Saturday, January 31, 2015

සැපදෙන බස්වල රාජපක්ෂලා සවාරි ගිය හැටි (ජායාරුප)

පසුගිය 2013 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් ලබාගත් අධි සුඛෝපභෝගී බස්රථ දෙකක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කැර ඇත.
එම බස්රථ නාමල් රාජපක්ෂ සහ සජින් වාස් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  හා ඌව  හිටපු  ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පරිහරණය කර තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා මේ දක්වා කල්බදු ක්‍රමයට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වෙත මුදල් ගෙවා තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එක් බස් රථයක් සඳහා මසකට රුපියල් ලක්ෂ නවය බැඟින් අදාළ අධි සුඛෝපභෝගී බස්රථ දෙක වෙනුවෙන් මේ දක්වා කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 252 ක මුදලක් ගෙවා තිබෙන අතර එම බස්රථ පරිහරනය කෙළේ කවුරුන් ද, එය කුමන ආකාරයෙන් ද යන්න නොදැන සිටි බවද මේ දක්වා එම බස්රථ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගෙනවිත් නොමැති බවද එම අමාත්‍යාංශය කියයි.
කිසිවකු හෝ නොදැන සිටි මේ අධී සුඛෝපභෝගී බස්රථ දෙක පෙරේදා (29) විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයට ගෙනවිත් දමා තිබෙන අතර මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය මට්ටමින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද හෙ‍තෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද ඒ මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවද එම ප්‍රකාශකයා සඳහන් කෙළේය.
සාමාන්‍ය මඟී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදා ගන්නා අධි සු‍‍ඛෝපභෝගී බස්රථවල නොමැති තරම් පහසුකම් මේ බස්රථ දෙකේ පවතින අතර ඒ සියලු පහසුකම්වලින් සමන්විත ලෙස නිර්මාණය කිරීම ද විශේෂත්වයකි.
ඌව හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙම බස්රථයේ සවාරි ගිය ආකාරය දැක්වෙන ජායාරුප කිහිපයක් පහත පළවේ.
Image00001Image000021Image00003Image00004Image000051Image00006Image00007Image00009Image00010Image000081

ප්‍රීති,(Kannangara) බැරි කාටුන් නොඇද බස් එකකට නැගලා සින්දුවක් කියනවකෝ ඕයි නම්බු පිට..


















කමලේෂ් ශර්මා අද ලංකාවට

කමලේෂ් ශර්මා අද ලංකාවට
පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (31) දිවයින පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
කමලේෂ් ශර්මා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.
ඒ අනුව කමලේෂ් ශර්මා මහතා ලබන සඳුදා දිනයේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා කරනු ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා මෙම සංචාරය තුළදී මේ වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිතය.
මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබයි. එය මෙම වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩයේදී මෝල්ටා රාජ්‍යයට හිමිවනු ඇත.

Friday, January 30, 2015

මහින්දට නීතියෙන් දඬුවම් නොලැබේවී - චම්පික

මහින්දට නීතියෙන් දඬුවම් නොලැබේවී - චම්පික
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා වලට නීතියෙන් දඬුවම් නොලැබෙනු ඇති බව විදුලි බල හා බල ශක්ති ඇමැති පාඨලී චම්පික රනවක මහතා 'දේශය' පුවත්පත හා සංවදයක නිරතවෙමින් පවසා ඇත.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වන ඇමැතිවරයා..' ප්‍රේමදාස මහතාගේ කාල යේදී මිනී මරපු අයට නීතියෙන් දඬුවම් ලැබුණේ නෑනේ. හැබැයි ඔහුගේ හෘද සාක්ෂියෙන් සංසාරික බලයෙන් කර්ම පලයෙන් මහින්ද රාජපක්ෂට ගැලවීමක් නෑ. ඒ වගේම ජාතික දේහයේ සාරය උරා බීපු පුංචි පුංචි කැනහිල්ලු ටිකකුත් ඉන්නවා ඒ අයටත් කිසි ගැලවීමක් නෑ...
'....රාජපක්ෂට එරෙහිව රාජපක්ෂ වටේ සිටි නිලධාරීන්ට එරෙහිව අපි ඉතා ඉක්මණින්ම චෝදනා ලැයිස්ත්ව පැහැදිලිව ඉදිරිපත් කරනවා. එවිට මේ ජතික මංකොල්ලයේ සැලසුම් හා ක්‍රියාත්මක කළ ආකාරය ජනතාවට දැක බලා ගන්න පුළුවන්...යනුවෙන්ද පවසයි.

මහින්ද අගමැති සිහිනය අත හරියි !

මහින්ද අගමැති සිහිනය අත හරියි !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත අගමැති වීමේ සිහිනයක සිටියද මේවන විට ඒ අත් හැර දමා ඇති බව වාර්තාවේ.
විශෙෂයෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, ටිරාන් අලස් ආදී රාජපක්ෂවාදීන් මේ වෙනුවෙන් පසුගිය දින කිහිපයේදී සැලසුම් ගනනාවක් සකස් කළද වත්මන් පාලනය කටයුතු කරමින් සිටින ප්‍රගතිශීලී ආකාරය අනුව තවදුරටත් එවැනි සිහින දැකීමේ තේරුමක් නැති බව මහින්ද රාජපක්ෂ විසින්ම ඔවුන් වෙත දන්වා තිබේ.
ජනාධිපතිවර්නයේදී ලක්ෂ 58 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබීම සලකා බලමින් ඉදිරි ජනාධිපතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගත හැකිවනු ඇතැයි ඔවුන්ගේ මතය වී තිබිණි. මේ වෙනුවෙන් වෙන්ම සන්ධානයක් නිර්මාණය කිරීමටද සැලසුම් කෙරිණි.
එහෙත් පසුව කෙරුණු විශ්ලේෂණ වලදී එම ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම කෙරෙහි බලපෑ සාධක කිසිවක් ඉදිරි මැතිවරණයකදී වලංගු නොවන බව පෙනී ගොස් තිබේ.
රාජ්‍ය දේපල, මුදල්, මාධ්‍ය බාවිතා කරමින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයන් , විපක්ෂයට එරෙහි මඩ ගැසීම හා නැති සංවර්ධනය මවා පෙන්වීම ආදියට යළිත් ඉඩක් නොලැබෙන බවත් සාකච්ඡා වී තිබේ. එමෙන්ම මේ වන විට රාජපක්ෂවරු හා එම පාලනය විසින් සිදු කරනු ලැබු වංචා දූෂණ අති විශාල ප්‍රමාණයක් හෙළිදරව් වීමත් යම් හෙයකින් නිහඬව නොසිටිය හොත් අත් අඩංගුවට ගැනීමකට පවා ලක්විය හැකි බවත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ විසින් පසුගිය දින කිහිපයේදීම වත්මන් ආණ්ඩුව පිහි‍ටුවීම වෙනුවෙන් ක්‍රියාකළ අප්‍රකට ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනෙකු හා සාකච්ඡා කරමින් තම පවුලේ කිසිවකුවත් අත් අඩංගුවට නොගන්නා ලෙසත් ඇතැම් වංචාකාරි ගනුදෙනු සම්බන්ධයෙන් ‍තොරතුරු මාධ්‍යයට යාම වලක්වන ලෙසත් එවා ගොඩින් බේරා ගැනීමට තමන් එකඟ බවටත් පවසා තිබිණි.
එමෙන්ම පසුගිය මැතිවරණ ව්‍යාපාරයයේදී තමන් විසින් ගෙන ගිය සිංහල ජාතිවාදී මතය තව දුරටත් පොෂණය කිරීම කළ හැකි තත්වයක් නොමැති බවත් විපක්ෂය බලයට ආවොත් රට බේදනවා යැයි කියමින් ගෙන ගිය ප්‍රචාරයන්ද දැන් පුස්සක් බව ඔප්පු වී තිබීම රාජපක්ෂ නොමැතිව වුවත් අනෙක් ජාතිවාදී කණ්ඩායම් වලට හෝ මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීමේ හැකීයාව අහෝසි වී තිබේ.
මේ තත්වයන් මත කිසි ලෙසකින්වත් ආණ්ඩු පක්ෂය වෙන් වෙන්ව තරග කළත් ජනතාවගේ කැමැත්තක් ලබා ගැනීම දුෂ්කර වනු ඇති බව මහින්ද රාජපක්ෂ නිශ්චිතවම පවසා ඇත.

ටොන් 310 රත්තරන් ගනුදෙනුවට මහින්ද කො‍ටු වෙයි !

ටොන් 310 රත්තරන් ගනුදෙනුවට මහින්ද කො‍ටු වෙයි !
එල්ටීටීඊ සංවිධානය සතුව තිබියදි ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් ටොන් 350 න් 310 ක් හොර රහසේ ජපන් රජයට විකිණීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ලවී තිබු චෝදනාවලට ඔහු වැරදිකරු වන ලකුණු පහලව තිබේ.
මේ සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීකෂණ පවත්වාගෙන යයි. ඊයේ දිනයේදී මෙම ගනුදෙනුවේ අතරමැදියන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබිණි.
එහිදී ඔවුන් නිශ්චිතවම සඳහන් කර තිබුණේ මෙම දූෂිත ගනු දෙනුව මහින්ද රාජපක්ෂ විසින් සිදු කෙරුණු බවය. කෙසේ නමුත් ඉදිරි දින කිහිපය තුලදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක කේපී හෙවත් කුමාර් පද්මනාදන්ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.මෙම රත්තරන් තොගය සම්බන්ධ තොරතුරු හෙළි කරගෙන තිබුණේ කේපී ගෙන් ලත් තොරතුරු මතය.
මේ සම්බන්ධයෙන් පසුගියදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හෙළි දරව්වක් කරමින් තමන් විසින් රත්තරන් ටොන් 350ක් ශ්‍රී ලංකා රජයට භාර දුන් බව හෙලිකර සිටියේය. එහෙත් ඉන් මහා භාණ්ඩාගාරයට භාර දි තිබුණේ ටොන් 40 කි.අනෙක් රත්තරන් ටොන් 310 ජපානයට විකුණා තිබුණේ රුපියල් කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදලකටය.
කෙසේ නමුත් මෙම වංචා සහගත ගනු දෙනුව සම්බන්ධයෙන් මුල්වරට හෙළි කළ ශ්‍රී ලංකාවේ පිහිටි මාධ්‍ය ආයතනය වූයේ ලංකා ඩේලී වෙබ් අඩවියය. පසුගියදා සුවිශේෂී හෙළිදරව් කිරීමක් සිදු කළේය.

යුරේනිගෙන් අඩනිරුවත් එකක්! අදහගන්න පුළුවන්ද?

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ තරුණ පරම්පරාවේ ගොඩ දෙනෙකුගේ හිත දිනාගත්ත කෙනෙක්නේ. 

මේ දවස්වල යුරේනිට පෙම්වතෙක් හම්බවෙලා කියලා කියන කතාව අපේ කනටත් වැටුණු නිසා මේ ගැන අහන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා.

හැබැයි යුරේනි නම් කියන්නේ තාම එයාට කොල්ලෙක් නෑ කියලා. ඔය අතරේම ගොඩාක් නළු නිළියෝ ප්‍රසිද්ධ වෙන්න කියලා තමන්ගේ ඇඟ ලෝකෙටම පෙන්නන එක ගැන යුරේනිත් කතා කරන්න ගත්තා.
 ඇය නම් කියන විදියට චිත්‍රපටවල මේ වෙනකොට තියෙන සිපගැනීම් සාමාන්‍ය දෙයක් කියලයි. ඒත් අපේ රටේදී ඔය වගේ චිත්‍රපටයක් රඟපාන්න ගියොත් ඒ ගැන නිළියට හැදෙන කතා ගැන වගේම මුහුණ දෙන්න වෙන අපහසුතා නිසා යුරේනි ලංකාවේ තිරගත වන චිත්‍රපටයක අඬනිරුවතින් රඟපාන්න කැමති නෑ කියලා කියන්නේ.

