Sunday, March 26, 2017

මාලබේට එරෙහිව ජනතාව වීථි බසියි... මිනිස්සුන්ගෙ අදහස් ගැන ලොකු කතාබහක්








Roshan Nayanajith Hewavitharana
(UOP)
මිනිස්සුන්ට ඉතාම සන්වේදි නිදහස් අධ්‍යාපනය සම්බන්ද ප්‍රශ්නයයි මේ ජනතාව අතරින් බලගන්වන්නේ. මේවයින් වෙන දෙයක් නෑ කියල එන තර්කෙ මම හිතන් නෑ සාර්ථකයි කියල..මොකද ජනතාව අතරේ මේ ප්‍රශ්නය ගැන ලොකු කතාබහක් මැදිහත්වීමක් එනවා.ජන මතය මෙවැනි ක්‍රියාමාර්ග වලින් තොරව හදන්ට බැහැ.

මාලබේ සයිටම් ගැන ඈත දෙහිඅත්තකන්ඩියේ මිනිස්සුන්ගෙ වුනත් යම් දැනුවත් වීමක් ඇතිවෙලා තියෙන්නෙ නිකම් ඉඳල නෙවෙයි..මේවයින් කිසිම බලපෑමක් නෑ අරගල වීථි බැසීම් අට්ටාල කියන්නෙ හුදු සන්දර්ශණ කියල මවාපාන බොහෝ අය එහෙම කරන්නෙ ඇත්තටම මේ රටේ සටන් අරගල ඉතිහාසය නොදැනද නැතිනම් අනික් අයවත් සනසවා තමනුත් සැනසෙන්නද ?

දිවයින පුරා ස්ථාන සිය ගණනක අද ජනතා විරෝධතා... ඉතින් දැන් දැන් රටපුරා සයිටම් ශාඛා තියෙනවද කියල අපෙන් ඊලඟට අහන්ට 😊

Dr:Ims Sathyaprasad 
(Faculty of Engineering, UOP)
සයිටම් එකට පක්ෂව තිබ්බත් ඊට විරුද්ධව තිබ්බත් මේ විරෝධතා ඔය ගම්බද මිනිසුන්ගේ ඓන්ද්‍රිය ප්‍රශ්නයක් නොවේ. ඔය මිනිස්සු එන්නේ ඔවුන්ගේ තිබෙන දේශපාලන සම්බන්ධතා හෝ වෙනත් දේවල් නිසා. අපේ ගමේ සාමාන්‍ය මිනිස්සුන්ට ඕව කොයි අත ගියත් ඇති වැඩක් නෑ. දැන් හෙට මුළු ලං
කාවෙම හැමතැනම් සයිටම් එකට පක්ෂව ඔවැනිම උද්ඝෝෂණ සංවිධානය කරන්න බැරිද? සයිටම් එකට සල්ලිත් ජවිපෙට පිරිස් බලයත් (මැතිවරණයකදි ඡන්දය නොදෙන එක වෙනම වැඩක්) තියෙන නිසා ඒක කරන්න පුළුවන් නමුත් එයින් ඇත්තටම කිසිවක් කියවෙන්නෙ නෑ. තමාගෙ මතයට නියෝජනයක් තියෙනවා වගේ පෙන්නන්න ඕව කළාට කමක් නැහැ (කොයි පාර්ශ්වයෙන් වුවත්). නමුත් ඔවැනි උද්ඝෝශණ සංදර්ශන වලින් වත් රටපුරා ඇලවෙන පෝස්ටර් වලින් වත් මහජන මතයක් නියෝජනය වෙනවා කියල අවංකවම හිතන්න පුළුවන් දේශපාලන අඳබාලයකුට හෝ වංකව හිතන්න පුළුවන් තක්කඩියෙකුට විතරයි.


