පි නමැති විචාරකයා පවසා තිබුණේ සංත‍්‍රාසය සමග චිත‍්‍රපටයට අනවශ්‍ය ලිංගික ජවනිකා බලෙන් මෙන් ඔබ්බවා ඇති බවය.

‘දි ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පතට විචාරයක් ලියන සුභාරා ගුප්තා නම් පවසන්නේ සංත‍්‍රාසමය චිත‍්‍රපටයක් ලෙස හැඳින්වුවද එහි එතරම් බිය උපදවන දර්ශන නම් අඩංගු නැත කියාය.



තිස්ස අත්තනායක රඳවා සිටි වාට්ටුවේ ගින්නක්!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ ප්‍රේමලාල් ජයසේකර රඳවා සිටින කොළඹ බන්ධනාගාර රෝහ‍ලේ වාට්ටු අංක තුනේ සවිකර තිබූ විදුලි පුවරුව (ස්විච් බෝඩ්) ඊයේ (03) අලුයම පුපුරා ගොස් සුළු ගින්නක් හටගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාර රෝහ‍ලේ සවිකර ඇති අධිබලැති වායු සමීකරණයක් හේතුවෙන් ඊට ඔරොත්තු නොදෙන විදුලි ධාරිතාවක් වැයවීම හේතුවෙන් මෙම විදුලි කාන්දුවට අදාළ පුවරුව මෙසේ පුපුරා ගොස් ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (03) අලුයම 1.00ට පමණ ඇති වූ මෙම ගින්න සේවා මුර නිමා කර යෑමට සූදානම් වූ බන්ධනාගාර නිලධාරීන් විසින් ජලය දමා නිවා දමා ඇත. 


මෙම ගිනි ගැනීමෙන් අදාළ විදුලි පුවරුව සම්පූර්ණයෙන්ම අළු වී විනාශ වී ගොස් ඇති බවත් යම් හෙයකින් මෙය විශාල ගින්නක් බවට පරිවර්තනය වූයේ නම් අදාළ බන්ධනාගාර නිලධාරීන් සතුව ගිනිනිවීමේ උපකරණ කිසිවක් නොතිබූ බවත් බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

වසර ගණනක් පැරණි බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලට ඔරොත්තු නොදෙන තරම් අධි බලැති වායු සමීකරණ යන්ත්‍රයක් සවි කිරීම තුළින් මෙම සිද්ධිය ඇතිවී තිබේ.

මෙම ගින්නත් සමග එම වාට්ටුවේම රඳවා සිටි රැඳවියන් ඉන් පිටතට යාමට පවා උත්සුක වී ඇත.

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා රඳවනු ලැබූ දිනයේම වාට්ටුව තුළ ගින්නක් ඇතිවී එය විශාල වූයේ නම් එය කුමන්ත්‍රණකාරී තත්ත්වයක් ලෙස පිටතට වාර්තා වීමට ඉඩ තිබූ බව උසස් බන්ධනාගාර නිලධාරීන් අතර කතාබහක් පැතිර ගිය බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

මෙම වාට්ටුවේම ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාද රඳවා සිටී. ඊයේ (3) සවස වන විටත් මෙම විදුලි යතුරු පුවරුව යළිත් සකස් කර නොමැති බවත් මේ හේතුවෙන් බන්ධනාගාර රෝහ‍ලේ බෙහෙත් ගබඩාවේ ශීතකරණයේ තබා ගත යුතු බෙහෙත්වල තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (3) සවස අප බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්‍ලේගම මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කිසිදු නිලධාරියකු තමන් දැනුම්වත් කර නොමැති බවයි. බන්ධනාගාර රෝහ‍ලේ රජයේ කාර්යභාර වෛද්‍ය නිලධාරීන් රැසක් සේවය කරන බවත් ඔවුන් හෝ වෙනයම් නිලධාරියකු හෝ මේ සිද්ධිය පිළිබඳ මතෛක් තමන් දැනුම්වත් නොකළ බවත් මේ සම්බන්ධයෙන් සොයා බලන බවත් පැවසීය.

ISIS ත්‍රස්තවාදීන් තවත් ප්‍රාණ අපකරුවෙක් අමු අමුවේ ගිනි තබා ඝාතනය කරලා


අයි.එස් සටන්කාමීන් ප‍්‍රාණ ඇපයට ගෙන සිටි ජොර්දාන ගුවන් නියමුවා ද පුළුස්සා ඝාතනය කර තිබෙනවා. මෙම ගුවන් නියමුවා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද අයි.එස් සටන්කාමීන් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

26 හැවිරිදි මෙම ජොර්දාන ගුවන් නියමුවා අයි.එස් සටන්කාමීන්ගේ අත්අඩංගුවට පත්වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි.