අපේ රටේදි එහෙම වුනත් ජාත්‍යයන්තර සිනමාවේදී ඒ වගේ චිත්‍රපටයක අඬනිරුවතින් රඟපාන්න අවස්ථාවක් හමුවුනොත් යුරේනි නම් අනිවාර්යෙන් ඒ අවස්ථාව ලබාගන්නවා කියලා ඇය කියනවා. 


හැබැයි ඒ හොඳ පිටපතක් යටතේ වගේම හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ විතරයි කියලා තමයි යුරේනි වැඩිදුරටත් කියා සිටියේ.

මිනිසා මිනසාට ආදරය කරන, මිනිසා මිනිසාට ගෞරව කරන සාධාරණ වෙනසක්

1.1 ගරු කථානායකතුමනි, අදට හරියටම දින 21 කට පෙර 2015 ජනවාරි  08 වෙනි දින මේ රටේ මහජනතාව  විශාල වෙනසක් අපේක්ෂාවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාට ඡන්දය ලබා දුන්නා. අතිගරු ජනාධිපතිතුමාට පැහැදිලි වරමක් ලබාදෙමින් වෙනසක් සඳහා ඔවුන්ගේ තිබූ දැඩි අපේක්ෂාව ප්‍රකාශ කළා. මෙය දේශපාලන සහ පෞද්ගලික අභිප්‍රායන්වලට එහා ගිය, මේ රටේ නව දේශපාලන සහ ආර්ථික සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා මිනිසා මිනසාට ආදරය කරන, මිනිසා මිනිසාට ගෞරව කරන  සාධාරණ වෙනසක්.

1.2 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ 19 වන මුදල් ඇමැතිවරයා වශයෙන් මෙයට පෙර මේ රටේ සිටි ඉතා සුප්‍රසිද්ධ මුදල් අමාත්‍යවරුන්ගේ අඩි පාරේ යමින් මෙම වාර්තාව අද මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කිරීමට ලැබිම මා ලද මහඟු වරප්‍රසාදයක් ලෙස ප්‍රකාශ  කරන්නේ සතුටිනි. මෙම මහජන  හිතකාමී ප්‍රකාශය මගින් දී ඇති  සහන ශ්‍රී ලාංකික ජනතාව  වෙත උපරිම  ප්‍රතිලාභ සහ සහන ලබාදුන් අවස්ථාවක් වශයෙන් ඉතිහාසයට එක්වනු ඇතැයි මා විශ්වාස කරනවා.
1.3 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මානව හිතවාදී නායකත්වයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ පරිණත  බුද්ධිය තුළින් “මෛත්‍රීපාල පාලනයක්” සඳහා වන පදනම  දමා ඇත.  මෙමගින් අක්‍රමිකතාවයන් නැති අලුත් ශ්‍රී ලංකාවක් බිහි වනු ඇත. අද ඉදිරිපත් කරන ප්‍රකාශය ජන හිතකාමී රජයක් මහජනයාට  සේවය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා නිර්මාණය කරන ආකාරය පිළිබඳ ඉතා පැහැදිලි ආදර්ශයක් ලබා දෙනු ඇත. මේ අවස්ථාවේදී මම සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. “දින සියයේ විප්ලවය” තුළින් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙනස ඇති කිරීමට අපේ රජය සමග අත්වැල් බැඳගන්නා ලෙස. බලය තාවකාලිකයි. නිලතල ද එලෙසමයි. අපට ඡන්දය ලබා දුන් මහජනතාවගේ  භාරකරුවන් වශයෙන් අපගේ යුතු කම වන්නේ ජාතියට ගෞරවාන්විත ලෙස සේවය කිරීමයි.  අප ජනතාවගේ සේවකයන් බව අමතක නොකළ යුතුයි. ඔවුන්ට සේවය කිරීමට අප බැඳී  සිටිනවා.

1.4 ශ්‍රී ලාංකිකයාට යළිත් සතුටු විය හැකි කාලයක් උදා වී ඇත. මෙම ප්‍රිතිමත්තාවයෙන් නිදහසත්, නිවහල් බවත්, ධෛර්යයත් ජනිත වනු ඇත. පවුල් පාලනයේ සහ ඥාති සංග්‍රහයේ  බැඳීම් වලින් නිදහස්ව අප අලුත් වී සිටිමු. ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුනි මගේ ප්‍රකාශය අවසාන කිරීමට ප්‍රථම  ඔබගේ  සතුට තව තවත් වැඩිවනු ඇතැයි මම සිතමි. අප නිවේදනය කිරීමට අපේක්ෂා  කරන ප්‍රතිලාභයන් රැස අපගේ ජනතාවට අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතුය. එමෙන්ම අනාගත තිරසාර  පැවැත්ම , සතුට සහ යහපත් දිවි පවෛතක් ඔවුන්ට ලැබිය යුතුයි. ඇතිවුණු වෙනසෙහි පී්‍රතිය සැම  භුක්ති විඳිමින් සිටියි. මෙම වෙනස සිදු වූයේ යහපත් අනාගතයක් වෙනුවෙනි. එම වෙනස අගය කළ යුතු වෙනසක්. එනම් මෛත්‍රී පාලනයක් වෙනුවෙන් මෙම වෙනස සිදුවී ඇත.

1.5 ශ්‍රී ලංකාවේ පසුගිය වසර ගණනාවක් පුරා දේශපාලන පුරසාරම් අප බහුල වශයෙන් අසා ඇති නමුත් ආර්ථීකමය පුරසාරම් බහුල වශයෙන් දකින්නට තිබුණේ නැත. කෙසේ වෙතත් පසුගිය අවුරුදු කිහිපයේ පැවැති පාලනය නැත්නම් මම කැමතියි එය නිවැරදි කරන්න. අවපාලන කාලය තුළ දී මෙවැනි ආර්ථික පුරසාරම් අපට ඕනවටත් වඩා අසන්නට ලැබුණා. මෙම ආර්ථික පුරසාරම් තුළින් ඇතැම් අය උද්දාමට පත් වුණත් මෙහි තිබෙන තිත්ත ඇත්ත ධාරණය කිරීම පහසු නැහැ. අඩපණව තිබූ ආර්ථිකය යළි නගා සිටුවීමත් පුනර්ජීවනය කිරීමත් මේ රජයේ මූලික අරමුණක් වෙනවා.
 

ගරු කථානායකතුමනි, මෙම ප්‍රකාශය ඉදිරියේ දී මෙම ජාතික ආණ්ඩුව මගින් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත සියලු අයවැය ඉදිරිපත් කිරීම් වලට අවශ්‍ය පෙර ගමනක් වශයෙන් මා සලකනවා. ඒවා කරුණු සහ දත්ත මත මිස බොරු පුරසාරම් මත ඉදිරිපත් නොකිරීමට අපි වග බලා ගන්නවා.

1.6 ගොබෙල්ස් න්‍යාය මගින් ජනිත පුරසාරම් බස් මගින්  ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වන බව ජනතාවට දන්වා ඇතත් අපි බොහෝ දෙනෙක්  කල්පනා කරන්නේ මෙවැනි  පුරසාරම් වචනවලට පදනම් වූ යථාර්ථවාදී  කරුණු මොනවාද කියලා.

1.7 බ්‍රිතාන්‍යයන්ගෙන් අපි නිදහස ලබා ගත් දින වන පෙබරවාරි 04 වන දින අපේ ජාතික දිනයට තවත් දින 6 ක පමණ කාලයක් පමණයි තිබෙන්නේ. 2015 ජනවාරි 08 වන දිනද ජාතියේ “යළි දිනාගත් නිදහස් දිනය” ලෙස සැමරිය යුතුයි. පවුල් පාලනයෙන් නිදහස දූෂිත පාලනයෙන් නිදහස, දූෂිත ගජමිතුරු කල්ලියෙන් ලැබූ නිදහස, අවපාලනයෙන් නිදහස  අධිකරණයේ  ස්වාධීනත්වය නැවත ලබා ගැනීම , එකිනෙකාගේ පෞද්ගලික අවශ්‍යතා පරිදි නීතිය යොදා ගැනීම මගින් නීතියේ ආධිපත්‍යය අපයෝජනය වීම නිසා ඇති වී ඇති වැරදි පාලනය ක්‍රමය මගින් ‍පොලීසිය  සහ රාජ්‍ය සේවය නිදහස් කර ගැනීම අප ලබා ගත් නිදහසට ඇතුළත් වී තිබෙනවා.  අපි යළි දිනාගත් නිදහස ආරක්ෂා කර ගැනීම සහ වර්ධනය කර ගැනීම අපගේ පරම යුතුකමයි.
දින සියයේ විප්ලවකාරී වැඩසටහන අලුත් යුගයක් ඇති කිරීම සඳහා අවශ්‍ය පදනම පමණක් නොව “නිදහස සහ නිවහල් බව“ සඳහා නව අරුතක්ද සපයනු ඇත.

ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැනි දින සියයේ වැඩ සඩසටහන යටතේ පැහැදිලිවම  කිරීමට සැලසුම් කොට ඇති ක්‍රියා මාර්ග ජාතිය යළි ලබාගත් නිදහසේ ඵල භුක්ති විඳීමට පැහැදිලි පදනමක් වනු ඇත.

1.8 පවුල් පාලනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කළා පමණක් නොව දැහැමි ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් එකට බැඳී තිබූ සමාජ බැමි ද කඩා දැම්මා. කුඩු සිටුවරු  කැසිනෝකාරයෝ සහ එතනෝල් රජවරු  අපේ දරුවන්ගේ අනාගතය අඳුරු කර දැම්මා. ජනතාවගේ හඬ නිහඬ කර දැම්මා. නිර්භීතව මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වූ  ඇතැම් අය “ආර්ථික ඝාතකයා” වැනි නව යෙදුම් ශබ්ද ඝෝෂයට එකතු කළා. තිබෙන තොරතුරු සහ සාක්ෂි අනුව අපට පැහැදිලිව කියන්න පුළුවන්. එවැනි බොහෝ ආර්ථික ඝාතකයින් මේ ශේ්‍රෂ්ඨ ජාතිය සතු පශු සම්පත් තෝරාගත් සුළු පිරිසකට පමණක් සූරා කෑමට හා බහුතරයකට දුක් විඳීමට ඉඩ සලස්වා තිබෙනවා.

1.9 ජනාධිපතිවරණයට පසුව මෛත්‍රීපාල - රනිල් සමගි රජයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් බහුතරයට අයත් ගරු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ස්ථාපිත කළා. මෙය මේ රටේ නිදහසින් පසු ඉතිහාසයේ  සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කළා.

 අද මම කියන්න ආඩම්බරයි. මෙම මූලාරම්භයන් තුළින් ජාතියට විකල්ප මාවතක්  පෙන්වීමට අපට හැකිවෙලා තිබෙනවා.  මෙම මාවත දිගේ අප සමෛන් ශක්තිමත්ව ගමන් කරනවා. මෙය  කරුණා සහගත මෛත්‍රී පාලනයට මාවතක්, ස්ථාවර රටකට මාවතක්, සෞභාග්‍යයට මාවතක්, විශේෂයෙන්ම මෙය නිදහසට මනුෂ්‍යත්වයට සහ අභිමානයට මාවතක්.