අනිත් කාරණය තමා පෞද්ගලික අධ්‍යාපනය ලැබීමේ අයිතිය හෝ නිදහස් අධ්‍යාපනය සහ එය රැකගන්නවා යන්නෙන් අදහස් කෙරෙන්නේ මොනවාද කියන දේවල් ගැන අවංක සංවාදයක් රට තුල ඇතිකරනවා වෙනුවට බොහෝ දෙනක් කරන්නේ ඒ ගැන තමා දරන පසුගාමී ආකල්ප පරම සත්‍යය ලෙස සිය අනුගාමිකයන් අතර පැතිරවීමයි. මේ උද්ඝෝෂණ වලට යන බොහෝ දෙනෙක් තමා පෙනී ඉන්නේ මොනවා වෙනුවෙන්ද කියා දන්නේ නෑ. හුදු පිරිස් බලය පමණක් පෙන්වීමේ බාල උපක්‍රම අනුගමනය කරන කණ්ඩාවම් තමා මෙරට දැන උගත් ජන ස්ථරයක් බව අවංකවම කල්පනා කරනවාද යන්නත් ප්‍රශ්නයක්.

Chatura Wellage කොයි පැත්තෙන් උනත් එච්චරනේ 

රටේ ඒ ඒ පැතිවල ඉන්න

දොස්තරලා ටිකයි,කැම්පස් වල ආට් මෙඩ්ඩෝ ටිකයි, ජේවීපියි පෙරටුගාමියි දේශපාලන ගල් වැද්දො ටිකයි,ඔන්නම් ඔය දේශපාලන වාසියට ඒකාබද්දේ ලොන්තයෝ ටිකකුයි.ඔය ඇර වෙන කවුරුත් එනවද මහ රජ..ආණ්ඩුවේ එකෙක් දෙනෙකුත් ඔනම් පුලුවන් වෙයි.