මෙම ඝාතනය ජොර්දාන රජය දැඩි ලෙස හෙලා දැක ඇති අතර ඊට නුදුරේදීම ප‍්‍රතිචාර දක්වන බවයි ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ. 
අයි. එස් සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ සිටි ජපාන ජාතිකයන් දෙදෙනෙකු ද මීට පෙර ඝාතනයට ලක්වුණා.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපති බැරැුක් ඔබාමා ද මෙම ඝාතනය හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Monday, February 2, 2015

හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක අත්අඩංගුවට

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලන සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට  ගත් බව පොලීසිය පවසයි.
BREAKING: හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක අත්අඩංගුවට (AUDIO)
Add caption
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණ සමයේ ව්‍යාජ ලියකියවිලි මාධ්‍යයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව ය.
ජනාධිපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස කිරීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම තිස්ස අත්තනායක මහතාට එල්ල වී ඇති චෝදනා වේ.
මේ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් තිස්ස අත්තනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Sunday, February 1, 2015

Exclusive- ධම්මික හා රවී කැසිනෝ සූදු පොළවල් වසා දමයි


නව රජයේ අතුරු අයවැය මගින් කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් එක් කැසිනෝ බලපත්‍රයක් සඳහා රුපියල් මිලියන 1000 ක විශේෂ බද්දක් අය කිරීමට තීරණය කිරීම හමුවේ මෙරට කැසිනෝ ව්‍යාපාරික කටයුතු කරන ධම්මික පෙරේරා සහ රවී විජේරත්න යන ව්‍යාපාරිකයින් සිය කැසිනෝ සූදු පොළවල් කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.
මේ අනුව, කැසිනෝ බලපත්‍ර තුනක් හිමි ධම්මික පෙරේරා මහතා තමන්ගේ කැසිනෝ සූදු පොළවල් දෙකක් වසා දැමීමට තීරණය කර තිබෙන අතර ඉදිරියටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන්නේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ දැනට පවත්වාගෙන යන කැසිනෝ සූදූ පොළ පමණි.
මේ අතර, අප වෙත අනාවරණය වන්නේ රවී විජේර්ත්න මහතා තමන්ට හිමි කැසිනෝ සූදු පොළවල් දෙකින් එකක් වසා දැමීමට සූදානමින් සිටින බවයි.
මෙවර අයවැය මගින් කැසිනෝ ව්‍යාපාරිකයින් සඳහා එක් කැසිනෝ බලපත්‍රයක් වෙනුවෙන් හඳුන්වා දුන් රුපියල් මිලියන 1000 ක විශේෂ බද්ද අප්‍රේල් 15 වනදාට පෙර ගෙවිය යුතු අතර ඒ තුළින් රජය රුපියල් බිලියන 05 ක ආදායමක් බලාපොරොත්තු වේ.
මේ අතර, වත්මන් රජය කැසිනෝ ව්‍යාපාරික කටයුතු වලට වැට බැඳීම හමුවේ ජේම්ස් පැකර්ද සිය කැසිනෝ ව්‍යාපාරික කටයුතු සහිත සිය හෝටල් ව්‍යාපෘතිය නතර කරන ලදී.
අනාවරණය වන ආකාරයට ධම්මික පෙරේරාගේ කැසිනෝ ව්‍යාපාරවල සේවකයින් 1964 දෙනෙකු පමණ සිටී.

යහපාලන ආණ්ඩුව පුපුරයි - අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සිංගප්පූරුවට


ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා දැනට සුළු මොහොතකට ප්‍රථම ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 308 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුවට පිටව ගොස් ඇත. 

ඒ තම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

අමාත්‍යාංශය වලට අයත් විෂය පතය ගැසට් කිරීමේදී තමාගේ අමාත්‍යාංශයට අයත් විෂය පතයෙන් කොටසක් අරජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට එකතු කර ගැසට් කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව වාර්තා වන නමුත් මෙම අස්වීම සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපා මහතා පවසා ඇත්තේ නීතීඥවරයෙකු ලෙස පූර්ණකාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බැවින් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

සනත්ගේ ලැජ්ජා නැති වැඩ සංගා හෙළි කරයි!


2013 වසරේදී පැවැති චැම්පියන්ස් ලීග තරගාවලිය හා තමන් අතර ඇතිවූ සිද්ධියට අදාළව කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් හා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද ‍ඇතුළුව සියල්ලන්ම තමන්ව පීඩනයට ලක්කිරීමටත්, ජනතාව අතර තමන්ට ඇති ප්‍රසාදය නැති කිරීමට කටයුතු කළ බවත්, එය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් නැවත වරක් සංගා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් අතර විද්‍යුත් තැපැල් මාර්ගයෙන් දැඩි සංවාදයක් පවත්වා තිබෙන අතර, එහිදී සංගා මෙම අදහස් දක්වා තිබේ.

2013 වසරේදී පැවැති චැම්පියන්ස් ලීග පන්දුවාර විස්සයි 20 තරගාවලියේදී සිය ඉන්දියානු ප්‍රිමියර් ලීග තරගාවලියේ කණ්ඩායම වන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ලබාදුන් ලිපිය තමන්ට නොලැබුණ බවත්, එම ලිපිය ලැබුණු අයෙක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියා තමන්ට එම ලිපිය යොමු නොකළ බවත් කුමාර් සංගක්කාර සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ ලිපිය තමන්ට ඉතාමත් ඉක්මනින්ම යොමු කරන ලෙසට එම නිලධාරියාගෙන් සංගක්කාර විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් ඉල්ලා තිබේ. දෙසැම්බර් 15දා ආරම්භ වන මෙම විද්‍යුත් තැපැල් සංවාදය ජනවාරි 21දා තෙක්ම දිවයන අතර, ඒ සඳහා කුමාර් සංගක්කාර හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිළධාරීන් කිහිපදෙනෙක් අතර සිදුව තිබෙන බව අනාවරණය වෙයි.