1.10 අතිගරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමත්‍යතුමා සහ රජය වෙනුවෙන් මම මුදල්  අමාත්‍යවරයා වශයෙන් විවිධ තර්ජන ගර්ජන මධ්‍යයේ නිර්භීතව එක හඩින් තමාගේ ඡන්දය මේ ශේ්‍රෂ්ඨ උත්සාහය වෙනුවෙන් ලබා දුන් ඔබ සියලු දෙනාටම පූජ්‍ය පක්ෂයට, රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන්ට , ගොවි ජනතාවට, ගුරුවරුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ට , ධීවර ජනතාවට , ශිෂ්‍යයන් ඇතුළු තරුණ ඡන්ද දායකයන්ට , කම්කරු ජනතාවට , ව්‍යාපාරික ප්‍රජාවට , වතු සේවකයන්ට , ත්‍රීවීලර් රියැදුරන්ට , ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවකයන්ට ස්වයං රැකියාවල නියැලී සිටින ජනතාවට , ත්‍රිවිධ හමුදාවල  සාමාජිකයන්ට , ‍පොලීසියේ සහ සිවිල් ආරක්ෂක සේවාවල සාමාජිකයන්ට , සාමාන්‍ය ජනතාවට ශ්‍රී ලංකාවේ සෑම ජාතියකටම සහ ආගම්වලට අයත් මහජනතාවට මගේ ස්තූතිය සහ ආචාරය පිරිනමනවා.

1.11 පසුගිය රජය විසින් විශාල වශයෙන් රාජ්‍ය සම්පත් භාවිතා කරමින් සහ විවිධ ද්‍රව්‍ය නොමි‍ලේ ලබා දීම වැනි ඡන්ද දායකයන් ‍පොළඹවන ආකාරයේ සාමාන්‍යයෙන් අදහා ගත නොහැකි තරමටම සිදු කළ බලපෑම් වල ප්‍රමාණය සැලකීමේ දී ඇත්ත වශයෙන්ම ඔබගේ දායකත්වය අපගේ ආචාරයට ලක්විය යුතුයි. ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ දී අපි මේ රටේ ජනතාවට විශාල කැපවීමක් ‍පොරොන්දුවක් දුන්නා. අපි බලයට පත්වීමෙන් පසුදින සියයේ විප්ලවකාරී  වැඩසටහන් මගින් මේ රටේ සහ මහජනතාවගේ දැවෙන ප්‍රශ්න සඳහා කඩිනම්  විසඳුම් ලබා දෙන බවට ‍පොරොන්දු වුණා.
1.12 අපි විශ්වාස කරන ආකාරයට මේ රටේ දැවෙන ප්‍රශ්නයක් වන වේගයෙන්  ඉහළ යන ජීවන  වියදම අඩු කරමින් ජනතාවට සහන ලබා දීමට විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බවට අපි ‍පොරොන්දු වුණා.
වැඩිවන ජීවන බර හේතුවෙන් මේ රටේ බහුතර ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන ආහාර නියමිත ප්‍රමිතියට  අනුව ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙම ගැටලුවට විසඳුමක් අවශ්‍ය වෙනවා. සියයට 6.7 ක් පමණ වූ දරිද්‍රතාවය සහ සියයට 21.6 ක් පමණ වූ  මන්ද‍පෝෂණයෙන් පෙළෙන දරුවන් ප්‍රගතිශීලී සංඛ්‍යා ‍ලේඛන නොවෙයි. ප්‍රජාතන්ත්‍රික ඡන්දය මගින්  අපේක්ෂිත වෙනස තුළින් මේ දක්වා අපි අසා නැති මට්ටමක සහන ලබා දෙමින් එම සහන ඉදිරියේදී තව තවත් වැඩි කරමින් දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට අපි කටයුතු කරනවා.
1.13පසුගිය කාලයේදී විශාල වශයෙන් ඇතිවූ දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා විශේෂ කොමිෂන්
සභා පත්කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පත්වීම් කිරීම, ජාතික විගණන පනත සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය  පිළිබඳ පනත් හඳුන්වා දීම, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දීම, විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය ඇති කිරීම යන කරුණු මෙම වැඩසටහන් යටතේ අපි ජනතාවට දුන් ‍පොරොන්දු අතර ප්‍රධාන කරුණු වේ.
පසුගිය අවපාලන කාලය තුළ දූෂිත ක්‍රියාකාරකම්වල ප්‍රමාණය ඉහළටම ගොස් ඇත. පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම නාස්තිකාර දූෂිතයන් අධිකරණයට ගෙන ගොස් ඔවුන්ගේ දූෂිත ක්‍රියා සඳහා නිසි දඬුවම් දෙන තෙක් අප සමග ඉවසීමෙන් සිටින මෙන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1.14මේ වන විට අප මෙම යෝජනා ක්‍රියාත්මක කරමින් සිටිනවා. පසුගිය දින 21ක කාලය තුළ අප ඉටු කර ඇති කාර්යයන් දෙස බැලීමෙන් ඔබට අපේ කාර්යසාධනය සහ කැපවීම පිළිබඳ තීරණයක් ගන්න පුළුවන්. දින සියයේ විප්ලවකාරී වැඩසටහනෙහි අරමුණු ළඟා කරගැනීමේ පැහැදිලි දර්ශනයක් ඔස්සේ අපි කටයුතු කරගෙන යන බව අවධාරණය කරනවා. අද ඉදිරිපත් කරන දින සියයේ විප්ලවය පිළිබඳ ප්‍රකාශය මෙම උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරක්.

1.15අපේ රජය මහජනයා අරමුණු කරගත් රජයක්. ප්‍රමුඛතා පදනම මත මහජනයාට සහන ලබාදීමට අපේ රජය කටයුතු කරනවා. මෙම දින සියයේ විප්ලවය පිළිබඳ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල අඩු කිරීම ජනතාවට ලබා දුන් සහනය මේ සඳහා හොඳ උදාහරණයක්. පසුගිය ඕනෑම කාලයකදී මතෛක් ලබාදී ඇති ඉහළම ඉන්ධන මිල අඩු කිරීම ජාතියට ලබා දීමට අපට හැකි වුණා. මට තේරෙන්නේ නැහැ ඇයි පසුගිය රජයට මෙවැනි ඉන්ධන මිල සංශෝධන කිරීම් තුළින් මහජනතාවට ප්‍රතිලාභ ලබාදීමට නොහැකි වුණේ කියලා.
1.16මහජනතාවට සහන ලබාදීමට යෝජිත පියවරයන් සහ ආදායම් සහ වියදම් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර මේ රටේ පුපුරා යාමට ආසන්න මට්ටමේ තිබෙන ආර්ථික බුබුල පිළිබඳවත්, පාර්ලිමේන්තුව විසින් වර්ෂ 2015 සඳහා අනුමත කළ අය වැය පිළිබඳවත් මේ රටේ ආර්ථිකයේ ප්‍රගතිය පිළිබඳවත්
අනිකුත් අදාළ ක්ෂේත්‍ර පිළිබඳවත්
කරුණු කිහිපයක් පැහැදිලි කිරීමට මම කැමැතියි.
02 පුපුරා යාමට නියමිත බුබුල
2.1ශ්‍රී ලංකාව අවිධිමත් ආර්ථික කාලපරිච්ජේදයක් ගත කර ඇත. දින කිහිපයකට පෙර දක්වා සංඛ්‍යා ‍ලේඛන පෙන්වා දුන්නේ සම්පූර්ණයෙන් වෙනස් චිත්‍රයක්. අඛණ්ඩව පැවැති දේශපාලන පුරසාරම් මගින් ආර්ථිකය පිළිබඳ බොරු රෝසි චිත්‍රයක් මවා ඇත. මේ ආර්ථික  ප්‍රවීණයන් යැයි හඳුන්වා ගන්නා පිරිස තමාගේ ආයුධ වශයෙන් යොදා ගත්තේ වෙනස් කරන ලද ප්‍රස්ථාර හා වගුයි.
2.2බොහෝවිට කතා කළේ ආසියාවේ ආශ්චර්ය සහ ආර්ථික කේන්ද්‍ර පිළිබඳ වරින්වර වෙනස් වන තොරතුරුය. සාමාන්‍ය ජනතාව මෙම බොරු උගුලට සහ රැවටීමට හසුවී නැත. ඒ වෙනුවට ඔවුන් දුටුවේ ජාතිය විනාශය කරා ගෙන යන කේන්ද්‍රයන්ය. කුඩු කේන්ද්‍ර, එතනෝල් කේන්ද්‍ර සහ කැසිනෝ කේන්ද්‍ර දිනෙන් දින වර්ධනය විය. අපේ තරුණ පරම්පරාව, අපේ ආදරණීය රටේ අනාගතය සහ බොහොමයක් අහිංසක ළමයින් කුඩු සිටුවරු එතනෝල් රජවරුන්ගෙන් හා කැසිනෝකාරයන්ගේ කපටි උපක්‍රමවල ගොදුරු බවට පත්විය.
2.3කොටස් හුවමාරුව, කොටස් වෙළෙඳපළ පිළිබඳ දැනුමක් ඇති විශේෂඥයන්ගේ හාස්‍යයට ලක්ව ඇත. ‘භථනඪදඨ චදඤ ච්භථනඪදඨ’ දවසේ නීතිය වී ඇති අතර කුඩා කොටස් වෙළෙඳපළ ව්‍යාපාරිකයන්ට එම සංගීතයට මුහුණ දීමට සිදුවේ. ‍පොලී අනුපාතය පහත වැටුණු කල ඉහළ ලොක්කෝ වැඩිහිටි ජනතාවට කොටස් වෙළෙඳපළ ආයෝජනය කරන ලෙස ඉල්ලා ඇත. ඔවුන්ට මුහුණපාන්නට සිදුවන ප්‍රතිඵලය ගැන හොඳින්ම දැන සිටියත් මේ පිළිබඳව අදාළ මිනිසුන්ගේ හදවත් උණු වූයේ නැත. මෙයින් ඉතාමත් දුප්පත්ම විශ්‍රාමිකයන් පවා අමාරුවේ වැටුණා. කොටස් වෙළෙඳපළ සිටුවරුන් වූ සුපිරි ධනවතුන් දුප්පතාගේ කර මතින් තර විය.
2.4 මේ සන්දර්ශනය දිගටම පැවතුණා. විකටයන් සිය කොටස මැනවින් රඟපෑවා. කරණම්කරුවෝ ඉහළ පහළ කරණම් ගැසුවා. කලාකරුවෝ පිරිසක් සත්‍යයට වෙස්මුහුණු බැන්දා. සත්‍ය රසවත් බොරුවෙන් වසා දැම්මා. ‘බොරු, අමූලික බොරු සහ සංඛ්‍යා ‍ලේඛන’ යන කියමන මෙම චිත්‍රයට මනාව ගැළපුනා. දළ දේශීය නිෂ්පාදන හා රාජ්‍ය ණය මොවුන්ගේ වාග් මාලාව තුළ වාසිදායක ලෙස යොදා ගත්තා.
2.5අතිශය සුඛෝපභෝගී ජීවන රටාවක් පවත්වාගෙන යන සුපිරි ධනවතුන් පිරිසක් මෙම ගජමිතුරු ආර්ථිකය විසින් නිර්මාණය කර ඇත. මෙම පිරිස දූෂිත ලෙස උපයා ගත් ධනය හා ශක්තිය මෙන්ම එහි බලයද ප්‍රදර්ශනය කරනු ලැබුවා. ජනගහනයෙන් සියයට 2ක් වන සුළුතරයක් විසින් අනෙක් අයගේ පිහිටෙන් සමෘද්ධිමත් වුණා. ඉතිරි සියයට 98 කුමක්ද වුණේ? 2005 සිට මොවුන්ට කීවේ පටිතද කරගන්නා ලෙසයි. එය එලෙසම ක්‍රියාත්මක වුණා. ආර්ථික දුෂ්කරතා නිසා ඔවුන්ගේ පවුල් කඩාකප්පල් වුණා. රන් භාණ්ඩ උකස් තැබුවා. ඔවුන්ගේ වත්කම් එදිනෙදා දිවිපවෛත පවත්වාගෙන යාම සඳහා විකුණා දැම්මා. සමහරු අතිශය දිළින්දන් වුණා. දරාගත නොහැකි දිළිඳු භාවයේ එරී සිටි අපේ මව්වරු, පියවරු, සහෝදරවරු ගඟට පැන දිවිනසා ගැනීමෙන් බේරාගැනීම සඳහා මාතර මහනාම පාලම හා කළුතර පාලම මත නාවික හමුදා ආරක්ෂකයන් රැඳවීමට සිදුවුණා.
2.6 ආරථික විද්‍යා වචන, දේශපාලන හා ආර්ථික පුරසාරම් පෙරටත් වඩා උස්හ¾ඩින් ඇසෙන්නට වුණා. ෙදෙවඥයෝ ඔවුන්ගේ සුඛවිහරණයට ගැළපෙන සේ කැමැති පරිදි ග්‍රහචාරය පවා වෙනස් කළා. මේවායේ අරමුණ වූයේ සියයට 2ක් පමණ වූ සුළුතරය දිගින් දිගටම ‍පෝෂණය කිරීමයි. 2015 ජනවාරි 8 වන දින සුවිශේෂී දිනයක් විය. නිදහසේ සුවඳ ජාතිය සිසාරා හමන්නට විය.
2.7නිලධාරීන් හා ආර්ථික විශේෂඥයන් විසින් සංඛ්‍යා ‍ලේඛන විමසුම් කළා. දැන් මායාවේ ආර්ථිකය හා බොරු මතුවී තිබෙනවා. නරක ආරංචිය වන්නේ ආර්ථිකය යහපත් නොවන බවයි. සුබආරංචිය වන්නේ ආර්ථිකය යළි පණගැන්විය හැකි බවත් දැන් එය ආරක්ෂිත හස්තයක් තුළට පත්ව ඇති බවත්ය. ආර්ථිකයේ නියම තත්ත්වය හෙළිදරව් කරගැනීමට අපට හැකි වුණා. එසේම දේශපාලනඥයන් කොටස් වෙළෙඳපළේ දැවැන්තයන් නොඑසේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සියලු දෙනා විසින් උපයා ගන්නා ලද දූෂිත ධනය පිළිබඳ විමර්ශනය කර ඒවා යළි ලබා ගැනීමට කටයුතු කරනවා. මොවුන්ගේ නීතියෙන් ගැලවී සිටීමේ මුක්තිය දැන් අවසන්වී තිබෙනවා. වැරදිකරුවන්ට සහ දූෂිත පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇත.
2.8අවසාන වශයෙන් මෙම බුබුල පුපුරා යා යුතුය. අපගේ රජය දැන් මෙම තත්ත්වය පිළිබඳව මනා අවධානයකින් සිටියි. ස්ථිරසාර බවකින් යුක්තව ආර්ථිකය ඉදිරියට ගමන් කරනු ඇත. ආර්ථිකයේ නිවැරදි තත්ත්වය නිරතුරුවම ඉදිරිපත් කරන බව අප ජාතියට ‍පොරොන්දු වෙමු.
2.9ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මෛත්‍රී පාලනයේ යහපත් බව තුළින් යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ අලුත් ප්‍රතිමාණයක් ජාතියට එකතු කරනු ඇත. මේ පිළිබඳව
උදාහරණ දෙකක් දීමට කැමැත්තෙමි. 2009 පැවැති මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව ජයග්‍රාහකයා ජයපැන් බිවු අතර පරාජිතයා සිරගත කරන ලදී. මෙවර සිරගත වීමේ දුක්ඛිත වාතාවරණයෙන් මිදීමේ සහනය ජයග්‍රාහකයාට හිමිවූ අතර ජනතාවගේ මුදලින් ස්වකීය ගම් පළාත වන මැදමුලනයට යාමට නොමි‍ලේ හෙලිකොප්ටර් යානා ලබා ගැනීමට පරාජිතයාට හැකිවිය.
2.10ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට 2015 ජනවාරි 09 වන දින නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති දිවුරුම් ප්‍රතිඥාව ලබාදීමට වැය වූයේ රුපියල් 60,000ක් වැනි සුළු මුදලකි. එසේ වුවද 2009 දිවුරුම් දීමේ උත්සවය සඳහා පැවැති රජය රුපියල් මිලියන ගණනක් වැය කර ඇත.
03. මෙම ප්‍රකාශයේ අරමුණ
3.1අද ඉදිරිපත් කරන මේ ප්‍රකාශය අපේ රටේ රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ අලුත් ලක්ෂණයක් විය හැකිය. පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතු අවස්ථාවක නව රජයට සම්පූර්ණ වර්ෂය සඳහා තමාගේ නව ප්‍රතිපත්ති ඇතුළත් කොට අය වැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීම සඳහා අතුරු සම්මත ගිණුම් මීට පෙර බොහෝ අවස්ථාවල මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බව අප අසා ඇත.
3.2කෙසේ වෙතත් අපි රජයේ රේඛීය අමාත්‍යංශ ව්‍යුහයට විශාල වෙනස්කම් කර ඇති බැවින් අද ඉදිරිපත් කරන ප්‍රකාශය අත්‍යවශ්‍යයි. ඔබ දන්නා පරිදි අපි අමාත්‍යවරු ගණන 71 සිට 31 දක්වා අඩු කළා. මෙය පසුගිය රජයේ පැවැති ක්‍රමවේදයේ විශාල වෙනස් වීමක්.

