මධුසමය කැප කරලා තමන් සේවය කරන පුවත්පතට ලිපි ලියපු මාධ්‍යවේදී මිතුරො මගේ මිතුරන් අතර ඉන්නවා. යුද ගිනි දැල් හතර වටින් ඇවිළෙද්දි මධුසමය විතරක් නෙවෙයි දෙවැනි ගමනත් කැප කරල යුද පිටියට ගිහින් ගිනි අවිය තුරුලූ කරගත් රණවිරුවො ගැන මම අහලා තියෙනවා. ඒත් තමන්ගේ මධුසමය කැප කරලා ෂූටින් ගිය නළු නිළියො ගැන නම් මම අහලවත්, මට හමුවෙලාවත් තිබුණෙ නැහැ.
ඒත් එහෙම ජෝඩුවක් හමුවුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි පසුගිය අවුරුද්දෙ මාර්තු 14 විවාහ වුණු සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න. මේ දිනවල තිරගත වන දුටුගැමුණු චිත්‍රපටයේ සද්ධාතිස්ස කුමාරයා සහ එළාර දියණි සාරධාට පණපොවන මේ යුවළ විවාහයට දිනයකට පෙරත් මධුසමයේදී දවස් එකහමාරකුත් ෂූටින් වෙනුවෙන් වෙන් කරලා.
චිත්‍රපටය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ලස්සනම දවස් කැප කරපු නව යුවතිපතීන්ට අධ්යක්ෂ ජයන්තත්, ජැක්සන් ඇතුළු නළු නිළියොත් රූගත කිරීම් අවසානයේ වරිග සභාවක් පවත්වලා තෑගි බෝග දීලා තමන්ගේ ආදරය අඩුවක් නැතිව පුද කරලා.
ඔබේ වීරයා අතින් තාත්තා ඝාතනය වුණ වෙලාවේ මොකද හිතුණෙ සාරදා?
මගේ තාත්තා හැමදාටම මට ශ්‍රේෂ්ඨයි. ඔහු බියගුල්ලෙක් නෙවෙයි. අවසන් මොහොත දක්වාම ඔහු සටන් කළා. ඔහු ඒ අභියෝගයට එඩිතරව මුහුණ දුන්නා. මගේ තාත්තා ගැන මම හැමදාමත් ආඩම්බරයි. ඒ වගේ ගාමිණී අභයත් හැමදාම මට වීරයෙක්.

සාරධා ආදරය කරන්නේ නොදුටු හීන කුමාරයෙක්ට. ඒත් කවදාවත් ඒ ආදරයට සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ නැහැ?
සාරධා ගාමිණී අභයට ආදරය කරන්නේ රාගික හැගීමකින් නෙවෙයි. ඇයට ඔහු ගැන තියෙන්නේ වීරත්වයක්. භක්තියක්.
සද්ධාතිස්ස, බාහිර බලවේගවලට හිස නවලා එක කුස උපන් අයියට විරුද්ධවත් අවි එසවූවා නේද?
ඇත්ත. බාහිර බලවේග නිසා සද්ධාතිස්සගේ හිත දෝලනය වුණා. වෙනස් වීම් වෙන්නේ ඒ නිසා. නමුත් ඔහු සහෝදරයාට ආදරය නොකරපු සහෝදරයෙක් නෙවෙයි. ඒ විතරක්
නෙවෙයි මවට දැඩි ලෙස ආදරය කරන පුතෙක්.
සද්ධාතිස්සට ලැබෙන ප්‍රතිචාර හොඳද සාරංග?
තාම තිරගත වීම ආරම්භ වුණා විතරනේ. ඒත් බලපු අයගෙන් නරක ප්‍රතිචාරයක් නම් ලැබුණෙ නෑ.
එතකොට සාරධා වුණ උමාලිට?
කාලෙකට පස්සේ මම සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණේ. ජයන්ත චන්ද්‍රසිරි කියන ප්‍රවීණ සිනමාකරුවාගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන සතුටුයි. සාරධාටත් හොඳ ප්‍රතිචාර තියෙනවා.
දුටුගැමුණු දොරට වඩිනකොට උමාලි අසනීපෙන් කියන්නේ ඇත්තද?
ඔව්... තාමත් සුව වෙමින් ඉන්නේ... පුංචි නිවාඩුවකට ලංකාවට ඇවිත් ආපහු යන්න හදනකොටම මට ඩෙංගු හැදුණා. රෝහල්ගත වෙලාත් හිටියා.
ඔය විවාහ වුණාට පස්සේ අසනීපයක් වුණාමනේ. කොහොමද සැමියාගේ ආදර සත්කාර?

ෂූටින් යන්නෙ නැතුවත් මං ළගට වෙලා හිටියා. රෝහලේ ඉඳිද්දි විතරක් නෙවෙයි ගෙදර ආවට පස්සෙත් අයියයි, අම්මායි දෙන්නම මාව හොඳින් බලාගත්තා.
ඔන්න සාරංග බිරියගෙන් ලකුණු ගොඩාක් ලැබුණා?
උමාලි යන්න හිටපු නිසා මම ෂූටින්වලට දින දීලයි තිබුණේ. ඒත් උමාලි හදිසියේම අසනීප වුණු නිසා ගියේ නැහැනේ. ෂූටින්වලට දින දුන්නට පස්සේ වෙනස් කරන්නත් බෑ. ඒත් මේ දවස්වල මම වැඩ කරන නාට්‍ය දෙකේම සහාය අධ්‍යක්ෂවරුන්ගෙන් හොඳ සහායක් ලැබුණා.
උමාලි ආපහු ජපානෙට යන්නෙ කවදාද?
මේ වෙනකොටත් මම ලංකාවෙ නැහැ. මොකද මගේ අධ්‍යාපන කටයුතුවල අවසාන වසරේ අවසන් අදියරේයි මම ඉන්නේ. මට කලින් සාරංග ඇමෙරිකාවට යනවා.
ඒ ඇයි සාරංග?
රිදී රැුයක් ප්‍රසංගයත් එක්ක අපි ඇමෙරිකාවට යන්නෙ. එහෙදී ප්‍රසංග තුනක් පවත්වන්න සූදානමක් තියෙනවා.
රිදී රැුයක් ප්‍රසංගයට සහභාගි වුණු හැමෝම යනවාද?
නෑ... විදෙස් ප්‍රසංගයක් නිසා හැමෝටම යන්න බෑනේ... ප්‍රවීණයෝ බොහෝ දෙනකුයි අලූත් පරපුරෙන් මමයි, රොෂාන් රණවනයි, උපේක්ෂායි සහභාගි වෙනවා.
ඒ කියන්නේ මේ සැරේ උපන් දිනය සමරන්න සාරංග ලංකාවේ නැහැ?
ඒකනේ... උපන් දිනය දවසේ ඇමෙරිකාවේ...
විවාහා වුණාට පස්සේ සමරන සාරංගගේ පළමුවැනි උපන් දිනය. ඒත් දෙන්නා දෙතැනක?
සාරංගව ිමරචරසිැ කරන්න මමත් ජපානේ ඉඳන් ඇමෙරිකාවට යන්න හිටියේ. ඒත් අසනීප වුණානේ. ඒ නිසා සැලසුම් කරපු දේ වතුරේ ගියා. බලමු මගේ වගේම සාරංගගේ යාළුවොත් ඇමෙරිකාවෙ ඉන්න නිසා මොනවා හරිම කරන්න බැරි වෙන එකක් නෑ.
පසුගිය අවුරුද්දේ කලා ක්ෂේත්රයේ හිතවතුන් උපන් දින උදාවත් එක්කම මහ ? 12.00ට සාරංගගේ ගෙදරට ඇවිත් එයාව ිමරචරසිැ කළා. එතකොට උමාලි ලංකාවෙ හිටියේ නැහැ?