කෙසේ වෙතත් ජනවාරි මස 21දා තෙක්ම සංගාගේ ඉල්ලීම ඉටුකිරීමට එම නිලධාරියා කටයුතු කර නැති අතර අවසන් වරට ඔහු සංගාට පවසා තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අදාළ ලිපිය තමන්ට යොමුකරන ලෙස සඳහන් කළහොත් තමන්ට එම ලිපිය එවිය හැකි බවය.
 
කුමාර් සංගක්කාර තමන්ට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ඉහළ නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් අදහස් විමසන අතර ඔහු සඳහන් කරන්නේ ක්‍රීඩකයන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දීමට තමන්ට අවසරයක් නොමැති බවත්, කුමාර් සංගක්කාරට එවැනි ගැටලුවක් පවතීනම් මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සම්බන්ධකර ගත යුතු බවත්ය.

ප්‍රධාන විධායක නිලධාරිවරයාට ලිපියක් යොමුකරන ඉහළ නිලධාරියා සඳහන් කරන්නේ අදාළ ලිපිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාරට තොරතුරු ලැබුණ ආකාරය හෙළිදරව් කළ යුතු බවයි.

නැවත වරක් ලිපියක් මගින් සංගා, එම නිලධාරියාගෙන් විමසා තිබෙන්නේ තමන් අසන්නේ ඉතාමත් සරල ප්‍රශ්නයක් බවත් ජාතික තේරීම් කමිටුව නිකුත් කළ ලිපිය තමන්ට නොඑවූයේ මන්ද යන්න බවයි.

එසේම අදාළ ලිපිය යොමු කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව තහවුරු කළ බවත් සංගා සඳහන් කරයි. මේ සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් නොකරන්නේ නම් තමන් නීති මගින් හා කාර්යාලයීය මට්ටමින් කටයුතු කරන බවත් සංගා සඳහන් කර තිබේ.

එම නිලධාරියා නැවත වරක් සංගාට ලිපියක් යොමුකරමින් පවසන්නේ තමන්ට ලිපියක් යොමු කළ බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කරන්නේ නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවයි.

එයට පිළිතුරු යොමුකරන සංගා සඳහන් කර තිබෙන්නේ, “මේ කරුණ ඔබ තව කෙනෙකුට යොමු කරන්නේ ඇයි ? මම අහන්නෙ ඉතාමත් පහසු ප්‍රශ්නයක්. ඒ තමයි මාව අයි.පී.එල්. කණ්ඩායමට නිදහස් කිරීමට අදාළ ලිපිය ඔබට ලැබුණාද?” යැයි යනුවෙනි.

එසේම 2014 වසරේ පැවැති තරගාවලියේදී ලසිත් මාලිංගට එම අයි.පී.එල්. කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නිදහස ලැබුණ බවත්, ඒ සඳහා අවසරය ඔහුගේ අතටම ලැබුණ බවත් සංගා පෙන්වාදී තිබේ. එසේම තමන් ගැන සඳහන් ලිපියක් නොලැබීමට හේතුව තමන්ට දැන ගත යුතු බවත් කාල්ටන් මහතා යමක් සැඟවීමට යන බවත් සංගා විමසා තිබේ.

තවත් ලිපියකින් කාල්ටන් මහතාට යොමු කරන සංගා පවසන්නේ තමන්ට තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව කල්ගෙන තිබෙන බවත් ඒ හරහා ගැටලුව තවත් උත්සන්න කරන බවයි.

එසේම මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිශාන්ත රණතුංග මහතා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවත් එසේ වුවත් චැම්පියන්ස් ලීගයට ක්‍රීඩා කළ අනෙකුත් ක්‍රීඩකයන් සඳහා එවැනි මාධ්‍ය සාකච්ඡා නොපැවැත්වූ බවත් සංගා පෙන්වාදී තිබේ.

නිශාන්ත රණතුංග හා සනත් ජයසූරිය යන මහත්වරුන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා තමන්ට පීඩනයක් එල්ල කළ බවත් සංගා එහිදී සඳහන් කර තිබේ. එසේම තමන්ට සල්ලි හා රට යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස ඔවුන් මාධ්‍ය හමුවේ සඳහන් කළ බවත් සංගා පවසා තිබේ.