අපරාදේ ඕයි




සයිටම් සටන ගැන වචනයක්
-------------------------------------
"මහජන දැනුවත් කිරීම්" ලෙස සයිටම් වාදී සහ සයිටම් විරෝධී දෙපාර්ශ්වයෙන්ම කෙරෙන නොදැනුවත් කිරීම් ගැනයි මේ සටහන.
රටේ බුද්ධිමත් කොටස් විසින් ඇත්තටම සිදුවිය යුතු දේ මේ ගැන රටේ සියළු ස්ථර අතර සංවාදයක් ඇතිකිරීමයි. එය ඒක පාර්ශ්වික වීමෙන් කරන්නට බෑ. සයිටම් යනු පෞද්ගලික උසස් අධ්‍යාපනය ගැන පෙන්වන්නට තිබෙන ඉතා බාල උදාහරණයක්. නමුත් ඔය දැනුවත් කිරීම් වලදී හරි නම් පහත සඳහන් දේ ගැන ජනතාව දැනුවත් කළයුතුයි. (උදාහරණ කිහිපයක් පමණයි මේ!)
1. ලොව පුරා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක වන බව
2. ඉන් සමහරක් ප්‍රමිතිය අතින් ඉතා උසස් බව
3. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන බොහොමයක් ලාභ නොලබන ආයතන හැටියට ක්‍රියාත්මක වන බව
4. රටක අධ්‍යාපනය සහ සෞඛ්‍යය නොමිලයේ ලබාදෙන්නේ මහජනතාවගෙන්ම එකතු කරගන්නා බදු මුදල් වලින්ම බව
5. ඒ බදුවලට අප හැම සීනි කිලෝවක්, පාන් ගෙඩියක්, තේ කෝප්පයක් වෙනුවෙන් එක් එක්කෙනා ගෙවන වියදමෙන් කොටසක් වැය වන බව
6. වැඩි දෙනෙකුට නොමිලයේ උසස් අධ්‍යාපනය ලබා දීමට නම් මේ බදු මුදල් වැඩි කරන්නට සිදු වන බව
7. උසස් පෙළ විභාගයේ දී රටේ ඉහළම කුසලතා දක්වන දරුවන්ට ඔවුන් බලාපොරොත්තුවන ඉල්ලුම වැඩිම පාඨමාලාවන්ට ඇතුළත් වීමට ඉඩ ලැබිය යුතු බව
8. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා දැනට එසේ සිදු නොවන බව
9. නිසි ප්‍රමිතියෙන් යුතුව, කිසියම් අවම ප්‍රමිති මට්ටමකට අනුව සිසුන් ඇතුළත් කිරීමක් සයිටම් ආතනයේ දැනට සිදු නොවන බව
10. සයිටම් ආයතනයේ උගෙන ගන්නා සිසුන්ට ප්‍රමාණවත් චිකිත්සක පුහුණුවක් නොලැබෙන බව
11. ඒ ගැටලුව විසඳීමට ඇති ක්‍රියාමාර්ග
12. ඒ අවශ්‍ය පුහුණව රජයේ රෝහල් වලදී (මුදල් ගෙවා හෝ) ලබාදීමට නොහැකි කාරණය කුමක්ද යන්න
13. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී අවංක නොවන බව රාජ්‍ය විශ්ව විද්‍යාල වල සම සෞඛ්‍ය සිසුනටත් චිකිත්සක පුහුණව ලබාදීමට එරෙහි වීමෙන් පෙනෙන බව
14. රාජ්‍ය විශ්ව විද්යාලවලට මොනයම්ම හෝ දිස්ත්‍රික්කයකින් ඇතුළත්වන්නට අවශ්‍ය අවම ඇතුලත් කිරීමේ එසෙඩ් ලකුණ යනු කිසියම් පෞද්ගලික පාඨමාලාවකට අතුලත් වීමට වුවද අවම ලකුණ ලෙස භාවිතා කිරීමේ වරදක් නැති බව
15. ඊට අඩු ඉසෙඩ් ලකුණු ඇති සිසුන් පෞද්ගලික වුවද පාඨමාලාවකට ඇතුළත් කිරීමට අප විරුද්ධ විය යුතු බව
16. වඩා වැදගත් වන්නේ පාඨමාලාවක් ආරම්භ්යේදී සිසුවාගේ ප්‍රමිතිය නොව පාඨමාලාව අවසානයේදී සිසුවාගේ ප්‍රමිතිය බව
17. වෘත්තීය පාඨමාලාවල තත්ත්ව පාලනය කරන ආයතන අත්‍යවශ්‍ය බව සහ ඒවා ස්වාධීනව ක්‍රියාකරන බවට හැම පාර්ශ්වයටම විශ්වාසයක් ඇතිවිය යුතු බව
18. පාඨමාලාවල අවසාන ප්‍රමිතිය සඳහා රාජ්‍ය, පෞද්ගලික හා විදේශීය සියළු සිසුන් එකම තත්ත්ව නිර්ණක විභාගයකට (න්‍යායික සහ ප්‍රායෝගික දෙකම ඇතුලත්) යොමු කිරීම තත්ත්ව පාලනය සඳහා හොඳ විසඳුමක් බව
19. පෞද්ගලික පාඨමාලාවල දැනට අය කෙරෙන ඉතා අධික මිල නියාමනය කිරීම රජයේ වගකීමක් බව සහ එසේ කොට කිසියම් කලෙක ඒවා ලාභ ඉපයීම සඳහා නොවන ආයතන බවට පත්කර ගැනීමට සැලසුමක් ඇති කිරීමට රජයට බල කිරීම
20. කෙතරම් දිළිඳු පවුලක දරුවකුට වුවද පෞද්ගලික අධ්‍යාපනික ආයතනයකින් උපාධියක් ලබා ගත හැකි වන පරිදි උසස් අධ්‍යාපන ණය මුදලක් ඇති කිරීමට රජයට බල කිරීම
මේ කිසිවක් සඳහන් නොකොට කිසියම් දෙයක් තහනම් කිරීමට හෝ අවසර ලබාදීමට පමණක් බලකරන සහ අඳබාල ලෙස ඒ වෙනුවෙන් ජනතාව යොමුකරන කිසියම් ව්‍යාපාරක් වෙත්ද, එය සයිටම් වාදී වේවා, සයිටම් විරෝධී වේවා, මම එය තක්කඩි ව්‍යාපාරයක් ලෙස හැඳින්වීමට කිසිසේත් මැළි නොවෙමි.








වයස 16ක තරුණියක් වයස 12 ට අඩු ලමයින්ට බේත් කරන ළමා රෝහලේ?

මහජන මුදල් රුපියල් කෝටි 9 කට අධික මුදලක් අපහරණය කරමින් රජයේ වාහන 40 ක් තම පවුලේ නෑදෑයන්ට සහ තම පක්ෂයේ හෙංචයියන්ට බෙදා නීත්‍යානුකූලව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නෛසර්ගික බොරු කාරයෙකු වන විමල් වීරවංශ ඇප ලබා ගැනීම සඳහා අධිකරණයද මුලා කිරීමට සිය දරුවන් විකුණමින් සිටී.