ඔව්... අඩුතරමෙ එයාල මටවත් ඒ ගැන කිව්වේ නෑ. එයාලා සාරංගගෙ ගෙදරට එනකොටත් මම සාරංගත් එක්ක දුරකතනයෙන් කතා කරමින් හිටියේ. සාරංගට විතරක් නෙවෙයි ඒක මටත් ිමරචරසිැ එකක් වුණා. මොකද නිතරම මාත් එක්කත් ගනුදෙනු කරන අයමනේ ආවේ.. ඒත් ගෙදරට එනකන් මමත් දැනගෙන හිටියේ නෑනේ. සමහරවිට මට නොකිව්වේ මම සාරංගට කියයි කියලා හිතුවද දන්නෙ නැහැනේ.
කලා ලෝකේ යාළුවො ඒ විදියට සාරංගගේ උපන් දිනය සමරද්දි උමාලි සාරංග වෙනුවෙන් මොනවද කළේ?
මගේ යාළුවෝ, නෑදෑයෝත් 30 ?ම සාරංග ිමරචරසිැ කරන්න එන්න හිටියේ. හොඳ වෙලාවට අපිට හරියට ඉගියෙන් දැනිලා වගේ ඒක පහුවැනිදා උදේට දාගත්තා. මගේ යාළුවො, නෑදෑයෝ උදේ කේක් අරන් ගිහින් උපන් දිනය සමරලා සාරංගව පන්සල් එක්ක ගිහිනුත් තිබ්බා. තව දෙයක් වුණා. සාරංගගේ උපන් දිනය දවසේ ජපානේ හිටපු මට මල් පොකුරක් ලැබුණා. ඒක එවලා තිබුණේ සාරංග. මම මල්වලට ආසයි. ඒ වගේම විවාහයට කලින් අන්තිම උපන් දිනය නිසා වෙන්න ඇති සාරංග එහෙම කරන්න ඇත්තේ. එදා සාරංගටත් වඩා මම පුදුම වුණා.
විවාහ වුණාට තාම දෙන්නා දෙපැත්තේ? කවදාද එක වහලක් යටට එන්නේ?
මම පුළුවන් හැම වෙලාවෙම ලංකාවට එනවා සාරංගත් ජපානෙට ඇවිත් හිටියානේ. ටිකක් ඈත්වෙලා ඉන්න වුණා. අධ්‍යාපන කටයුතු ඉවර වුණ ගමන් ඒ ප්‍රශ්නෙට විසඳුම් ලැබෙයි.
සාරංග ඇගිලි ගනින්නේ උමාලි ලංකාවෙ පදිංචියට එනකන්?
ඔව්. තව මාස කීපයයිනේ. අපේ‍්‍රල් වල උමාලි ලංකාවට ආවහම ගේ දොර පිළිවෙළක් කරගෙන අපේ ජීවිතවලට ස්ථාවර බවක් හදාගන්න ඕනෑනේ.
සාරංග කියන්නේ මේ වන විට ජනප්‍රිය නළුවෙක්. ඉතින් උමාලි ආවත් සාරංගට ගෙදර ඉන්න වෙලාවක් තියෙයිද?
ඒ කතාවෙ නම් පොඩි ඇත්තක් තියෙනවා. අපි දෙන්නටම ගෙදර ඉන්න ලැබෙන අවස්ථාව හරිම අඩුයි. සාරංග විතරක් නෙවෙයි. මමත් කාර්ය බහුල වෙන අවස්ථා තියෙනවා. මට විතරක් නෙවෙයි සාරංගටත් විදෙස් සංචාරවලට සහභාගි වෙන්න තියෙනවා. ඔය ප්රශ්නය මේ ක්ෂේත්රයේ ඉන්න කාටත් තියෙන ප්‍රශ්නයක්.
සාරංග ෂූටින් යනකොට උමාලිත් යනවද?
චිත්‍රපටයේදී අපි එකම දර්ශන තලයක හමුවුණේ නෑ. ඒත් අපි දෙන්නටම දුටුගැමුණු රූගත කිරීම්වලදී යන්න වුණා. මොකද අපේ මධුසමය තිබුණු කාලෙම රූගත කිරීම් තිබුණු නිසා. ඒ ඇරෙන්න විශේෂ අවස්ථාවක හැර මම දර්ශනතලවලට යන්නෙ නෑ.
