Friday, January 27, 2017

එක්දින සටන උණුසුම්වන ලකුණු – තුවාල ලැබූ නායකයා අද යළිත් පිටියට

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (28) ආරම්භ වනවා.
Image result for imran tahir
තරග 05 කින් යුත් එක්දින තරගාවලියට නායකත්වය ලබා දෙන්නේ උපුල් තරංගයි.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය පෝට් එළිසබත්හිදී ආරම්භවීමට නියමිත අතර, විස්සයි20 තරගාවලියේදී විවේක ගැන්වූ දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ සියලුදෙනා මෙම තරගයට සහභාගිවන බව වාර්තා වනවා.
වේගපන්දු යවන්නන්ට උචිත පෝට් එළිසබෙත් තණතීරුව සඳහා දකුණු අප්‍රිකානුවන් ප්‍රධාන වේගපන්දු යවන්නන් 05 දෙනෙකු වන කාගිසෝ රබාඩා, වේන් පාර්නෙල්, ලුන්ගි න්ගිඩි, ක්‍රිස් මොරිස් හා අන්ඩිලේ ෆෙලුක්වායෝ කැඳවා තිබෙනවා.
ආබාධයෙන් අනතුරුව දකුණු අප්‍රිකා නායකත්වය භාරගනිමින් ඒ.බී. ඩිවිලියර්ස්ද කණ්ඩායමට එක්ව සිටිනවා.
ශ්‍රී ලංකා සංචිතය- උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා, තික්‍ෂිල ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ළහිරු මධුසංක, කුසල් මෙන්ඩිස්, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, සඳුන් වීරක්කොඩි
දකුණු අප්‍රිකානු සංචිතය – ඒ.බී.ඩිවිලියර්ස් (නායක), හෂීම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඩීන්, ක්වින්ටන් ඩී කොක්, ජේ.පී.ඩුමිනි, ෆෆ් ඩු ප්ලෙසිස්, ඉම්රාන් තාහීර්, ඩේවිඩ් මිලර්, ක්‍රිස් මොරිස්, ලුන්ගි න්ගිඩි, වේන් පාර්නෙල්, අන්ඩිලේ ෆෙලුක්වායෝ, ඩ්වේන් ප්‍රිටෝරියස්, කාගිසෝ රබාඩා, ටබ්රේස් ෂම්සි

Wednesday, January 25, 2017

CECB ඉංජිනේරුවන් සංකේත වර්ජනයේ

ඉල්ලීම් ඉ‍ටු නොවුනොත් හෙට සිට අඛණ්ඩ වර්ජනයේ



කලකට ඉහත රජයේ භාණ්ඩාගාරයෙන් අනුමත වූ 35% ක වැ‍ටුප් වැඩි වීම තවමත් ලබා නොදීමට කටයුතු කර ඇති පරිපාලනයට එරෙහිව ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ සියලුම ඉංජිනේරුවන් අද (25) දහවල් 12 ට පමණ එම ආයතනය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වූහ.

රෝහල්, පාසල්, රජයේ ගොඩනැගිලි සහ දිවයින පුරා විවිධාකාර දැවැන්ත ව්‍යාපෘති ඉදිකිරීම්, නිර්මාණ, කලමණාකරන හා අධීක්ශණ ක්ශේත්‍රයේ නිරතව සිටින අර්ධ රාජ්‍ය දැවැන්තම ඉංජිනේරු ජාලයකින් සමන්විත වන ඉංජිනේරුමය කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ ඉංජිනේරුවන්ට දැනට ලබාදෙන ඉතා සුලු වැ‍ටුප් ප්‍රමාණය ගැන මෙහිදී කතා බහට ලක් වීය.
විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හ ජලාපවාහන මණ්ඩලය ආදී සමගාමී ඉංජිනේරු ආයතන හ සසදන කල ඔවුන්ගේ වැ‍ටුප් ඉතාම අවම මට්ටමක පැවතීම මෙයට හේතුවයි.


ඔවුන් කරන සේවයට සාපේක්ෂව ඉතාම අවම වැ‍ටුප් හා වරප්‍රසාද හිමිවීම නිසා දිනෙන් දින ආයතනය හා රට හැර යන ඉංජිනේරුවන් නිසා සිදුවන බුද්ධි ගලනය නවත්වාගැනීම පාලකයන්ගේ වගකීම බව ඔවුහු තවදුරටත් පෙන්වා දුන්හ. පසුගිය දිනක ජනපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි වැ‍ටුප් වැඩිකිරීම කඩිනමින් සිදු කරන ලෙස ඔවුහු තවදුරටත් ඉල්ලා සිටියහ.

සිය ඉල්ලීම් සම්බන්දයෙන් සභාපති, සාමන්යාධිකාරී ඇතුලුව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් යහපත් ප්‍රතිචාර නොලද හොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට කිසිසේත් පසුබට නොවන බව ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා තවදුරටත් Gossiplankabest වෙතට පැවසීය









වීඩියෝව මෙතනින්






සමලිංගික යෝජනාවට අමතරව ආපු තවත් එකක් ගැන ජනපති කියයි

සමලිංගික විවාහ මෙන්ම ගණිකා වෘත්තියද නිතිගත කිරීමට වරින්වර යෝජනා ඉදිරිපත් වූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළා.
Image result for maithripala
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ “සමලිංගික කතාව කැබිනට් එකට ගෙනාවා..මම තමයි විසි කළේ. ඒ එක්කම ඔය පත්‍රිකාවල ආවා..ගණිකා වෘත්තිය ගැනත්.. නීතිගත කරන්න කියලා. මම තමයි ඒකත් විසි කළේ. මම මගේ වැඩේ හරියට කරනවා.” යනුවෙනි.
මේ අතර මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ නියම වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.
ඔහු මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.