Wednesday, December 8, 2021

ඉංජිනේරු ප්‍රියන්තට සාධාරණයක් ඉල්ලා ඉංජිනේරුවෝ පිරිසක් නිහඩ උද්ඝෝෂණයක

 පාකිස්තානයේ සියල්කොට්හි අමානුශිකව ඝාතනය වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් පිරිසක් ඊයේ (09) දහවල් පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට රැස්ව සාමකාමී නිහඩ උද්ඝෝෂණයක නිරත වනු දක්නට ලැබුනා. අතෙහි කලු පටි පැළැද සාමකාමීව විරෝධතාවයේ නිරත වූ ඔවුන්ගෙන් තිදෙනෙකුට උප මහ කොමසාරිස්වරයා හමුවීමටත් ඔවුන්ගේ අදහස් දැක්වීම් සහ ඉල්ලීම් රැගත් ලිපියක් එතුමා වෙත බාර දීමටත් අවස්තාව හිමිව තිබුනා. එම ලිපි බාරදීමෙන් පසු ඒ පිළිබදව ඉංජිනේරු චාමින්ද වීරකෝන් මහතා මෙලෙස මාධ්‍යයට අදහස් ඉදිරිපත් කලා. 

ඉංජිනේරු හර්ෂණ බුලත්සිංහල, ලලිත් පල්ලේගම, ඉසුරු එස් අමරසේන, චමිල බණ්ඩාර යන මහත්වරුන්ද විරෝධතාවයට සහභාගී වී සිටිනු දක්නට ලැබුනා.

මේ එහිදී දැක්වූ අදහස් කිහිපයක්.



ඉංජිනේරු ප්‍රියන්තගේ සිද්ධියට හා ඔහුගේ දරු පවුලට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස දෙරටේම රජයන්ගෙන් ඉල්ලා සිටීමත් මින් පසු විදෙස් ගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය හා ආරක්ෂාව තහවුරු කරන විධිමත් කරන නිවැරදි ක්‍රමවේදයන් ඇතිකිරීමේ අවශ්‍යතාවයත් මේ ඉංජිනේරු පිරිස විසින් විරෝධතාවයේදී අවධාරණය කරනු ලැබුවා. පහත ඇත්තේ විරෝධතාවය අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයකි.















පදවියේ කාබනික පොහොර කෑන් පුපුරා ගොසින්



පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
ගොවීන්ට බෙදාහැරීම සඳහා පෞද්ගලික සමාගමක් නිෂ්පාදනය කරන ලද මෙම කාබනික දියර පොහොර මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ ඉකුත් 06 වැනිදාය.
ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ගබඩාව විවෘත කළ අවස්ථාවේ කාබනික දියර පොහොර කෑන් හයක් පුපුරා තිබූ බව ගොවිජන සේවා කොමසාරිස් ඒ.එච්.එම්.එල්.අබේරත්න පැවසුවේය.
මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද,පරීක්ෂණ කටයුතු සඳහා මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ලද සමාගමේ නියෝජිතයන්ටත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් පැමිණෙන ලෙස දැනුම්දී ඇතැයිද ඔහු පැවසීය.
කාබනික දියර පොහොර නිසියාකාරව පදම්කර නොතිබීම නිසා මෙලෙස පුපුරා යන්නට ඇති බවත්, කාබනික දියර පොහොර සාමාන්‍යයෙන් පුපුරා නොයන බවත් කොමසාරිස්වරයා කියයි.
ගබඩා කිරීමේදී පවතින උෂ්ණත්වයත් සමග මෙවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇතැයි ඔහු කියයි.
පදවිය ප්‍රදේශයේ නිවාස කීපයක තිබූ දියර පොහොර කෑන් කීපයක්ද පුපුරා තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්.කුමාරසිරි සඳහන් කරයි. 

