Friday, November 20, 2020

සමිතා සමග අජිත් රෝහණ ගීතයක් ගයනවාලු

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගායන ශිල්පීනී සමිතා එරන්දතී


මුදුන්කොටුව මහත්මිය සමග ගීතයක් ගායනා කිරීමට යන බව පවසමින් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරුවේ.
සමිතාගේ ළාබාල පෙම්වතා හා පුතුද මෙම ඡායාරූප වල දැක්වේ.

සමිතා නමින් පළවන ෆේස් බුක් පිටුවේද මේ ගැන සඳහනක් ඇත.



ඇමති ජනක බණ්ඩාරට ගොනු කර තිබූ මිනී මැරුම් අධි චෝදනා අභියාචනාධිකරණය බලරහිත කරයි

 

ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රයක්  බලරහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කර ඇත.


නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබුණේ මීට වසර 21 කට පෙර 1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිදුවීමක් සම්බන්ධයෙනි.


එම වසරේ මහවෙල ප්‍රදේශයේ දී සිදු වූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් යහපාලන රජය විසින් තමන්ට විරුද්ධව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අධිකරණයේ ගොනු කරන ලද රීට් පෙත්සමේ සඳහන් කර තිබිණි.

මෙම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

එල්. පී.එල්. තරඟාවලියෙන් ප්‍රබලයෝ රැසක් ඉවත් වෙති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (එල්. පී.එල්.) ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන සියලුම කණ්ඩායම් හම්බන්තොටට මේ වනවිට පැමිණ සිටියත්, තරඟාවලියට සහභාගිවීමට නියමිතව සිටි ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මේ වනවිට සහභාගි නොවන බව වාර්තා වේ. ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ක්‍රීඩා කිරීමට නියමිතව සිටියත්, ආබාධයක් හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව දන්වා ඇත.



එමෙන්ම වත්මන් විස්සයි20 තරඟ බිමේ වඩාත් පිළිගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන ලසිත් මාලිංගද සහභාගි නොවන බව සඳහන් වේ. ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන සිටියේය.

එමෙන්ම ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ක්‍රීඩාකරන බවට දන්වා සිටි එංගලන්තයේ රවී බොපාරාද මේ වනවිට සහභාගී නොවන බව දන්වා ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් තරඟාවලියට සහභාගි වන බවට අවිනිශ්චිතව සිටි කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු අන්ඩි රසල්, කළම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතර කළම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගෙන සිටි එංගලන්ත හිටපු ක්‍රීඩක කබීර් අලි කෝවිඩ්-19 ධනාත්මක වී ඇති හෙයින් සහභාගි නොවන අතර, එම පුරප්පාඩුව සඳහා හර්ෂල් ගිබ්ස් පත්කර ඇත.

ගිබ්ස්ෙග් සහාය පුහුණුකාරිත්වයට රංගන හේරත් නම්කර ඇත.
ගිබ්ස් මීට පෙර තෝරාගෙන සිටියේ තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස වීම සුවිශේෂී වෙයි.

තරගාවලිය පැවැත්වෙන සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ දිනවල සුදානම් කරමින් සිටී. දින 15ක් පුරා කණ්ඩායම් 05ක් අතර මෙම තරගාවලිය පැවැත්වෙන අතර, සමස්ත තරඟ 23ක් ඇතුළත් මෙය එළඹෙන 26වැනිදා කලම්බු කිංග්ස් හා කැන්ඩි ටස්කර්ස් තරඟයෙන් ආරම්භ වේ.

තරගාවලියේ සියලුම තරඟ සූරියවැවදී පමණක් පැවැත්වෙන හෙයින් තණතීරු 10ක් සුදානම්කර ඇති අතර, එම සියලුම තණතීරු භාවිත කිරීමට නියමිතව ඇත.

මීට අමතරව ක්‍රීඩාංගණයෙන් පිටතදී පුහුණුවීම් කටයුතු සඳහා විදුලි ආලෝකය සහිතව පැති තණතීරු 25ක් ඉදිකර ඇත. එමෙන්ම ක්‍රීඩකයන් සඳහා සෞඛ්‍ය නිර්දේශ මත විවේකාගාර හතරක් ඉදිකර ඇත.