සාරංග නළුවෙක්. ඔයා නිළියක්. ඒ පේ්රක්ෂක අපි දකින විදිය. ඒත් සැබෑ ජීවිතේ ඔයා සාමාන්‍ය බිරියක්. සාරංගත් සාමාන්‍ය සැමියෙක්. තමන්ගේ සැමියා රැුකියාවටවත් වෙනත් කෙනෙක්ට ආදරය කිරීම දරාගන්න පුළුවන්ද?
කැමරාව ඉදිරියේ වෙන දේවල් දරා ගන්න අපි දෙන්නටම පුළුවන්. මොකද අපිට මේ ක්ෂේත්රය ගැන අවබෝධයක් තියෙන නිසා. ඒත් කැමරාව පිටතදීත් එහෙම හැසිරෙනවා නම් ඒක නම් දරාගන්න බැහැ. සාරංග ගැන නම් මට කොහෙත්ම ගැටලූවක් නැහැ. ඒත් වෙනත් පාර්ශ්වයක එහෙම සූදානමක් තියෙනවා කියලා දැනුණොත් අපි දෙන්නම ඒ ගැන සැලකිලිමත් වෙනවා.
සාරංගට රගපාන්න තහංචි දාලා තියෙන නිළියො කවුද?
එහෙම කවුරුත් නෑ. චරිතයක් ලැබුණාම ඒ තෝරා බේරා ගැනීම කරන්නේ සාරංග.
සාරංගට ගනුදෙනු කරන්න වෙන්නේ උදේ හවස දකින දන්න හඳුනන අය එක්ක. ඒත් උමාලි ගනුදෙනු කරන්නේ නන්නාඳුනන අය එක්ක. බයක් දැනිලම නැද්ද සාරංග?
අපිට අනිත් අය හදන්නවත් වෙනස් කරන්නවත් බෑනේ. අපි හරි නම් බයවෙන්න දෙයක් නෑ. උමාලිව මට විශ්වාස නිසා ඒ ගැන බයක් නෑ.
විදෙස් ගත වීමත් එක්ක උමාලිට හුගාක් නිර්මාණ මගහැරුණා නේද?
ලංකාවෙ නිර්මාණ මගඇරුණා. ඒත් මට ජපානයේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණා. ව්ඞ්ම් රූපවාහිනියේ ටෙලි නාට්‍යයක උප ප්‍රධාන චරිතයක් ලැබුණා. හොලිවුඞ් නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඉතිං ඒ නිසා මගඇරුණු දේ ගැන දුක් වෙනවාට වඩා ලැබුණු දේ ගැන සතුටක් තියෙනවා.
ලංකාවට ආවට පස්සේ ආයෙමත් නවත්තපු තැනින් පටන් ගන්නවද?
ඔව්. දැනටමත් නිර්මාණ කීපයක්ම භාර අරගෙන තියෙන්නේ. ඒ අතර ගායනය ගැනත් හිතන්න ඕනෑ.
දෙන්නා නව ගීතයක් එළි දක්වනවලූ නේද ?
අපේ තුන්වැනි ගීතය. ‘නුපුරුදු ආදරේ’ ළගදීම වීඩියෝ එකක් එක්කම එළිදක්වන්න ඕනෑ.
පුංචි තිරයේ තරුවක් වුණාට රිදී තිරයට හුගාක් කිට්ටු වෙන්න බැරි වුණා නේද?
ඇත්ත. තාමත් මම නිර්මාණ කීපයකට විතරයි දායක වුණේ. දායක වුණු නිර්මාණත් තියනවා තවම තිරගත නොවුණු. ‘සංගිලි’ ඒ වගේ මම බලාපොරොත්තු තියාගත්ත තවම තිරගත නොවුණු චිත්‍රපටයක්. අපේ කාලේ පටාචාරා, ජූලි 7යි වගේ චිත්‍රපට ඉදිරියේදී තිරගත වේවි.
දෙන්නා තුන්දෙනා වෙන බලාපොරොත්තුවක් දැන්මම නැද්ද උමාලි?
තාම ඒ බලාපොරොත්තුවට ඉක්මන් වැඩියි කියලා හිතෙනවා. තව ටිකක් ඉමු නේද?