අමාත්‍ය මණ්ඩලය ස්ථාපිත කිරීමේ දී අඩුම පිරිවැයකින් වැඩිම ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදි අපි රේඛීය අමාත්‍යාංශ ව්‍යුහගත කර තිබෙනවා. අලුතින් ඇති කළ අමාත්‍යාංශ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට හැකි වන පරිදි සම්පත් නැවත වෙන් කළ යුතුයි. මෙම නව ව්‍යුහය ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉදිරියේ දී ඉල්ලා සිටිනවා.
මීට අමතවර, විශේෂයෙන් ජනතාවට සහන ලබා දීම සඳහා අලුත් ආදායම් සහ වියදම් යෝජනා කිහිපයක් ද මගේ ප්‍රකාශයේ ඉතිරි කොටසේ දී ඉදිරිපත් කිරීමට බලා‍පොරොත්තු වෙනවා.
3.3 2014 ඔක්තෝබර් 24 වන දින ඉදිරිපත් කොට 2014 නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2015 අය වැය තුළ මෙම වෙනස්කම් සහ යෝජනා ඇතුළත් කළ යුතු අතර අවශ්‍ය නීති සංශෝධනයන් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරනු ලැබේ.
04. අය වැය 2015
4.1 මීට පෙර ඉදිරිපත් කරන ලද 2015 අයවැය මගින් රජයේ සමස්ත ආදායම වශයෙන් රුපියල් බිලියන 1,594 ක් අපේක්ෂා කර ඇත. මෙයින් රුපියල් බිලියන 1,400 ක් බදු ආදායම වශයෙන් ද රුපියල් බිලියන 194 ක් බදු නොවන ආදායම වශයෙන් ලැබේ යැයි ඇස්තමේන්තු කර ඇත. මුළු වියදම් සහ ශුද්ධ ණය දීම් රුපියල් බිලියන 2,990 ක් වන අතර එයින් රුපියල් බිලියන 1,465 ක් පුනරාවර්තන වියදම් වේ. රුපියල් බිලියන 685 ක් ප්‍රාග්ධන වියදම් සහ දළ ණය දීම් වශයෙන් ඇස්තමේන්තු කර ඇත. ඇස්තමේන්තු කොට ඇති පරිදි 2015 අයවැය හිඟය රුපියල් බිලියන 521 ක් වන අතර එය දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 4.6 ක් පමණ වේ.
4.2 මේ අවස්ථාවේ මම ප්‍රකාශ කළ  යුතුයි මෙම හිඟය අදාළ වන්නේ රජයේ ආදායම් සහ වියදම්වලට පමණක් බව. කෙසේ වෙතත්, අපි නැවත නැවතත් මෙම පාර්ලිමේන්තුවට පෙන්වා දී ඇති පරිදි සහ පසුගිය වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවෙන් පිටතදී පවා සාකච්ඡා කොට ඇති පරිදි මෙම හිඟය අද රටේ රාජ්‍ය මූල්‍ය සඳහා ඇති සත්‍ය වගකීම නිරූපණය නොකරයි. මෙම හිඟය තුළ රජයේ බොහෝ අයවැය ක්‍රියාකාරකම් ඇතුළත් කොට නැත.
4.3 මෙම සත්‍යය වසන් කරන මුලාව ඉවත් කළ යුතු අතර සත්‍ය තත්ත්වය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ සාමාන්‍ය මහජනතාවට දැන්විය යුතුය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ මහජනයා නොමග යවන්න අපි අදහස් කරන්නේ නැහැ. අපේ උත්සාහය යහපාලනය ඇති කිරීමයි.
4.4 රාජ්‍ය ණය පිළිබඳ තොරතුරු ප්‍රමාණවත් ලෙස ඉදිරිපත් කර ඇති අවස්ථා පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.
අ. මෙම අයවැය හිඟය කිසිම ආකාරයකින් පසුගිය අවුරුදු කිහිපය තුළ රටේ අසම්භාව්‍ය වගකීම් නරූපණය කරන්නේ නැහැ. 2014 වර්ෂය අවසානය වන විට රජයට අයත් ව්‍යාපර මගින් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වාණිජ බැංකු මගින් ණය ලබා ගැනීමට රුපියල් බිලියන 524 ක පමණ භාණ්ඩාගාර ඇපකර රජය විසින් ලබා දී ඇත. (ඇමුණුම් 1) අදාළ රජය සතු ව්‍යාපාරවලට මෙම ණය ගෙවීමට නොහැකි වුවහොත් රජයට එම ණය මුදල් ගෙවීමට සිදු වේ.
ආ. මෙම සංඛ්‍යාවලට 2014 අවසානය වන විට රාජ්‍ය ව්‍යාපාරවලින් බැංකු  පද්ධතියට ගෙවිය යුතු රුපියල් බිලියන 593 ක් පමණ වූ හිඟ මුදල ද ඇතුළත් විය යුතුය. එමෙන්ම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හෙජින් ගනුදෙනුව වෙනුවෙන් දැනටමත් වො ඇති ඇ.ඩොලර් මිලියන 60 ක් එනම් රුපියල් බිලියන 7.8 ක් පමණ වූ මුදල ද මෙයට ඇතුළත් වී තිබෙනවා. හෙජින් ගනුදෙනුව නිසා රජයට සිදුව ඇති මුළු පාඩුව ඇ. ඩොලර් මිලියන 20 ක් (රු. බිලියන 15.7) පමණ වන බව ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම ගනුදෙනුව, ශ්‍රී ලංකා වාණිජ මෙහෙයුම් ඉතිහාසයේ මහජනයාට ඉතාමත්ම අයහපත් ලෙස බලපා ඇති අඥානතම ගනුදෙනුවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්.
ඇ. ඒ වගේම, යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා රාජ්‍ය ව්‍යාපාර විසින් ලබාගෙන ඇති විදේශ ණය ද රජයේ අයවැය හිඟය තුළ නිරූපණය නොවේ. 2004 වර්ෂය අවසාන වන විට ගෙවීමට ඉතිරිව ඇති ණය ඇ. ඩොලර් මිලියන 2,356 ක් එනම් රු. බිලියන 303 ක් පමණ වෙනවා. මෙම ණය මුදල් පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ව්‍යාපෘතිය සඳහා ලබාගෙන ඇත. (ඇමුණුම් 11)
4.5. අපි භාණ්ඩාගාර ඇපකර වටිනාකම, රජ්‍ය ව්‍යාපාර මගින් බැංකු පද්ධතියෙන් ලබාගෙන ඇති ණය සහ රජ්‍ය ව්‍යාපාර මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබාගෙන ඇති විදේශ ණය එකතු කොට ගණන් බැලුවහොත් අවයැව හිඟය දැනට ප්‍රසිද්ධ කර ඇති සංඛ්‍යාවට වඩා විශාල අගයක් ගන්නවා.
4.6 දැන් ඔබට පසුගිය පාලන කාලයෙන් අපට දායාද වශයෙන් ලැබි ඇති හිඟයේ ප්‍රමාණය පෙනෙනවා ඇති. පසුගිය රජයෙන් අපට ලැබි ඇති අයහපත් දායාදය මෙයයි. හෙට අපේ ගමන මෙවැනි තත්ත්වයක සිට ආරම්භ කිරීමට සිදු වී තිබෙනවා.
4.7 මේ ක්‍රමයට තවත් අවුරුදු කිහිපයක් කටයුතු කරගෙන ගියේ නම් අපේ රට ආර්ථිකමය වශයෙන් අසාර්ථක ජාතියක් වශයෙන් නම් කිරීමට හැකිව තිබුණා. නැවත වරක් මම මේ “වෙනස” සිදු කළ හැම දෙනාටම මගේ ස්තූතිය පිරිනමන්න කැමතියි. එසේ නොවුණානම් අපේ ශ්‍රේෂ්ඨ ජාතියටත් සමස්ත ආර්ථිකයම දූෂිත පාලකයන්ගේ සූරා කෑමට ලක් වී කොටස්වලට කැඩී ගිය “බනානා රිපබ්ලික්”වලට අත් වූ ඉරණම ඇති වීමට ඉඩ තිබුණා.
4.8 දැනට ලැබි ඇති දත්ත අනුව 2014 වර්ෂය අවසානය වන විට රජයේ ණය රුපියල් බිලියන 7373 ක් පමණ වෙනවා. මේ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 357,233 ක් පමණ වෙනවා.
කෙසේ වෙතත්. මම ඉහත සඳහන් කළ අයිතම තුන ද ඇතුළත් කළහොත් සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,817 ක් පමණ වෙනවා. ඒ අනුව, ඒකපුද්ගල ණය ප්‍රමාණය ද රුපියල් 427,220 ක් දක්වා ඉහළ යනවා. නැවතත් ඔබට පේනවා ඇති පසුගිය රජය මෙරටේ මහජනතාව මත පටවා ඇති ණය බරෙහි ප්‍රමාණය.
4.9 මම අවධාරණය කළ යුතුයි මේ සම්පූර්ණ ණය මුදල් මේ රටේ අහිංසක මහජනතාව, දැනට සිටින වර්තමාන පරම්පරාව පමණක් නොව අනාගතයේ ඉපදෙන්නට සිටින දරුවන් විසින් ද ගෙවිය යුතු බව අපිට අවුරුදු 2500 කට වැඩි කාලයක් අපේ ඉතිහාසයෙන් ලැබුණු දායාද පිළි
බඳව ආඩම්බර විය හැකි වුවත් පසුගිය රජය විසින් අපට ලබා දී ඇති ණය දායාදය පිළිබඳ අපි කෙසේ ආඩම්බර වෙන්නද. මෙහිදී ඇති වන ප්‍රශ්නය නම් මෙය අවශ්‍ය ද නුවණක්කාර ද යන්නයි. පසුගිය රජය කාලයේ මූල්‍ය කටයුතු කළමනාකරණය කර ඇති ආකාරය පිළිබඳව එම පාලකයන් ලැජ්ජා විය යුතුය. තෝරාගත් සුළු පිරිසකගේ සුඛ විහරණය සඳහා ලබා ගත්  ණය පරම්පරා ගණනාවකට ගෙවීමට සිදු වෙලා තිබෙනවා.
සමස්ත ණය සහ ඒක පුද්ගල ණය
අයිතමය201220132014
සමස්ත ණය (රු. බිලියන)රාජ්‍ය ණය
සමස්ත ණය, භාණ්ඩාගාර ඇපකර, රාජ්‍ය ව්‍යාපාර විසින්6,8538,0998.817
බැංකු සහ විදේශ මූලාශ්‍රවලින් ලබාගත් ණය ඇතුළත්ව
සමස්ත ණය දළ දේශීය
නිෂ්පාතයෙන් ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය79.278.374.4
සමස්ත ණය භාණ්ඩාගාර ඇපකර, රාජ්‍ය ව්‍යාපාර විසින්
බැංකු සහ විදේශ මූලාශ්‍රවලින් ලබා ගත් ණය ඇතුළත්ව90.493.483.9
ඒක පුද්ගල ණය (රු)රාජ්‍ය ණය295,165331, 659352,869
සමස්ත ණය, භාණ්ඩාගාර ඇපකර, රාජ්‍ය ව්‍යාපාර විසින්
බැංකු සහ විදේශ මූලාශ්‍රවලින් ලබා ගත් ණය ඇතුළත්ව337, 140, 395, 379, 427, 220
4.10 රජයේ සමස්ත ණය 2014 අවසානය වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.4 ක් පමණ වෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව මෙම ණය ඉහළ මට්ටමක පවතිනවා. මා මුලින් සඳහන් කළ අයිතම තුන ද ඇතුළත් කළහොත් සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 88.9 ක් දක්වා වැඩි වෙනවා.
. මෙයින් අපට දෙන පණිවුඩය තමයි රටේ අයවැය සහ ගෙවීමට ඇති ණය අඩු කිරීම සඳහා ඉදිරියේදී ප්‍රබල හා නිර්මාණශීලී ක්‍රමවේදයන් යොදා ගැනීමට අවශ්‍ය වන බව.
4(11) පසුගිය රජය යටතේ ක්ෂේත්‍ර සුළු ප්‍රමාණයකට රජයේ අයවැයෙන් විශාලතම කොටස වෙන් කර තිබුණා. කෙසේ වෙතත් 2015 වර්ෂය සඳහා වූ විසර්ජන කෙටුම්පතෙහි සංශා්ධනයක් සිදුකර මෙම විෂමතාවය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.
4(12) මෙවැනි සිදුවීම් යළි යළිත් අනාගතයේ සිදු වීම වළක්වා ගැනීම පිණිස අයවැය හිඟය සහ රටේ දැනට පවතින ණය ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා ශක්තිමත් මෙන්ම නවෝත්පාදන පියවරයන්ගේ අවශ්‍යතාවය මෙවැනි සිදුවීම්වලින් පිළිඹිඹු කරයි.
4(13) අපේ අලුත් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර මම කැමතියි ප්‍රධාන සාධක 2ක් පිළි
බඳව සඳහන් කරන්නට එනම් ආර්ථික වර්ධනය නාමික වැටුප් සහ ණය ගෙවීමේ බර යන්නයි.
5. ආර්ථික වර්ධනය හා නාමික වැටුප්
5.1 ශ්‍රී ලංකාව පහළ උද්ධමනයක් සහ පහළ රැකියා වියුක්ති අනුපාතයක් සහිත නැගී එන වෙළෙඳ ආර්ථිකයක් සහිත රටවල් අතර සාපේක්ෂ වශයෙන් ඉහළ ආර්ථික වර්ධනයක් තිබෙන රටක් වශයෙන් හඳුනාගෙන තිබෙන බව අපි දන්නවා.
5.2 ලෝකයේ ප්‍රධාන ආර්ථික නියමුවන් වශයෙන් කටයුතු කළ බටහිර ලෝකය අභිබවා ආසියානු කලාපයට වර්ධනය වීම සඳහා මේ ශත වර්ෂය විශාල අවස්ථාවක් ලබා දී තිබෙනවා. චිනය සහ ඉන්දියාව ලබා ඇති යෝධ ආර්ථික පියවර ආසියානු රටවල්වල හැකියාව ලෝකයාට ප්‍රදර්ශනය කර තිබෙනවා. ශ්‍රී ලංකාව සියයට 90ට වඩා වැඩි ආසියාවේ ඉහළම සාක්ෂරතාවයක් ඇති ජාතියක් වශයෙන් අපි ළඟා කරගෙන ඇති තත්ත්වය අපේ හැකියාවට සාපේක්ෂව ප්‍රමාණවත්ද යන්න විවේචනාත්මකව විග්‍රහ කළ යුතුව තිබෙනවා.
තිරසාර ආර්ථික වර්ධනය හා ස්ථාවරත්වය අධිවේගී මාර්ග ගුවන්තොටුපළවල් වරායන් සහ ගොඩනැගිලි මගින් පමණක් පවත්වා ගත නොහැකි වෙනවා. කෘෂිකර්මය, කර්මාන්ත සේවා කර්මාන්ත ආශ්‍රිත අපනයනවල තත්ත්වය කුමක්ද?
පිළිගත් ක්‍රමවේදය නම් සමස්ත සංවර්ධන සැලසුම් තුළ මාර්ග පද්ධති සහ වෙනත් විශාල යටිතල පහසුකම් අවශ්‍යතාවයන් සඳහා අවශය ප්‍රතිපාදන ලබා දීමයි. නමුත් එවැනි සංවර්ධන සැලැස්මක් තිබි නැහැ. ඒ වෙනුවට තෝරාගත් සුළු පිරිසකගේ ඵල ප්‍රයෝජනය සඳහා අවිධිමත් ලෙස ව්‍යාපෘති සැලසුම් කොට සමස්ත ආර්ථිකයම අවදානමට ලක් කර තිබෙනවා. දේශපාලන පවුලක් ඉහළට ඔසවා තැබිම හා අභිමානවත් කිරීම අරමුණු කරගත් තෝරාගත් නගර සංවර්ධනය මගින් ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි මට්ටමකට පත් කොට තිබෙනවා.
5.3 ශ්‍රී ලංකාවේ වාර්ෂික මූර්ත ආර්ථික වර්ධන වේගය පසුගිය අවුරුදු තුනක කාලය තුළ සියයට 7ක පමණ වූ අතර එම කාලය තුළදී නාමික ආර්ථික සංවර්ධන වේගය සියයට 15ක් පමණ වී ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඒක පුද්ගල ආදායමේ සැලකිය යුතු  වර්ධනයන් ඇති වී  ඇති අතර එය 2014 දී ඇ. ඩොලර් 3,646 ක් එනම් රුපියල් 477,600 ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇති ජාත්‍යන්තර  වර්ගීකරණය අනුව මෙය මැදි ආදායම් රටක ආර්ථික මට්ටමට සමානවේ.

5.4 කෙසේ වෙතත් ජාතික ආදායමේ නාමික වර්ධනයෙන් රටේ පුරවැසියන්ගේ ජීවන මට්ටමේ වැඩි දියුණුවීම  නිරූපණය නොවේ.  මේ සඳහා අපි රටේ සාමාන්‍ය  පුරවැසියන්  දෙස බලා ඔවුන් තුළ  ඒක පුද්ගල ආදායම් සංඛ්‍යාවලින් පෙන්වන සෞභාග්‍යතා මට්ටමක් තිබේද යන්න  නිරීක්ෂණය කළ යුතුය. එසේ නොවේනම් මේ කරුණු  දෙක අතර සම්බන්ධයක් නැත. අපේ ගැරු අග්‍රාමාත්‍යතුමා නිතරම සඳහන් කර ඇති පරිදි සංවර්ධනයේ ප්‍රතිලාභ එක් වරප්‍රසාදලත් පිරිසකට පමණක් සීමා නොකර රටේ සියලුම පුරවැසියන්ට ලබා දීමට මෙම රජය   කටයුතු කරනවා. අපි තෝරා ගත්  පවුල් කිහිපයක පමණක්  සෞභාග්‍ය ළඟා කර ගැනීම විශ්වාස නොකරන අතර ශ්‍රී ලංකා මාතාවගේ සියලුම පුරවැසියන්ගේ දියුණුව උදෙසා කටයුතු කරනවා.