ඔහු 22 දා රිමාන්ඩ් බන්ධනාගාරයේ උපවාසයක් ආරම්භ කළ අතර එය පාදක කරගෙන ඔහුගේ නීතිඥයින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 24 වෙනිදා යලිත් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන ලදී. ඒ මහාධිකරණය විසින් ඔහුගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කර තිබියදී ඇප ලබා ගැනීමට නම් ඊට ඉහල අධිකරණය වන අභියාචනාධිකරණයෙන් ඇප ඉල්ලන්නේ නැතිව යලිත් පහල අධිකරණයක් වෙත ඇප ඉල්ලමිනි. එයින්ද පෙන්නුම් කරන්නේ අගවිනිසුරුවරියක් ගෙදර යැවීමට නඩු ඇසූ වීරවංශගේ නීතිය පිළිබඳ ඇති අල්ප දැනුමයි.

කෙසේ වෙතත් 24 දා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා ඇත්තේ අපූරු කාරණයක් හේතු කරගෙනය. විමාෂා විශ්වාදරී වීරවංශ නමැති ඔහුගේ වයස අවුරුදු 16 ට ආසන්න දියණිය  පියාගේ උපවාසය නිසා කම්පනයෙන් ඇතිවූ උණ තත්වයකින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ නේවාසිකව “ප‍්‍රතිකාර“ ලබන බව පවසමින් මෙම ඇප අයදුම් පත‍්‍රය යොමු කර ඇත.

මෙහිදී සැලකිය යුතු ඉතාමත් වැදගත් ප්‍රශ්නය වන්නේ කොළඹ රිජ්වේ ආර්යා රෝහල හෙවත් ලංකාවේ තිබෙන එකම ළමා රෝහල ප්‍රතිකාර කරන්නේ වයස අවුරුදු 12 ට අඩු ළමයින්ට නමුත් වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට මාස 5 ක් පමණක් තිබෙන තරුණියකට ළමා රෝහලේ නේවාසිකව “ප්‍රතිකාර“ කරන්නේ කෙසේද? යන්නයි. 





ජීවිතයම බොරුවක් කරගත් වීරසංගිලි පනික්කියාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ  නමැති ‘හොර නාථා‘ තමන්ට ඇප ලබා ගැනීම සඳහා තම දරුවන් දෙදෙනාම ප්‍රථමයෙන් ඇතුළු කෙරෙව්වේ රාගම ශික්ෂණ රෝහලට ය. ඉන්පසු වයස අවුරුදු 20 ක් සම්පූර්ණ වීමට මාස 5 ක් ඇති පුත්‍රයා විභූති විශ්වජිත් රෝහලෙන් ඉවත් වූ අතර තරුණිය විමාෂා රිජ්වේ ආර්යා රෝහලට මාරු කළා යැයි කියති.

වීරවංශ කොළඹ පදිංචිව සිටින අතර දරුවන් සහ බිරිඳ පදිංචිව ඉන්නේ හෝකන්දර ‘ව්‍යාඝ්‍රා නිවසේ‘ ය. හෝකන්දර නිවසේ සිට ලඟම රෝහල ජයවර්ධන පුර රෝහල නමුත් මේ දරුවන්ට අසනීපයක් වී නම් ඉතාම ඈත පිහිටි රාගම රෝහලින් “ප්‍රතිකාර“ ගැනීමට රැගෙන ගියේ මන්ද? තමාගේ දරුවෙකුට විශේෂිත නොවූ, උණ වැනි අසනීපයක් වැළඳුනු විට ඈතම තිබෙන රෝහලකට රැගෙන යන මවක් හෝ පියෙක් වේ නම් ඔවුන්ට අංගොඩ මානසික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිය යුතුය.

මෙහි සත්‍ය නම් රුපියල් කෝටි 9 ක් තරම් විශාල මහජන මුදලක් වංචා කළ පුද්ගලයෙකු ලේසියෙන් ඇප මත නිදහස් නොකරන බැවින් තක්කඩි කමින් ඇප ලබා ගැනීමට අධිකරණය මුලා කිරීම සඳහා කරන ලද සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවයි. ඒ සඳහා තමන්ට හිතවත් ජොස්තරලා සිටින රෝහල් සොය සොයා ගොස් මේ දරුවන්ට “ප්‍රතිකාර“ ගැනීමට කරන ලද වෑයමයි.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය