Tuesday, November 15, 2016

ඇමරිකානුවන් ඔවුන්ගේම මිනීවල කපාගත්තා – ට්‍රම්ප්ගේ ජය ගැන IS ත්‍රස්තයෝ පළමුවරට කට අරී

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ‘සම්පූර්ණයෙන්ම උන්මත්තකයෙකු‘ බව අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ ඉහළ තනතුරක් දරන්නෙකු ලෙස සැලකෙන අබු ඔමාර් කොරාසනී පවසා තිබේ.
ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත නායකයෙකු ලෙස කටයුතු කරන මොහු පවසන්නේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් කළකිරුණු බටහිර රටවල වෙසෙන තරුණ ප්‍රජාව තමන් හා සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බවයි.
ත්‍රස්තයින්ගේ අරමුණ වී ඇත්තේ ට්‍රම්ප්ව යොදාගනිමින් ලොව පුරා ඔවුන් කරන ප්‍රහාර සාධාරණිකරනය කිරීමත් නව පිරිස් ඔවුන්ගේ සංවිධානයට බඳවා ගැනිමත්ය.
‘ඔහු වියරු වැටුණු උන්මත්තකයෙක් ඔහුගේ මුස්ලිම් විරෝධි ක්‍රියාකලාපයන් නිසා අපට අලුත් සමාජිකයින් දහස් ගණනින් බඳවා ගැනීමට හැකිවේවි‘ යැයි අබු ඔමාර් රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.
ට්‍රම්ප් හා සසඳන කළ බැරැක් ඔබාමා තරමක් බුද්ධිමත් බවද ඔහු පවසා තිබේ.
‘‘අපේ නායකයින් මේ පිළිබඳව සියුම්ව අධ්‍යනය කරමින් ඉන්නේ..මේ අප බලාපොරොත්තු වූ ප්‍රතිඵලයක් නොවෙයි..ඇමරිකානුවන් ඔවුන්ගේම මිනීවල කපාගත්තා‘‘ යැයි ඔමාර් වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේ වෙතත් නව ඇමරිකානු ජනාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපරයේදී අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් මෙලොවින් සම්පූර්ණයෙන් තුරන් කිරීමට කටයුතු කරන බවයි.එමෙන්ම සෑම මුස්ලිම්වරයෙකුම ඇමරිකාවෙන් පිටුවහල් කරන බව ඔහු පවසා තිබුණා.

3a3681c900000578-3933436-image-a-9_1479137974770
3a5a551400000578-3933436-image-a-25_1479138336488
3a5e2d0a00000578-3933436-image-a-10_1479137988031
3a5e4ad000000578-3933436-image-a-27_1479138605906
3a5e4ad700000578-3933436-image-a-26_1479138488616

No comments:

Post a Comment