5.5 සමහරක් නාමික වැටුප් කාණ්ඩ වැඩී වී ඇත්තේ අඩු අනුපාතයකිනි. උදාහරණයක් වශයෙන් රාජ්‍ය සේවයේ නාමික වැටුප සියයට 10කට  වඩා අඩු ප්‍රතිශතයකින් පසුගිය අවුරුදු දෙකක කාලය තුළදී  වැඩි වී ඇත. එම ප්‍රමාණය උද්ධමනය සමග සසඳා බලන විට වාර්ෂික මුර්ත  වැටුප් වර්ධනය සියයට 5ක් පමණ වන අතර එමගින්  පවුලක මිල දී ගැනීමේ හැකියාවේ  ප්‍රමාණවත් වර්ධනයක් පෙන්නුම් නොකරයි. ඊට අමතරව, ශ්‍රම බලකායේ ඇතැම් කොටස්වල මුර්ත වැටුප අඩු වී ඇත.

5.6 මේ නිසා වැටුප් මට්ටම් සහ මිල මට්ටම්වලට යම් යම් වෙනස්කම් ඇති කළ යුතුය. දින සියයේ විප්ලවකාරී වැඩසටහන මගින් මසක වැටුප රුපියල් 10,000 කින් වැඩි කොට එයින්  රු. 5,000ක්2015 පෙබරවාරි මාසයේදී ලබා දී ඉතිරිය   2015 ජුනි මාසයේ දී ලබා දීමට  සැලසුම් කොට ඇත. මේ අනුව රජයේ සේවකයන්ගේ නාමික වැටුප 2015 දී 2014 වැටුපට සාපේක්ෂව සියයට 47 කින් වැඩි වනු ඇත. මූර්ත වැටුපේ  වර්ධනයද 2015 දී පසුගිය වසරට වඩා සියයට 40කින්  වැඩි වනු  ඇත.  මෙය පහළ උද්ධමනකාරී තත්ත්වයක් තුළ සිදුවීම විශේෂත්වයකි.
5.7 තෝරාගත් භාණ්ඩ සහ සේවාවල මිල අඩු කිරීම් මගින්   සියලුම පවුල්වල මූර්ත ආදායම ඉහළ යනු ඇත. මේ අනුව,  ඉදිරියේ දී සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සමාන අවස්ථා සහ යහපාලන රාමුවක් තුළ වැඩි දියුණු  වනු ඇත.
6. ණය නැවත ගෙවීමේ වගකීම (ණය බර)
6.1 අප දන්නා පරිදි ණයසේවාකරණය රජයේ අයවැය මෙහෙයුම් සඳහා විශාල පීඩනයක් ගෙන දෙනවා. 2015   වසර   සඳහා පමණක් ‍පොලී ගෙවීම් සඳහා රුපියල්  බිලියන 425 ක් සහ ණය ගෙවීම් සඳහා රුපියල් බිලියන 840 ක් වශයෙන් සමස්ත ණය සේවාකරණය සඳහා රුපියල් බිලියන 1,265 ක් අවශ්‍ය වෙනවා.
6.2 මෙය 2015 සංශෝධිත අයවැයේ ආදායමෙන් සියයට 77 පමණ වෙනවා. මෙය අයවැය  මගින් ජනතාවට බොහෝ අත්‍යවශ්‍ය සේවා ලබා දීමට හැකි ඉඩ සැලකිය යුතු මට්ටමකින් සීමා වීමට හේතුවෙනවා. ණය ආපසු ගෙවීම් සම්බන්ධව පහත සඳහන් කොන්දේසි කෙරෙහි  අවධානය යොමු කිරීමට මා කැමතියි.

අ. 2015 දී ද්වීපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ආයතනවලට ගෙවීමට ඇති ණය ගෙවීම්, වාණිජ ණය ගැනීම් සහ අපනයන ණය  සඳහා වූ ණය සේවාකරණ ගෙවීම්  ඇ.ඩොලර් මිලියන 1,394 ක් පමණ වෙනවා. ඉදිරි වර්ෂ 05 සඳහා  මෙම මූලාශ්‍රවලට අදාළ  සමස්ත ණය සේවාකරණ ගෙවීම් ඇ.ඩොලර්  මිලියන 8,461 ක් පමණ වෙනවා. 2014  වසර අවසානයේ දී ගෙවීමට ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇ.ඩොලර්  මිලියන 5,000 ක්ද මෙයට ඇතුළත් වන අතර මෙයින් විශාල ප්‍රමාණයක් 2015-2020  කාල පරිච්ජේදය තුළ දී කල් පිරෙනු ඇත.

ආ.  ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳ ‍පොළේ ඉහළ යන ඵලදා අනුපාත තත්ත්වයක් හමුවේ රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති විදේශ ආයෝජනයන් කල් පිරීමට පෙර අලෙවි කිරීම සහ භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල සිදුකර ඇති විදේශ ආයෝජන ක්‍රමානුකූලව කල් පිරීමද සිදුවිය හැක.

ඇ. විශාල පරිමාණයේ ව්‍යාපෘති  සඳහා මෑතකදී   ලබාගෙන ඇති බොහොමයක් ණයවල ආරම්භක අවුරුදු 3-4 ක් පමණ වූ සහන කාල සීමාව අවසන් වෙමින් මේ අවුරුද්දේ  සිට ණය ගෙවීම ආරම්භ කිරීමට සිදුවනු ඇත.
ඈ.  ආරක්ෂක කටයුතු  සඳහා ලබාගෙන ඇති ඇ. ඩොලර් මිලියන 15ක් පමණ වන ණය ද අපිට ගෙවීමට තිබෙනවා. මීට අමතරව  හෙජින් ගනුදෙනුව සම්බන්ධව ඇත්ත වශයෙන්  අප ගෙවිය යුතු ප්‍රමාණය පිළිබඳව අපට අවබෝධයක් නැහැ.

6.3. මෙම ණය සේවාකරණ ගෙවීම් එකතු කළ  විට සැලකිය යුතු ප්‍රමාණයක් වන අතර ඒ තුළින් ඉදිරි වසරවලදී රටින් පිටතට ගලා යන විදේශ මුදල් ප්‍රමාණය ඉහළ යනු ඇත.  ඒ අනුව කෙටි කාලීන ණය බර ප්‍රමාණය, රටේ  විදේශ සංචිත ප්‍රමාණයටම සමාන විය හැකිවේ. පසුගිය අවුරුදු කිහිපයක තුළ ලබා දුන් විදේශ ණයවලට අදාළ ‍පොලී අනුමාණ ඇමුණුම්   ක් දැක්වේ.

6.4  මේ තුළින් පැහැදිලිව පෙන්වනවා. අද අපේ  රටේ ආර්ථිකය කොතරම් අවදානම් තත්ත්වයකට පත්වී තිබේ ද යන්න. මේ නිසා අපනයන ආදායම් වැඩි කිරීම සහ කෙටි කාලීන ණය වගකීම්  දීර්ඝකාලීන ණය බවට පත් කොට විදේශ අංශයේ ස්ථාරවයත්වය හා අයවැයි මෙහෙයුම් කටයුතුවලට ඇති පීඩනය  අඩු කිරීමේ දැඩි අවශ්‍යතාවය තිබෙනවා.
7. වියදම් යෝජනා
7.1 අද ඉදිරිපත් කෙරෙන මෙම ප්‍රකාශය “දින සියයේ වැඩසහන” තුළ වූ  ඉතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. එබැවින් එය “දින සියයේ විප්ලවය” ලෙස හැඳින්වෙනවා. මගේ ඇසින් බලන කල එය “දින සියයේ අභියෝගයක්” මෙහිදී ඉදිරිපත් කරන මහජනතාව වෙත පිරිනමනු ලබන සහන අප දින සියයේ වැඩ සටහනින් ‍පොරොන්දු වූ ඒවාටත් වඩා ඉදිරියට ගිය වැඩ පිළිවෙළක්
7.2  මෙයට අදාළ වියදම් සඳහා  අප ආදායම් ද සොයා ගත යුතුයි. ඒ ඔස්සේ ණය  බර වැඩි නොකිරීමට අප අදිටන් කරගෙන සිටිනවා. පුද්ගල ප්‍රතිරූපය නංවාලීම පිණිස කළ  වියදම් හා අහිතකර නාස්තිකාර වියදම් සඳහා පසුගිය කාලයේදී අයවැය යටතේ ප්‍රතිපාදන ලබාගෙන කුඩා  කණ්ඩායම් වඩා පහසු ජීවිතයක් ගත කර ඇති බව කිව යුතියි.
7.3 ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, අහිතකර  ජීවන බර හේතුවෙන් කිව නොහැකි තරම් දුෂ්කරතා රැසකට පසුගිය දශකය පුරා මුහුණ දුන්  ශ්‍රී ලංකාවාසී  ජනතාව මෙමගින් සලසන සහන නිසා නිතැතින්ම සතුටට පත්වනු නියතයි. අපගේ ජනතාවගේ දිළිඳුකම කණ්ඩායම්වල ජීවන බර අඩු කිරීමට අප විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් අපගේ ජාතියේ විශේෂ කොටස්කරුවන්,  ධනවතුන් හා සුපිරි ධනවතුන්  රටේ උන්නතිය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට කාලය පැමිණ ඇති බැව් මගේ විශ්වාසයයි.

රාජපක්ෂ පාලනයේ අවසන් හෝරා කිහිපය මහත් ආන්දෝලනයක් ඇතිකළේය

ජනවාරි මස 9 වැනිදාට පහන් වෙද්දී රාජපක්ෂ රජය ජනාධිපතිවරණයේ අවසාන ප‍‍්‍රතිඵලය නිකුත් වීම වැළැක්වීමට කටයුතු කර ඇති බව දැන් අනාවරණයව තිබෙන්නකි.මේ දෛවෝපගත හෝරා කිහිපයේදී සැබෑවටම සිදුවූයේ කුමක්දැයි අනාවරණය කර ගත හැකි වනු ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විධිමත් පරීක්ෂණයකින් පසුවය.

එනමුත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ව්‍යාපාරයේ (කැෆෙ* අපගේ නිරීක්ෂකයින් කාර්ය මණ්ඩලය හා වෙනත් හවුල්කරුවන් වාර්තා කළ පරිදි ජනවාරි මස 8 වැනිදා ගෙවීයෑමට ඉතිරිව තිබූ අවසන් හෝරා කිහිපයේදීත් ජනවාරි මස 9 වැනිදාට පහන්වූ පළමු හෝරා කිහිපයේදීත් ශී‍‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත‍‍්‍රයේ නව පිටුවක් පෙරළීමට තිබුණු මොහොතේ සිදුවූ දේ මෙසේ සටහන් කරන්නෙමු.
හමුදා පාලනයක් ගැන කටකතා ජනපතිවරණයට දින දෙකක් තිබියදී විපක්ෂයේ ප‍‍්‍රධාන දේශපාලඥයින් කිහිපදෙනෙකු හා තවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් ලබාදුන් තොරතුරු වලින් ජනවාරි මස 8 වැනිදා ඡුන්ද විමසීම අවසානවූ පසු රටේ මූලෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයකට ආරක්ෂක අංශ අනුයුක්ත කිරීමට සකස් කර තිබෙන සැලැස්මක් පිළිබඳව කැෆෙ වෙත වාර්තා විය. තොරතුරු ලබා දුන් පුද්ගලයන් කැෆෙ වෙත පවසා සිටියේ මෙම සැලැස්ම කෙරේ මනාපයක් නොමැති ආරක්ෂක අංශ වල ඉහළ නිලධරයින්
කිහිපදෙනෙක් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ලියැකියවිලි තමන්ගේ අතට ලැබෙන්නට සැලැස්වූ බවය.