නමුත් මෙවැනි පීඩනයක් අනෙකුත් ක්‍රීඩකයන්ට යොමු නොකළේ මන්ද යනුවෙනුත් සංගා විමසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් හා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද ඇතුළුව සියල්ලන්ම හිතාමතාම තමන්ව පීඩනයට ලක්කිරීමටත්, ජනතාව අතර තමන්ට ඇති ප්‍රසාදය නැති කිරීමට කටයුතු කළ බවත් සඳහන් කර තිබෙන සංගා, එය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් පවසා තිබේ. එසේම මෙය දුෂ්ට ක්‍රියාවක් බවත් අදාළ පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ සලකා බැලීමේදී එවැනි දෙයක් සිදුනොවේ යැයි බලාපොරොත්තු විය නොහැකි බවත් සංගා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

විනු "කුසල් ජනිත්" එක්ක පැටලිලා

ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරා තම පෙම්වතා බව පැතිර යන කට කතා අසත්‍ය බව රංගන ශිල්පිනි විනු උදාරි සිරිවර්ධන පවසනවා. ඇය මේ බව පවසා තිබුනේ සති අන්ත පුවත් පතකට අදහස් දක්වමින්.

විනුට ආදරේ දැනිලා තියෙනවා ?
ඔව් , දැනිලා තියෙනවා.

ආදරේ මොන වගේද?
හැමෝටම අවශ්‍ය, විදින්න තියන දෙයක්.

මුලින්ම ආදරය දැනෙනකොට වයස කියද ?
අවුරුදු 22 ක් විතර

පාසල් පේ‍්‍රමය ගැන අත්දැකීම් නැද්ද?
පේ‍්‍රම යෝජනා අවැහැ පාසල් පේ‍්‍රමයක් තිබුනේ නැහැ.

පාසල් පේ‍්‍රමය විනය විරෝධියි කියන එක සාධාරණද?
සාධාරණයි. පාසල් කලේ දෙමාපියන්ගේ ආදරේ විතරක් ඇති.

විනුගේ ප‍්‍රමුකතා ලැයිස්තුවේ ආදරයට ලැබෙන්නේ කීවෙනි තැනද ?
අංක එක.


පෙම්පත් කියක් ලියලා තියෙනවද?
පේ‍්‍රක්ෂකයන්ගෙන් පෙම්පත් ලැබිලා තියනවා. එත් මන් ලියුම් ලියලා නැහැ.

ආදරේ අන්ධයි කියන්නේ ඇත්තද?
එක වෙලාවකට එහෙම අවස්ථා ඇති.
 
ඇත්තටම ආදරේදී බොළඳ වෙන්න  ඕනිද?
නැහැ. ආදරේ කරන්න  ඕනි හොද අවබෝධයක්.

ආදරය අත්කර ගැනීමක්ද? පරිත්‍යගයක්ද ?
ආදරේ අත්විදින්න  ඕනි දෙයක්. එක අතකට පරිත්‍යාගයක්.

ආදරය වෙනුවෙන් ආදරයම පරිත්‍යාග කරන්න වුනොත් කරනවාද?
ආදරය වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ.

එක පාර්ශ්වික ආදරයට පැවතීමක් තියෙන්න පුලූවන්ද?
කොහොමටවත්ම බැහැ. තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ.

ප‍්‍රථම පේ‍්‍රමය ජීවිතේටම අමතක කරන්න බැහැ කියන්නේ ඇත්තද?
අනිවාර්යෙන්ම. එක ජීවිතේට විශේෂ මතකයක්.

පේ‍්‍රම කිරීම විවාහය වෙනුවෙන් කරන අත්හදා බැලීමක් කිවොත් නිවැරදිද?

නිවැරදි. සාර්ථක විවාහයක් දක්වා යන්නේ සාර්ථක පේ‍්‍රමයක්.

ජීවිතේ රස විඳපු සුන්දරම පේ‍්‍රම ගීතය මොකක්ද?

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.

පේ‍්‍රමය පිලිබඳ ඔබ වඩාත් ප‍්‍රිය කරන කලා නිර්මාණය මොකක්ද?

කුසපබා චිත‍්‍රපටය.

කලා ලෝකයේ ඔබ වඩාත්ම ප‍්‍රිය කරන පෙම් යුවල කවුද?

ටයිටැනික් චිත‍්‍රපටයේ ජැක් - රෝස්
 
 
අදරයේදී කීවරක් පැරදිලා තියනවද?

මම පැරදිලා නැහැ.

විරහ වේදනාව දනිලාම නැද්ද ?

විරහ වේදනාව දැනිලා තියනවා. එත් එක පැරදුනු නිසා නෙවෙයි.

විරහව කියන්නෙත් සුන්දර වේදනාවක් කියන්නේ ඇත්තද?

ඔව් එක සුන්දරව භාරගන්න පුලූවන්ම් වටිනවා.

ආදරය සාර්ථක වෙන්න වඩාත් වැදගත් ගැලපිමක්ද ? නොගැලපීම් නොතකා හැරීමක්ද ?

ගැලපීම සහ නොගැලපීම නිවැරදි කර ගැනීම.

කැමරාව ඉදිරියේ පේ‍්‍රම කරද්දීත් ඇත්තටම ආදරේ දැනෙනවාද?

පුද්ගලයාට නෙවෙයි. චරිතයට ආදරය කිරීමත් වෙනවා.

ඇත්ත ආදරය ඉදිරියේදී රගපාලා තියනවද?

නැහැ. ඇත්ත ජීවිතය ඇතුලේ රගපාන්න බැහැ.