 

පෝස්ටර් ඉරපු කතාව බොරුවක් පඩි ප්‍රශ්නයක් තිබිල තියෙන්නෙ- ප්‍රියන්තගේ සොයුරා කියයි

 


පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ අය මාධ්‍ය වෙත දක්වා ඇති තොරතුරු අනුව මෙම ඝාතන සංසිද්ධිය සම්බන්ධ අලුත් තොරතුරු රැසක් ඔවුනට හෙලිකරගත හැකිව තිබේ.

මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ වැඩිමල් සොයුරු ඒ ගැන දන්වා සිටියේ මෙසේය.

‘ඒ රටේ ආගමට මුල්තැන දෙනවා මොනව හරි කිව්වොත් ආගම නිසා කියල උසාවිය පිළිගන්නවා.
පෝස්ටර් කතාව බොරුවක්. අවුරුදු 10 ක් තිස්සේ ෆැක්ටරිය පාලනය කරපු එයාට එදාමද පෝස්ටරේ ඉරන්න හිතුනෙ. එහෙම පෝස්ටර් ගහන්න දෙන්නෙත් නැහැ සාමාන්‍යයෙන් ෆැක්ටරිය ඇතුලෙ. ඔ‍ය පොඩියට අපි ‘බුදු සරණයි‘ කියල ගහන ස්ටිකර් වගේ ඉස්ලාම් ආගමේ ඒවා සේවකයෝ තමන්ගෙ මැෂින්වල අලවගෙන ඉන්නවා. ඒව ප්‍රශ්නයක් නැහැනෙ. ඒව බලන්න පොඩි ලෙවල් එකට ගිහින් පාලනය කරන්න එයා යන්නෙ නැහැ. ෆැක්ටරිය ඇතුලෙ ඉද්දි එහෙම ස්ටිකර් බලන්න වෙලාවකුත් නෑ එයාට.

ආරංචි විදිහට සිද්ධිය වෙලා තියෙන්නෙ පඩි ප්‍රශ්නයකට තිබුණ වැඩපලේ ස්ට්‍රයික් එකක්.පඩි මදියි කියල ස්ට්‍රයික් කරලා. ඒ දවස්වල අයිතිකාරය හිටියෙත් නැහැ. එයා ජර්මනියේ ගිහින් ඉඳල තියෙන්නෙ. මෙයා ඔෆිස් එකට වෙලා ඉඳල තියෙනවා.
මෙයා කියල ස්ට්‍රයික් කරල හරියන් නැහැ. වැඩ කරන්න පස්සෙ සාකච්ඡා කරමු කියලා. ඊට පස්සෙ ස්ටාෆ් එකේ එක්කෙනෙක් ඔතන කෑගහන කට්ටිය ගාවට ගිහින් මොකක් හරි කිව්ව කියල තමා කියන්නෙ. ආගමේ කතාවක් හදල අවුස්සල එයාට විරුද්ධව . ඒකින් තමයි එකපාරට ඇවිස්සුණා කියල කියන්නෙ.
 ඔෆිස් එක වහන් හිටියත් ඔෆිස් එක කඩල ඇදගෙන ගිහින් තියෙන්නෙ. පොලිසියත් කීපදෙනෙක් ඉඳල තියෙනවා. දෙදාහක් තුන්දාහක් එකතුවුනාට පස්සෙ පොලිසියටත් කන්ට්‍රෝල් කරන්න බැහැ. ෆැක්ටරියෙ 3000 ක් විතර ඉන්න එකක්. ලංකාවෙ කෙනෙකුට හිටියෙත් මල්ලි විතරයි‘

ප්‍රියන්ත මහතාගේ බිරිය මෙසේ කීවාය.
එයා අවුරුදු 11 ක් තිස්සෙ පකිස්තානෙ. එහේ සංස්කෘතිය මිනිසුන්ගෙ සිතුම් පැතුම් ආගම සියලු දේ ගැන දැනගෙන හැසිරුනේ. පැහැදිලි මනසක් තිබුණ උගත් මනුස්සයෙක්. ඒවගේ කෙනෙක් මෙහෙම පෝස්ටරේ ඉරල ප්‍රශ්නයක් වුණා කියන කතාව මං තරයේ ප්‍රතික්ෂේප කරනවා.‘