ජනවාරි මස 6 වැනිදා හමුදා භට පිරිස් කොළඹ නගරයේ මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානවලද, බණ්ඩාරනායක ගුවන්තොටුපළේද, කොළඹ මාධ්‍ය ආයතන ආසන්නයේද, කොළඹ හා දකුණේ පිහිටි ගුවන්විදුලි හා රූපවාහිනී සම්පේ‍‍්‍රෂක කුළුණු අසලද රඳවා තිබෙණු දැකගත හැකිවිය. පොලිසියේ මෙන්ම ආරක්ෂක අංශ වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උද්ගත වෙමින් තිබෙන තත්ත්වය සම්බන්ධව විපක්ෂ දේශපාලඥයින් දැනුම්වත් කර තිබුණු අතර විශේෂයෙන් සම්පේ‍‍්‍රෂක කුළුණු අසළ භට පිරිස් රැුඳවීමේ අරමුණ විය හැක්කේ ගුවන්විදුලි හා රූපවාහිනී විකාශනයන් අඩපණ කිරීම විය හැකි බවට ඔවුහු අනතුරු ඇගවූහ.

ඡුන්ද විමසීමට පෙර දිනයේ එනම් 7 වැනිදා මෙවැනි එක් භට කණ්ඩායමක් කොළඹ ටි‍‍්‍රපොලි සංකීර්ණය වෙත පැමිණියහ. අදාළ ස්ථානයට පැමිණෙන්නට යැයි හැර ඔවුන්ට වෙනත් කිසිදු උපදෙසක් ලබාදී නොතිබුණි. සිවිල් ඇදුමින් සැරසී සිටි ඔවුන්ගේ අවි ඔවුන් රැුගෙන විත් තිබූ ගමන්මලූ වල සගවා තිබුණි. අවි ගත් සෙබළුන් කිහිපදෙනෙක් කොළඹ 7 පිහිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපස රඳවා සිටිනු දැකගත හැකිවිය.මේ අතරතුරදී හමුදාපති ජගත් ජයසූරියගේ ප‍‍්‍රධානත්වයෙන් හමුදා මූලස්ථානයේදී සාකච්ඡුාවක් පැවැත්වෙමින් තිබුණි. එයට සහභාගීව සිටියෝ ආරක්ෂක අංශවල හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ වූහ. සාකච්ඡුාවේදී විශේෂයෙන් සඳහන් වූයේ ආරක්ෂක පියවරක් ලෙස ඡුන්ද විමසීමෙන් පසු ආරක්ෂක අංශ රටේ විවිධ ස්ථාන වලට අනුයුක්ත කිරීම සම්බන්ධවය. මෙහිදී පොලිසිය නියෝජනය කරමින් හමුවට සහභාගීව සිටි
නිලධරයින් එම තීරණයට විරෝධය පළ කර ඇත. කැෆෙ වෙත වාර්තාවන ආකාරයට තවත් මෙවැනිම හමුවක් ඡුන්ද විමසීම සිදුවුණු දිනයේදීද පැවැත්වී ඇත.

මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ මෙහෙය

මෙසේ තිරය පිටුපස සැළසුම් කෙරෙමින් තිබුණු දේ පිළිබඳව විපක්ෂ දේශපාලඥයෝ පොලිස්පති, මැතිවරණ කොමසාරිස්, විදේශ නිරීක්ෂයෝ, තානාපති කාර්යාල ආදීන් දැනුම්වත් කිරීමට කටයුතු කළහ.වහාම කි‍‍්‍රයාත්මකවූ පොලිස්පති හා මැතිවරණ කොමසාරිස්වරයා මෙවැනි තත්ත්වයක් උද්ගතවීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරයක්ම ගැනීමට උත්සුක වූහ. මේ පිළිබඳව කැෆෙ හා මැතිවරණ කොමසාරිස්වරයා අතර පෞද්ගලික සාකච්ඡුාවක්ද පැවැත්වුණු අතර එහිදී කිසිදු නීති විරෝධී කි‍‍්‍රයාවක් සිදුවීමට ඉඩ නොතබන බව ඔහු අවධාරණය කළේය.

පොලිස්පති හා මැතිවරණ කටයුතු භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඡුන්ද මධ්‍යස්ථාන වල සිටි පොලිස් නිලධාරීන්ට කුමන බලපෑමක් පැමිණියද නීතිය අකුරටම ඉටු කරන ලෙසට දන්වා තිබුණි. ඊට අමතරව පොලිස් මූලස්ථානයට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා සෘජුව සම්බන්ධ විය හැකි ක‍්‍රමවේදයක්ද විය.මෙවන්නක් ඇතිකිරීමට ප‍‍්‍රධානම හේතුව වී තිබුණේ ගෙවුණු සති කිහිපයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා වත්මන් පොලිස්පති හා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්වත් නොකර දිවයිනේ පොලිස් ස්ථාන වල නිලධාරීන්ට තමන්ම උපදෙස් නිකුත් කිරීමට කටයුතු කිරීමය.දෙපාර්ශවයකින් ලැබෙන උපදෙස් වලින් කවරක් පිළිපැදිය යුතුදැයි නොදැන ලතවෙමින් සිටි පොලිස් නිළධාරීන්ට සෘජු නියෝග

නිකුත් කිරීම මෙම ක‍්‍රමවේදය ඇති කිරීමේ අරමුණ විය.

ජනාධිපතිවරණ දිනය - සාමකාමී වගේම ආතතියෙන් පිරුණු දිනයක්.

මැතිවරණ දිනය සමස්ථයක් වශයෙන් ගත් කළ සාමකාමී විය. එසේවුවත් කල්පිටිය නාවික හමුදා කදවුරේ තබාගෙන පුරවන ලදැයි කියන ඡුන්ද පෙට්ටි තොගයක් ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත යැවීමේ තැතක් පවතින බවට තොරතුරු කැෆෙට අනාවරණය විය.මැතිවරණ නිරීක්ෂකයින් මේ පිළිබඳව ප‍‍්‍රදේශයේ දේශපාලඥයින්,සිවිල් කි‍‍්‍රයාධරයින් හා මාධ්‍යවේදීන් වහාම දැනුම්වත් කළ අතර ප‍‍්‍රතිඵලයක් ලෙස ඡුන්දය ප‍‍්‍රකාශ කිරීමේ අවසාන මොහොත එළැඹීමට ඔන්න මෙන්න තිබියදී සිටම කල්පිටිය නාවික හමුදා කඳවුර ඉදිරියේ විශාල පිරිසක් රැුස්ව සිටියහ. ඡුන්ද ප‍‍්‍රතිඵලය වෙනස් කිරීමට දරන කවර වෑයමක් හෝ නිශ්ප‍‍්‍රභ කිරීම එම රැුස්ව සිටි පිරිසගේ අරමුණ වුනි.

මේ හා සමානම පුවතක් ති‍‍්‍රකුණාමලය ප‍‍්‍රදේශයෙන්ද වාර්තා වු අතර ති‍‍්‍රකුණාමලයේ ජනතාවද එහි පිහිටි නාවික හමුදා කදවුර දෙස ඇස ගසාගෙන සිටියහ.මේ සිදුවීම් දෙකෙන් ජනාධිපතිවරණයේ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට ජනතාව කෙරෙහි වූ උනන්දුව හොදින්ම පෙනුණි. කැෆෙ මැතිවරණ නිරීක්ෂකයින් කල්පිටිය නාවික හමුදා කඳවුරේ කිසියම් අකටයුතුකමක් සිදුවේනම් ඒ පිළිබඳව නිරීක්ෂණය කර වාර්තා කිරීමට යොදවා තිබුණත් එම නිරීක්ෂකයින්ගේ සහයට ප‍‍්‍රදේශයේ දේශපාලඥයින්,සිවිල් කි‍‍්‍රයාධරයින් මෙන්ම ජනතාවද ඔවුන්ගේ කැමැත්තෙන්ම ඉදිරිපත්ව සිටියේය. සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙසේ ජනතාව පෙළ ගැසුණු වෙනත් අවස්ථාවක් මෑත ඉතිහාසයේ නොමැති තරම්ය.

මැතිවරණ දිනය සාමකාමීව ගෙවුනත් රටේ ජනතාව ජනපතිවරණයේ ඡුන්ද විමසීමේ කටයුතු වලදී කිසියම් අකටයුතුකමක් සිදුවන්නට ඉඩ තිබෙන බව ඉවෙන් මෙන් දැන සිටියාක් වැනි විය. කිසිදු නීති විරෝධී කි‍යාවකට ඉඩ නොදීමට ඔවුහු ඉටාගෙන සිටියහ.

උතුරේ හා නැගෙනහිර ප‍‍්‍රදේශ වල ජනතාවට ඡුන්දය ප‍‍්‍රකාශ කිරීමට ඉඩනොදී බාධා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ඇතැයි මුලින් විශ්වාස කෙරුණත් සම්පූර්ණ ඡුන්ද දිනය පුරාම ආරක්ෂක අංශ සිටියේ ඔවුන්ගේ කඳවුරුවලය. උතුරේ හා නැගෙනහිර ජනතාවට බාධා ගෙනදුන් කිසිදු සිදුවීමක් වාර්තා නොවුනු අතර ඡුන්ද මධ්‍යස්ථාන අසළ වූ පිපිරීම් 3 ක් ගැන මාධ්‍ය සදහන් කළත් ඒවා ඡුන්දය ප‍‍්‍රකාශ කිරීමට ජනතාවගේ තිබූ උනන්දුව හීන කළ ආකාරයක් නොපෙනුණි. ප‍‍්‍රචාරක සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයග‍‍්‍රහණය කරවීම වෙනුවෙන් ඉහළින්ම ප‍‍්‍රචාරණ කටයුතු වලට යොදවා තිබුණු ආරක්ෂක අංශ මැතිවරණ දිනයේදීත් නීතිවිරෝධී අයුරින් ප‍‍්‍රචාරණ කටයුතුවල නියැලූනත් ඒ ඉතා අවම මට්ටමෙන් විය. මීට හේතුව ලෙස ජනපතිවරණයට අන්තර්ජාතික අවධානය යොමුව තිබීම හෝ දේශීය විදේශීය නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා යොදවා තිබීම හෝ හේතුවූවා වන්නට පිළිවන.

ඡුන්ද ගණන් කිරීම - බිය හා බලාපොරොත්තු

මැතිවරණයට දින දෙකකට පෙර සිටම එම කටයුතු සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් කාර්යක්ෂමව ඔවුන්ගේ සේවය ලබාදුන්නේය. හම්බන්තොට,මොණරාගල,මාතර හා පුත්තලම දිස්ති‍‍්‍රක්ක වලින් වාර්තාවූ සිදුවීම් කිහිපයක් හැරෙන්නට කනිෂ්ඨ මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බහුතරය මැතිවරණ කොමසාරිස් දෙපාර්තමෙන්තුවේ උපදෙස් පරිදි කටයුතු කළේය.
එසේවුවත් ෘ.ඇස්.සේනානායක විද්‍යාලයේ ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අනුයුක්ත කර සිටි පොලිස් නිළධාරීන් තම රාජකාරිය ඉටු කරමින් සිටියේ දුෂ්කරතා මැදය.පොලිස්පතිගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ උපදෙස් වලට අමතරව ඔවුන්ට තෙවැනි පාර්ශවයකගේ උපදෙස් වලට අනුවද කටයුතු කිරීමට සිදුව තිබුණි.මේ තෙවැනි පාර්ශවය ස්වකීය උපදෙස් අදාළ පොලිස් නිළධාරීන්ට නිකුත් කරමින් සිටියේ පොලිස්පති හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අනුදැනුමකින් තොරවය.එම නිළධරයින් මෙම තෙවැනි පාර්ශවය ගැන දැනගත්තේද මැතිවරණ දිනයේදීය.