විනු ආදරය කරන්න තෝරාගන්නේ නළුවෙක්ද? ගයකයෙක්ද? ක‍්‍රීඩකයෙක්ද ?

ඒ අංශ තුනේම නොවෙනත් පුළුවන්.

විනුගේ පෙම්වතා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරා කියල කියන කතාව ඇත්තද?

නෑ. එහෙම කතාවක්වත් නෑ. කවුද කියන්නේ ? එක තේරුමක් නැති ප‍්‍රශ්නයක්.

ජවිපෙ වසන්ත සමරසිංහට එරෙහිව ඇමති චම්පික නඩු මගට!

දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා කර ඇති ප‍්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.

එසේම විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිඳු පියවරක් ගෙන නැති බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කෙසේ වෙතත් හිටපු සාමාන්‍යාධිකාරීවරයා විසින් අත්තනෝමතිකවඉංජිනේරු ප‍්‍රජාවගේ පමණක් වැටුප් වැඩිකර ගැනීමට වැඩපිළිවෙළක් අභ්‍යන්තරව ක‍්‍රියාත්මක කර තිබෙන බවත් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර තමන් වෙත වාර්තා වී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. 

එසේම මීට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය යටතේ ජවිපෙ ක‍්‍රියාකාරීන් තමන්ගේ සියලූ අවශ්‍යතා ඉටුකර ගනිමින් නිද්‍රාශීලීව පසුවීම සම්බන්ධයෙන් පුදුමයට පත් නොවන බවත්, තමන් විදුලිබල ඇමතිවරයාව සිටි සමයේදී ජවිපෙ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමීප අත්දැකීම් පවතින බවත් ඇමති චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

අපි අපේ මධුසමයත් කැප කළා - සාරංග/උමාලි

මධුසමය කැප කරලා තමන් සේවය කරන පුවත්පතට ලිපි ලියපු මාධ්‍යවේදී මිතුරො මගේ මිතුරන් අතර ඉන්නවා. 

යුද ගිනි දැල් හතර වටින් ඇවිළෙද්දි මධුසමය විතරක් නෙවෙයි දෙවැනි ගමනත් කැප කරල යුද පිටියට ගිහින් ගිනි අවිය තුරුලූ කරගත් රණවිරුවො ගැන මම අහලා තියෙනවා. ඒත් තමන්ගේ මධුසමය කැප කරලා ෂූටින් ගිය නළු නිළියො ගැන නම් මම අහලවත්, මට හමුවෙලාවත් තිබුණෙ නැහැ.

ඒත් එහෙම ජෝඩුවක් හමුවුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි පසුගිය අවුරුද්දෙ මාර්තු 14 විවාහ වුණු සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න. මේ දිනවල තිරගත වන දුටුගැමුණු චිත‍්‍රපටයේ සද්ධාතිස්ස කුමාරයා සහ එළාර දියණි සාරධාට පණපොවන මේ යුවළ විවාහයට දිනයකට පෙරත් මධුසමයේදී දවස් එකහමාරකුත් ෂූටින් වෙනුවෙන් වෙන් කරලා.
චිත‍්‍රපටය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ලස්සනම දවස් කැප කරපු නව යුවතිපතීන්ට අධ්‍යක්‍ෂ ජයන්තත්, ජැක්සන් ඇතුළු නළු නිළියොත් රූගත කිරීම් අවසානයේ වරිග සභාවක් පවත්වලා තෑගි බෝග දීලා තමන්ගේ ආදරය අඩුවක් නැතිව පුද කරලා.

ඔබේ වීරයා අතින් තාත්තා ඝාතනය වුණ වෙලාවේ මොකද හිතුණෙ සාරදා?

මගේ තාත්තා හැමදාටම මට ශ්‍රේෂ්ඨයි. ඔහු බියගුල්ලෙක් නෙවෙයි. අවසන් මොහොත දක්වාම ඔහු සටන් කළා. ඔහු ඒ අභියෝගයට එඩිතරව මුහුණ දුන්නා. මගේ තාත්තා ගැන මම හැමදාමත් ආඩම්බරයි. ඒ වගේ ගාමිණී අභයත් හැමදාම මට වීරයෙක්.
 
සාරධා ආදරය කරන්නේ නොදුටු හීන කුමාරයෙක්ට. ඒත් කවදාවත් ඒ ආදරයට සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ නැහැ?

සාරධා ගාමිණී අභයට ආදරය කරන්නේ රාගික හැගීමකින් නෙවෙයි. ඇයට ඔහු ගැන තියෙන්නේ වීරත්වයක්. භක්තියක්.

සද්ධාතිස්ස, බාහිර බලවේගවලට හිස නවලා එක කුස උපන් අයියට විරුද්ධවත් අවි එසවූවා නේද?

ඇත්ත. බාහිර බලවේග නිසා සද්ධාතිස්සගේ හිත දෝලනය වුණා. වෙනස් වීම් වෙන්නේ ඒ නිසා. නමුත් ඔහු සහෝදරයාට ආදරය නොකරපු සහෝදරයෙක් නෙවෙයි. ඒ විතරක්
නෙවෙයි මවට දැඩි ලෙස ආදරය කරන පුතෙක්.

