ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා දැනට සුළු මොහොතකට ප්‍රථම ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 308 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුවට පිටව ගොස් ඇත.
ඒ තම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.
අමාත්‍යාංශය වලට අයත් විෂය පතය ගැසට් කිරීමේදී තමාගේ අමාත්‍යාංශයට අයත් විෂය පතයෙන් කොටසක් අරජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට එකතු කර ගැසට් කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව වාර්තා වන නමුත් මෙම අස්වීම සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපා මහතා පවසා ඇත්තේ නීතීඥවරයෙකු ලෙස පූර්ණකාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බැවින් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
No comments:
Post a Comment