Sunday, November 13, 2016

කඩා දැමුවායි කියන ‘කොළඹ කොටුවේ බුදුපිළිමය‘ ගැන සියලු ඇත්ත නැත්ත මෙන්න





කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහරස්ථානය ඉදිරියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍ර‍තිමා වහන්සේ නමක් සහ එම කුටිය පසුගිය 10වනදා දින කිසියම් පිරිසක් කඩා බිඳ දමා ඇති බවට ඡායාරූප පෙළක් පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.
කේසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නෙත් අප යම් සොයා බැලීමක් සිදුකළා.
එහිදී අණාවරණය වූයේ මෙම පුවත සත්‍යයක් බවයි.
මෙසේ කඩා දැමා ඇත්තේ කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහරස්ථානයේ දුම්රිය පාරට මුහුණලා තිබෙන බුදු කුටියයි.
අප කළ විමසීමකදී කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහරස්ථානයේ විහාරවාසි ශාස්ත්‍ර‍පති විදාරන්දෙනියේ මේධානන්න හිමි පැවසුවේ කිසියම් පිරිසක් විසින් බුදු රජාණන් වහන්සේගේ ශිර්ෂයෙන් අලලා මෙම ප්‍ර‍තිමාව කඩා විනාශ කර දමා ඇති බවයි.
මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇතැත් මෙම සිදුවීමට වගකිව යුතු කිසිවෙක් නීතිය හමුවට මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව උන්වහන්සේ පැවැසුවා.
පසුගිය දිනවල උතුරේදීද මෙලෙස බුදුපිලිම කඩා දැමූ සිදුවීම් වාර්තා වූ බවත්, රටේ මහජාතිය සුලු ජාතියක් වූ නගරවල, සිංහල බෞද්ධ වීම නිසා ඒවාට වන්දි ගෙවීමට සිදුවී ඇතිද යන සැකය තමන්ට මතුවන බව විහාරවාසී හිමියන් පැවසුවා.
අද (14) පොහෝ දිනයේදී බෞද්ධ පිරිස් එක්වී නැවත මෙම බුදුකුටිය පිලිසකර කොට බුදු පිළිමයක් වැඩමවීමට කටයුතුකොට ඇති බවද උන්වහන්සේ පැවසුවා.
කෙසේ වෙතත් මෙම බෞද්ධ රටේ බුදු පිළිමයකට නැවත කිසියම් කෙනෙකු අත තැබුවහොත් ශාසනය රැකගැනීම පිණිස තමන් ක්‍රියාත්මක වීමට සූදානම් බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.

15086353_1239162179481480_934281556_n

No comments:

Post a Comment