පසුගිය 2013 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් ලබාගත් අධි සුඛෝපභෝගී බස්රථ දෙකක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කැර ඇත.
එම බස්රථ නාමල් රාජපක්ෂ සහ සජින් වාස් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඌව හිටපු ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පරිහරණය කර තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා මේ දක්වා කල්බදු ක්‍රමයට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වෙත මුදල් ගෙවා තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එක් බස් රථයක් සඳහා මසකට රුපියල් ලක්ෂ නවය බැඟින් අදාළ අධි සුඛෝපභෝගී බස්රථ දෙක වෙනුවෙන් මේ දක්වා කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 252 ක මුදලක් ගෙවා තිබෙන අතර එම බස්රථ පරිහරනය කෙළේ කවුරුන් ද, එය කුමන ආකාරයෙන් ද යන්න නොදැන සිටි බවද මේ දක්වා එම බස්රථ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගෙනවිත් නොමැති බවද එම අමාත්‍යාංශය කියයි.
කිසිවකු හෝ නොදැන සිටි මේ අධී සුඛෝපභෝගී බස්රථ දෙක පෙරේදා (29) විදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයට ගෙනවිත් දමා තිබෙන අතර මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය මට්ටමින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද ඒ මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවද එම ප්‍රකාශකයා සඳහන් කෙළේය.
සාමාන්‍ය මඟී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදා ගන්නා අධි සුඛෝපභෝගී බස්රථවල නොමැති තරම් පහසුකම් මේ බස්රථ දෙකේ පවතින අතර ඒ සියලු පහසුකම්වලින් සමන්විත ලෙස නිර්මාණය කිරීම ද විශේෂත්වයකි.
ඌව හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙම බස්රථයේ සවාරි ගිය ආකාරය දැක්වෙන ජායාරුප කිහිපයක් පහත පළවේ.










No comments:
Post a Comment