Tuesday, November 15, 2016

ඇමරිකානුවන් ඔවුන්ගේම මිනීවල කපාගත්තා – ට්‍රම්ප්ගේ ජය ගැන IS ත්‍රස්තයෝ පළමුවරට කට අරී

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ‘සම්පූර්ණයෙන්ම උන්මත්තකයෙකු‘ බව අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ ඉහළ තනතුරක් දරන්නෙකු ලෙස සැලකෙන අබු ඔමාර් කොරාසනී පවසා තිබේ.
ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත නායකයෙකු ලෙස කටයුතු කරන මොහු පවසන්නේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් කළකිරුණු බටහිර රටවල වෙසෙන තරුණ ප්‍රජාව තමන් හා සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බවයි.
ත්‍රස්තයින්ගේ අරමුණ වී ඇත්තේ ට්‍රම්ප්ව යොදාගනිමින් ලොව පුරා ඔවුන් කරන ප්‍රහාර සාධාරණිකරනය කිරීමත් නව පිරිස් ඔවුන්ගේ සංවිධානයට බඳවා ගැනිමත්ය.
‘ඔහු වියරු වැටුණු උන්මත්තකයෙක් ඔහුගේ මුස්ලිම් විරෝධි ක්‍රියාකලාපයන් නිසා අපට අලුත් සමාජිකයින් දහස් ගණනින් බඳවා ගැනීමට හැකිවේවි‘ යැයි අබු ඔමාර් රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.
ට්‍රම්ප් හා සසඳන කළ බැරැක් ඔබාමා තරමක් බුද්ධිමත් බවද ඔහු පවසා තිබේ.
‘‘අපේ නායකයින් මේ පිළිබඳව සියුම්ව අධ්‍යනය කරමින් ඉන්නේ..මේ අප බලාපොරොත්තු වූ ප්‍රතිඵලයක් නොවෙයි..ඇමරිකානුවන් ඔවුන්ගේම මිනීවල කපාගත්තා‘‘ යැයි ඔමාර් වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේ වෙතත් නව ඇමරිකානු ජනාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපරයේදී අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් මෙලොවින් සම්පූර්ණයෙන් තුරන් කිරීමට කටයුතු කරන බවයි.එමෙන්ම සෑම මුස්ලිම්වරයෙකුම ඇමරිකාවෙන් පිටුවහල් කරන බව ඔහු පවසා තිබුණා.

3a3681c900000578-3933436-image-a-9_1479137974770
3a5a551400000578-3933436-image-a-25_1479138336488
3a5e2d0a00000578-3933436-image-a-10_1479137988031
3a5e4ad000000578-3933436-image-a-27_1479138605906
3a5e4ad700000578-3933436-image-a-26_1479138488616

Sunday, November 13, 2016

කඩා දැමුවායි කියන ‘කොළඹ කොටුවේ බුදුපිළිමය‘ ගැන සියලු ඇත්ත නැත්ත මෙන්න





කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහරස්ථානය ඉදිරියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍ර‍තිමා වහන්සේ නමක් සහ එම කුටිය පසුගිය 10වනදා දින කිසියම් පිරිසක් කඩා බිඳ දමා ඇති බවට ඡායාරූප පෙළක් පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.
කේසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නෙත් අප යම් සොයා බැලීමක් සිදුකළා.
එහිදී අණාවරණය වූයේ මෙම පුවත සත්‍යයක් බවයි.
මෙසේ කඩා දැමා ඇත්තේ කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහරස්ථානයේ දුම්රිය පාරට මුහුණලා තිබෙන බුදු කුටියයි.
අප කළ විමසීමකදී කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහරස්ථානයේ විහාරවාසි ශාස්ත්‍ර‍පති විදාරන්දෙනියේ මේධානන්න හිමි පැවසුවේ කිසියම් පිරිසක් විසින් බුදු රජාණන් වහන්සේගේ ශිර්ෂයෙන් අලලා මෙම ප්‍ර‍තිමාව කඩා විනාශ කර දමා ඇති බවයි.
මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇතැත් මෙම සිදුවීමට වගකිව යුතු කිසිවෙක් නීතිය හමුවට මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව උන්වහන්සේ පැවැසුවා.
පසුගිය දිනවල උතුරේදීද මෙලෙස බුදුපිලිම කඩා දැමූ සිදුවීම් වාර්තා වූ බවත්, රටේ මහජාතිය සුලු ජාතියක් වූ නගරවල, සිංහල බෞද්ධ වීම නිසා ඒවාට වන්දි ගෙවීමට සිදුවී ඇතිද යන සැකය තමන්ට මතුවන බව විහාරවාසී හිමියන් පැවසුවා.
අද (14) පොහෝ දිනයේදී බෞද්ධ පිරිස් එක්වී නැවත මෙම බුදුකුටිය පිලිසකර කොට බුදු පිළිමයක් වැඩමවීමට කටයුතුකොට ඇති බවද උන්වහන්සේ පැවසුවා.
කෙසේ වෙතත් මෙම බෞද්ධ රටේ බුදු පිළිමයකට නැවත කිසියම් කෙනෙකු අත තැබුවහොත් ශාසනය රැකගැනීම පිණිස තමන් ක්‍රියාත්මක වීමට සූදානම් බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.

15086353_1239162179481480_934281556_n

අවම දඩය කෑලී කඩන්න

අයවැයෙන්  යෝජනා කෙරුණු රථ වාහන දඩ, වාහනයේ වටිනාකම අනුව අයකර ගන්නා ලෙස සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
අවම දඩය ලෙස රුපියල් 2500 ක් අයකර ගැනීම යතුරුපැදිකරුවන්ට අසාධාරණ බවයි එම සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ පැවසුවේ.
මෙවැනි දඩයක් පැනවීම තුළින් නීතිය ආරක්ෂා කිරීමක් හෝ විනය ඇති කිරීමක් සිදු කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.
ඔවුන් යෝජනා කරන්නේ එන්ජින් ධාරිතාව 100 ට අඩු යතුරුපැදි සඳහා අවම දඩයෙන් සියයට 30 ක් ද, සියයට වැඩි යතුරුපැදිවලින් සියයට පනහක දඩයක් ද අයකර ගන්නා ලෙසටයි.
අධි සුඛෝපභෝගී වාහන සඳහා අවම දඩය ලෙස රුපියල් දස දහසක් අයකර ගන්නා ලෙසට ද සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය යෝජනා කරනවා.

15000735_1805750583026132_8525905390905062093_o