ජනාධිපතිවරණ දිනයේදී පොලිසිය එකක් පොලිස්පතිවරයාගේද තවෙකක් පොලිස් මාධ්‍ය ප‍‍්‍රකාශකවරයාගේද ප‍‍්‍රධානත්වයෙන් යුත් මාධ්‍ය හමු දෙකක් පැවැත්වීය.එල්ල වන බලපෑම් හමුවේ වුවද නොසැළී කටයුතු කරන ලෙස පොලිස් නිළධාරීන්ට පණිවුඩයක් ලබාදීම මෙම මාධ්‍ය හමු වල අරමුණ විය.මෙයින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොලිසියේ වූ වුවමනාව හොදින් පෙනුනි.ජනවාරි මස නව වැනිදා අළුයම 12.30 වෙද්දීත් ඡුුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල හෝ මැතිවරණ දෙපාර්තමෙන්තුවේ හෝ කිසිදු සිදුවීමක් වාර්තා

නොවුනි.නමුත් කොළඹ ෘ.ඇස් සේනානායක විද්‍යාලයේ තිබුණු ඡුුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට හමුදා භටයින් කණ්ඩායමක් පැමිණ සිටි අතර ඔවුන් කුමන අංශයකට අනුයුක්තව සිටීදැයි කිසිවෙකු දැන සිටියේ නැත.මෙවැනිම හමුදා කණ්ඩායමක් රාජකීය විදුහලේ ඡුුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයටත් පැමිණ සිටින බව කටකතා වලින් කියැවුනි.

බොහෝ දෙනා විශ්වාස කළේ මෙම හමුදා භටයින් හිටපු ආරක්ෂක ලේකම්වරයා යටතේ තිබුණු ගජබා රෙජිමෙන්තුවට අයත්වූවන් කියාය.ලැබී තිබුණු වාර්තා වලට අනුව
හමුදා භට පිරිස් රොක් හවුස් කදවුර,වැලිසර නාවික හමුදා කදවුර,කඩොල් කැළේ,මිීගමුව ආදී ප‍‍්‍රදේශවල රදවාගෙන සිට ගණනින් දහසක් පමණ වූ ඔවුන් කණ්ඩායම් 9 කට බෙදා කොළඹ නගරය අවට රදවා තිබුණු බවටද එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වුනි.

අළුයම 1.30 ට පමණ කැෆෙ විධායක අධ්‍යක්ෂකවරයාට දැනට දේශපාලනයේ නිරතව සිටින විශ‍‍්‍රාමික හමුදා නිළධාරියෙකුගේ නියෝජිතයෙකුගෙන් වහාම මැතිවරණ දෙපාර්තමෙන්තුව වෙත පැමිණෙන්නැයි පණිවුඩයක් ලැබුණි. මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැුදී සිටි වෙනත් විපක්ෂ දේශපාලඥයෝද වහාම පැමිණෙන්නැයි කැෆෙ විධායක අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටියහ.කුමක් හෝ බරපතල දෙයක් සිදුවන්නට යන පෙර ලකුණු දැක සියලූදෙනා බියපත්ව සිටි සෙයක් පෙනුනි.මෛති‍‍්‍රීපාල සිරිසේන මහතා හා කලක් ඉතා සමිීපව කටයුතු කළ නීතිඥ චම්පනී පද්මසේකර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණ දෙපාර්තමෙන්තුවේ රැුදී සිටි එකම නියෝජිතයා විය.බොහෝ දෙනා මෙය අසුභ ලකුණක් ලෙස සැළකූහ. සාමාන්‍යයෙන් මැතිවරණ රැුයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙළ නියෝජිතයෝ මැතිවරණ කාර්යාලයට පැමිණ සිටින්නේ දුසිම් ගණනින් වුවත් මෙවර එවැන්නක් දැකගත නොහැකි විය.

කැෆෙ අධ්‍යක්ෂකවරයා මැතිවරණ දෙපාර්තමෙන්තුවට පැමිණි අවස්ථාවේ එහි තිබුණේ නොසන්සුන්කාරී තත්ත්වයකි. ඞී.ඇස් සේනානායක විදුහල අවට හමුදා භටයින් රදවමින් සිටින බව සදහන්වූ වාර්තා එක පිට එක පැමිණෙමින් තිබුනි. ඒ වන විට දෙපාර්තමෙන්තුවේ සිටියේ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් කිහිපදෙනෙකු හා මැතිවරණ පැමිණිලි කාර්යාලයේ සේවය කළ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු පමණි.

අලූයම 1.45 ට පමණ දෙපාර්තමෙන්තුවට පැමිනි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු දෙපාර්තමෙන්තුවේ රැුඳී සිට විශේෂ කාර්ය බලකා භටයින් මූලෝපායික වශයෙන් වැදගත්වන ස්ථාන වල රැුඳවූයේ පිටතින් එල්ල විය හැකි  ඕනෑම ආකාරයේ තර්ජනයකට මුහුණදීමට හැකිවන අයුරින්ය.මේ අවස්ථාවේදී කැෆෙ වෙත වාර්තාවූයේ අගවිනිසුරුවරයා ඇතුළු නිළධාරීන් කිහිපදෙනෙක් අරලියහග මන්දිරයට කැඳවා තිබෙන බවය. ඡුන්ද ප‍‍්‍රතිඵල ප‍‍්‍රකාශයට පත් කෙරෙමින් තිබෙන අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්ෂකයෙකුගේ නිවහන වෙත ගොස් සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත.

කියන තරම් ලෙහෙසි නොවූ බලය අත්හැරීමක්

තමන්ට බලය අත්හැරීමට සිදුවන බව දැකගත් විහස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීය. පසුගිය මැතිවරණයක් සැළකීමේදී දේශපාලන පක්ෂ වලට හා මැතිවරණ නිරීක්ෂකයින්ට මාධ්‍ය වලින් නිල ඡුන්ද ප‍‍්‍රතිඵල අනාවරණය කරන තෙක් රැුදී සිටින්නට සිදුවුනත් මෙවර ජනවාරි 9 වැනිදා අලූයම 2.15 වන විට ඔවුන් අවසාන ප‍‍්‍රතිඵලය ගැන දැනගත්තේය.මැතිවරණ නිරීක්ෂකයින්ට ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල රැුඳී සිටීමේ අවසරය ඇති හෙයින් ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගෙන ඇත්දැයි කැෆෙ දැනගත්තේ අලූයම 2.37 වෙද්දීය. කරුණු මෙසේ වෙද්දී රාජගිරිය මැතිවරණ දෙපාර්තමෙන්තුවේ කි‍‍්‍රයාකාරීව තිබූ මාධ්‍ය වෙත මැතිවරණ ප‍‍්‍රතිඵල නිකුත් කරමින් සිටි පරිගණක පද්ධතිය අලූයම 1.30 - 2.30 අතර කාලයේදී එක්වරම කි‍‍්‍රයාවිරහිත විය. තාක්ෂණික දෝෂයක් යැයි පැවසුනත් එම දෝෂය කවරක්දැයි සොයාගැනීමට නොහැකිවුණි. වාසනාවට මැතිවරණ කොමසාරිස්වරයා යටතේ මෙවන් අවස්ථාවකට සූදානමින් සිටි කණ්ඩායමක් සිටි අතර ඔවුන් වහාම පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කළේය.මේ කටයුතු සිදුවෙද්දී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නැයි කැඳවීමක් ලැබී තිබුණි. අගවිනිසුරුවරයා ඒ වන විටත් සිට ඇත්තේ අරලියගහ මන්දිරයේය. වික‍්‍රමසිංහ මහතා හා හිටපු ජනපතිවරයා අතර ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡුාවක් පැවැත්වී තිබෙන බවට තොරතුරු වාර්තාවී තිබේ. අවසානයේ මහින්ද රාජපක්ෂට මැදමුලනේ තම නිවහන වෙත යෑමට එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර දෙකක් සපයාදීමට එකගතාව පළවී ඇත.

ඡුන්ද විමසීමකින් පසු පරාජිතයා නිහතමානීව ජයග‍‍්‍රාහකයා වෙත තම බලය පවරා දෙන දේශපාලන සංස්කෘතියක් ශී‍‍්‍ර ලංකාවේ අපට තිබුණි.මෙවරද පරාජිතයා ජයග‍‍්‍රාහකයා වෙත තම බලය පවරාදුන් නමුත් එය සිදුවූයේ මහා ව්‍යසනයක් ඇතිවීමට ඔන්න මෙන්න කියා තිබියදීය. මැතිවරණ කොමසාරිස්වරයා,පොලිස්පතිවරයා ආදී පුද්ගලයෝ එදා තම රාජකාරිය සාධාරණව හා යුක්තිසහගතව ඉටු කිරීම මොහොතකට හෝ අතපසු කළේ නම් ජනවාරි 8 වැනිදායින් පසු රටේ කුමන් තත්ත්වයක් ඇතිවන්නට තිබුණේදැයි සිතාගැනීමටවත් පවා නොහැක.කැෆෙ අපගේ හෘදයාංගම කෘතඥතාවය එවන් පුද්ගලයින්ට හිමිය.රාජපක්ෂ පාලනයේ අන්තිම හෝරා කිහිපයේදී කුමක් සිදුවූවේද යන්න ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කැෆෙ අපගේ මතයයි. අස්සක් මුල්ලක් නෑර කරුණු සොයා බලා එම තොරතුරු පොදු ජනතාවට අනාවරණය කළයුතුව ඇත.මෙම පරීක්ෂණය අපක්ෂපාතී විය යුතුය.එම දෛවෝපගත හෝරා කිහිපයේදී අරලියගහ මන්දිරයේ රැුඳී සිටි මුල් පෙලේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ප‍‍්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතුය.

බහුභුතයෝ 2 - "Gindaree"

උදයකාන්ත ගැන පුන පුනා වර්ණනා කරන්න ඕනේ නැනේ. දැන් හැදෙන වාණිජ චිත්‍රපට බහුතරයකගේ හිමිකාරයා උදයකාන්තයි.උදය “බහුභුතයෝ 2“ හදන්න යනවා කිව්වේ අපේ ආදරණීය මිත්‍රයෙක් වෙච්චි ඩොනල්ඩ් අයියා.

ඔන්න දැන්න උදය මේ චිත්‍රපටය රූ ගත කීරීම් කරලත් ඉවරලු. මං හිතන්නේ ලබන අවුරුද්දේ දිහාවට අපිට මේක බලන්නත් පුළුවන් වෙයි.ආ කියන්න බැරි වුනා නේ.. බහුභූතයෝ 2 හි අලුත් නම තමයි “ගින්දරී“.. ගින්දර වගේ ලස්සන පබෝධා තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන භුමිකාවට පණ පොවන්නේ.
ඒ ඇරුණු කොට රොඩ්නියි,මහේන්ද්‍ර අයියත් මෙකේ ප්‍රධාන භූමිකා සිදු කරනවා

මේ තියෙන්නේ චිත්‍රපටයේ පොටෝ ටිකක්.දැන් අහන්න එපා  “ඇයි මෙකේ වැඩිපුරම ඩොනල්ඩ් ඉන්නේ කියලා?“…මොකද මේ පොටෝ අපි ගත්තේ එයාගෙන්.එයාගේ පොටෝ වල එයා ඉන්නේ නැතුව වෙන කවුරු ඉන්නද අනේ…නේද…..