සද්ධාතිස්සට ලැබෙන ප‍්‍රතිචාර හොඳද සාරංග?

තාම තිරගත වීම ආරම්භ වුණා විතරනේ. ඒත් බලපු අයගෙන් නරක ප‍්‍රතිචාරයක් නම් ලැබුණෙ නෑ.

එතකොට සාරධා වුණ උමාලිට?

කාලෙකට පස්සේ මම සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණේ. ජයන්ත චන්ද‍්‍රසිරි කියන ප‍්‍රවීණ සිනමාකරුවාගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන සතුටුයි. සාරධාටත් හොඳ ප‍්‍රතිචාර තියෙනවා.

දුටුගැමුණු ‍දොරට වඩිනකොට උමාලි අසනීපෙන් කියන්නේ ඇත්තද?

ඔව්... තාමත් සුව වෙමින් ඉන්නේ... පුංචි නිවාඩුවකට ලංකාවට ඇවිත් ආපහු යන්න හදනකොටම මට ඩෙංගු හැදුණා. රෝහල්ගත වෙලාත් හිටියා.

ඔය විවාහ වුණාට පස්සේ අසනීපයක් වුණාමනේ. කොහොමද සැමියාගේ ආදර සත්කාර?
 
ෂූටින් යන්නෙ නැතුවත් මං ළගට වෙලා හිටියා. රෝහලේ ඉඳිද්දි විතරක් නෙවෙයි ගෙදර ආවට පස්සෙත් අයියයි, අම්මායි දෙන්නම මාව හොඳින් බලාගත්තා.

ඔන්න සාරංග බිරියගෙන් ලකුණු ගොඩාක් ලැබුණා?

උමාලි යන්න හිටපු නිසා මම ෂූටින්වලට දින දීලයි තිබුණේ. ඒත් උමාලි හදිසියේම අසනීප වුණු නිසා ගියේ නැහැනේ. ෂූටින්වලට දින දුන්නට පස්සේ වෙනස් කරන්නත් බෑ. ඒත් මේ දවස්වල මම වැඩ කරන නාට්‍ය දෙකේම සහාය අධ්‍යක්ෂවරුන්ගෙන් හොඳ සහායක් ලැබුණා.

උමාලි ආපහු ජපානෙට යන්නෙ කවදාද?

මේ වෙනකොටත් මම ලංකාවෙ නැහැ. මොකද මගේ අධ්‍යාපන කටයුතුවල අවසාන වසරේ අවසන් අදියරේයි මම ඉන්නේ. මට කලින් සාරංග ඇමෙරිකාවට යනවා.

ඒ ඇයි සාරංග?

රිදී රැුයක් ප‍්‍රසංගයත් එක්ක අපි ඇමෙරිකාවට යන්නෙ. එහෙදී ප‍්‍රසංග තුනක් පවත්වන්න සූදානමක් තියෙනවා.

රිදී රැුයක් ප‍්‍රසංගයට සහභාගි වුණු හැමෝම යනවාද?

නෑ... විදෙස් ප‍්‍රසංගයක් නිසා හැමෝටම යන්න බෑනේ... ප‍්‍රවීණයෝ බොහෝ දෙනකුයි අලූත් පරපුරෙන් මමයි, රොෂාන් රණවනයි, උපේක්ෂායි සහභාගි වෙනවා.

ඒ කියන්නේ මේ සැරේ උපන් දිනය සමරන්න සාරංග ලංකාවේ නැහැ?

ඒකනේ... උපන් දිනය දවසේ ඇමෙරිකාවේ...

විවාහා වුණාට පස්සේ සමරන සාරංගගේ පළමුවැනි උපන් දිනය. ඒත් දෙන්නා දෙතැනක?

සාරංගව ිමරචරසිැ කරන්න මමත් ජපානේ ඉඳන් ඇමෙරිකාවට යන්න හිටියේ. ඒත් අසනීප වුණානේ. ඒ නිසා සැලසුම් කරපු දේ වතුරේ ගියා. බලමු මගේ වගේම සාරංගගේ යාළුවොත් ඇමෙරිකාවෙ ඉන්න නිසා මොනවා හරිම කරන්න බැරි වෙන එකක් නෑ.

පසුගිය අවුරුද්දේ කලා ක්‍ෂේත‍්‍රයේ හිතවතුන් උපන් දින උදාවත් එක්කම මහ ? 12.00ට සාරංගගේ ගෙදරට ඇවිත් එයාව ිමරචරසිැ කළා. එතකොට උමාලි ලංකාවෙ හිටියේ නැහැ?

ඔව්... අඩුතරමෙ එයාල මටවත් ඒ ගැන කිව්වේ නෑ. එයාලා සාරංගගෙ ගෙදරට එනකොටත් මම සාරංගත් එක්ක දුරකතනයෙන් කතා කරමින් හිටියේ. සාරංගට විතරක් නෙවෙයි ඒක මටත් ිමරචරසිැ එකක් වුණා. මොකද නිතරම මාත් එක්කත් ගනුදෙනු කරන අයමනේ ආවේ.. ඒත් ගෙදරට එනකන් මමත් දැනගෙන හිටියේ නෑනේ. සමහරවිට මට නොකිව්වේ මම සාරංගට කියයි කියලා හිතුවද දන්නෙ නැහැනේ.

කලා ලෝකේ යාළුවො ඒ විදියට සාරංගගේ උපන් දිනය සමරද්දි උමාලි සාරංග වෙනුවෙන් මොනවද කළේ?

මගේ යාළුවෝ, නෑදෑයෝත් 30 ?ම සාරංග ිමරචරසිැ කරන්න එන්න හිටියේ. හොඳ වෙලාවට අපිට හරියට ඉගියෙන් දැනිලා වගේ ඒක පහුවැනිදා උදේට දාගත්තා. මගේ යාළුවො, නෑදෑයෝ උදේ කේක් අරන් ගිහින් උපන් දිනය සමරලා සාරංගව පන්සල් එක්ක ගිහිනුත් තිබ්බා. තව දෙයක් වුණා. සාරංගගේ උපන් දිනය දවසේ ජපානේ හිටපු මට මල් පොකුරක් ලැබුණා. ඒක එවලා තිබුණේ සාරංග. මම මල්වලට ආසයි. ඒ වගේම විවාහයට කලින් අන්තිම උපන් දිනය නිසා වෙන්න ඇති සාරංග එහෙම කරන්න ඇත්තේ. එදා සාරංගටත් වඩා මම පුදුම වුණා.

විවාහ වුණාට තාම දෙන්නා දෙපැත්තේ? කවදාද එක වහලක් යටට එන්නේ?

මම පුළුවන් හැම වෙලාවෙම ලංකාවට එනවා සාරංගත් ජපානෙට ඇවිත් හිටියානේ. ටිකක් ඈත්වෙලා ඉන්න වුණා. අධ්‍යාපන කටයුතු ඉවර වුණ ගමන් ඒ ප‍්‍රශ්නෙට විසඳුම් ලැබෙයි.

සාරංග ඇගිලි ගනින්නේ උමාලි ලංකාවෙ පදිංචියට එනකන්?

ඔව්. තව මාස කීපයයිනේ. අපේ‍්‍රල් වල උමාලි ලංකාවට ආවහම ගේ ‍දොර පිළිවෙළක් කරගෙන අපේ ජීවිතවලට ස්ථාවර බවක් හදාගන්න  ඕනෑනේ.

සාරංග කියන්නේ මේ වන විට ජනප‍්‍රිය නළුවෙක්. ඉතින් උමාලි ආවත් සාරංගට ගෙදර ඉන්න වෙලාවක් තියෙයිද?

ඒ කතාවෙ නම් පොඩි ඇත්තක් තියෙනවා. අපි දෙන්නටම ගෙදර ඉන්න ලැබෙන අවස්ථාව හරිම අඩුයි. සාරංග විතරක් නෙවෙයි. මමත් කාර්ය බහුල වෙන අවස්ථා තියෙනවා. මට විතරක් නෙවෙයි සාරංගටත් විදෙස් සංචාරවලට සහභාගි වෙන්න තියෙනවා. ඔය ප‍්‍රශ්නය මේ ක්‍ෂේත‍්‍රයේ ඉන්න කාටත් තියෙන ප‍්‍රශ්නයක්.


සාරංග ෂූටින් යනකොට උමාලිත් යනවද?

චිත‍්‍රපටයේදී අපි එකම දර්ශන තලයක හමුවුණේ නෑ. ඒත් අපි දෙන්නටම දුටුගැමුණු රූගත කිරීම්වලදී යන්න වුණා. මොකද අපේ මධුසමය තිබුණු කාලෙම රූගත කිරීම් තිබුණු නිසා. ඒ ඇරෙන්න විශේෂ අවස්ථාවක හැර මම දර්ශනතලවලට යන්නෙ නෑ.

සාරංග නළුවෙක්. ඔයා නිළියක්. ඒ පේ‍්‍රක්ෂක අපි දකින විදිය. ඒත් සැබෑ ජීවිතේ ඔයා සාමාන්‍ය බිරියක්. සාරංගත් සාමාන්‍ය සැමියෙක්. තමන්ගේ සැමියා රැුකියාවටවත් වෙනත් කෙනෙක්ට ආදරය කිරීම දරාගන්න පුළුවන්ද?

කැමරාව ඉදිරියේ වෙන දේවල් දරා ගන්න අපි දෙන්නටම පුළුවන්. මොකද අපිට මේ ක්‍ෂේත‍්‍රය ගැන අවබෝධයක් තියෙන නිසා. ඒත් කැමරාව පිටතදීත් එහෙම හැසිරෙනවා නම් ඒක නම් දරාගන්න බැහැ. සාරංග ගැන නම් මට කොහෙත්ම ගැටලූවක් නැහැ. ඒත් වෙනත් පාර්ශ්වයක එහෙම සූදානමක් තියෙනවා කියලා දැනුණොත් අපි දෙන්නම ඒ ගැන සැලකිලිමත් වෙනවා.

සාරංගට රගපාන්න තහංචි දාලා තියෙන නිළියො කවුද?

එහෙම කවුරුත් නෑ. චරිතයක් ලැබුණාම ඒ තෝරා බේරා ගැනීම කරන්නේ සාරංග.

