එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලන සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
![]() |
Add caption |
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණ සමයේ ව්‍යාජ ලියකියවිලි මාධ්‍යයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව ය.
ජනාධිපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට අපහාස කිරීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම තිස්ස අත්තනායක මහතාට එල්ල වී ඇති චෝදනා වේ.
මේ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් තිස්ස අත්තනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
No comments:
Post a Comment