සාරංගට ගනුදෙනු කරන්න වෙන්නේ උදේ හවස දකින දන්න හඳුනන අය එක්ක. ඒත් උමාලි ගනුදෙනු කරන්නේ නන්නාඳුනන අය එක්ක. බයක් දැනිලම නැද්ද සාරංග?

අපිට අනිත් අය හදන්නවත් වෙනස් කරන්නවත් බෑනේ. අපි හරි නම් බයවෙන්න දෙයක් නෑ. උමාලිව මට විශ්වාස නිසා ඒ ගැන බයක් නෑ.

විදෙස් ගත වීමත් එක්ක උමාලිට හුගාක් නිර්මාණ මගහැරුණා නේද?

ලංකාවෙ නිර්මාණ මගඇරුණා. ඒත් මට ජපානයේ චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතයක් ලැබුණා. ව්ඞ්ම් රූපවාහිනියේ ටෙලි නාට්‍යයක උප ප‍්‍රධාන චරිතයක් ලැබුණා. හොලිවුඞ් නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඉතිං ඒ නිසා මගඇරුණු දේ ගැන දුක් වෙනවාට වඩා ලැබුණු දේ ගැන සතුටක් තියෙනවා.

ලංකාවට ආවට පස්සේ ආයෙමත් නවත්තපු තැනින් පටන් ගන්නවද?

ඔව්. දැනටමත් නිර්මාණ කීපයක්ම භාර අරගෙන තියෙන්නේ. ඒ අතර ගායනය ගැනත් හිතන්න  ඕනෑ.

දෙන්නා නව ගීතයක් එළි දක්වනවලූ නේද ?

අපේ තුන්වැනි ගීතය. ‘නුපුරුදු ආදරේ’ ළගදීම වීඩියෝ එකක් එක්කම එළිදක්වන්න  ඕනෑ.

පුංචි තිරයේ තරුවක් වුණාට රිදී තිරයට හුගාක් කිට්ටු වෙන්න බැරි වුණා නේද?

ඇත්ත. තාමත් මම නිර්මාණ කීපයකට විතරයි දායක වුණේ. දායක වුණු නිර්මාණත් තියනවා තවම තිරගත නොවුණු. ‘සංගිලි’ ඒ වගේ මම බලාපොරොත්තු තියාගත්ත තවම තිරගත නොවුණු චිත‍්‍රපටයක්. අපේ කාලේ පටාචාරා, ජූලි 7යි වගේ චිත‍්‍රපට ඉදිරියේදී තිරගත වේවි.

දෙන්නා තුන්දෙනා වෙන බලාපොරොත්තුවක් දැන්මම නැද්ද උමාලි?

තාම ඒ බලාපොරොත්තුවට ඉක්මන් වැඩියි කියලා හිතෙනවා. තව ටිකක් ඉමු නේද?

Saturday, January 31, 2015

සැපදෙන බස්වල රාජපක්ෂලා සවාරි ගිය හැටි (ජායාරුප)

පසුගිය 2013 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් ලබාගත් අධි සුඛෝපභෝගී බස්රථ දෙකක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කැර ඇත.
එම බස්රථ නාමල් රාජපක්ෂ සහ සජින් වාස් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  හා ඌව  හිටපු  ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පරිහරණය කර තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා මේ දක්වා කල්බදු ක්‍රමයට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වෙත මුදල් ගෙවා තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එක් බස් රථයක් සඳහා මසකට රුපියල් ලක්ෂ නවය බැඟින් අදාළ අධි සුඛෝපභෝගී බස්රථ දෙක වෙනුවෙන් මේ දක්වා කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 252 ක මුදලක් ගෙවා තිබෙන අතර එම බස්රථ පරිහරනය කෙළේ කවුරුන් ද, එය කුමන ආකාරයෙන් ද යන්න නොදැන සිටි බවද මේ දක්වා එම බස්රථ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගෙනවිත් නොමැති බවද එම අමාත්‍යාංශය කියයි.
කිසිවකු හෝ නොදැන සිටි මේ අධී සුඛෝපභෝගී බස්රථ දෙක පෙරේදා (29) විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයට ගෙනවිත් දමා තිබෙන අතර මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය මට්ටමින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද හෙ‍තෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද ඒ මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවද එම ප්‍රකාශකයා සඳහන් කෙළේය.
සාමාන්‍ය මඟී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදා ගන්නා අධි සු‍‍ඛෝපභෝගී බස්රථවල නොමැති තරම් පහසුකම් මේ බස්රථ දෙකේ පවතින අතර ඒ සියලු පහසුකම්වලින් සමන්විත ලෙස නිර්මාණය කිරීම ද විශේෂත්වයකි.
ඌව හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙම බස්රථයේ සවාරි ගිය ආකාරය දැක්වෙන ජායාරුප කිහිපයක් පහත පළවේ.
Image00001Image000021Image00003Image00004Image000051Image00006Image00007Image00009Image00010Image000081

ප්‍රීති,(Kannangara) බැරි කාටුන් නොඇද බස් එකකට නැගලා සින්දුවක් කියනවකෝ ඕයි නම්බු පිට..