පෙබරවාරි මස 01 වැනිදා සිට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩු කෙරෙන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
ඒ අනුව රුපියල් 9ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8ක් දක්වා අඩු වනවා. රුපියල් 13 බස් ගාස්තුව රුපියල් 12ක් දක්වාද රුපියල් 17 බස් ගාස්තුව රුපියල් 15 දක්වාද අඩු වනු ඇති.
එසේම රුපියල් 51ක් වූ බස් ගාස්තුව රුපියල් 47 දක්වාද රුපියල් 101ක් වන බස් ගාස්තුව රුපියල් 93ක් දක්වාද අඩු කිරීමට නියමිතයි. රුපියල් 151ක් වූ බස් ගාස්තුව රුපියල් 139 දක්වාද රුපියල් 201ක් වන බස් ගාස්තුව රුපියල් 184 දක්වාද රුපියල් 251ක් වන බස් ගාස්තුව රුපියල් 230 දක්වාද අඩු කිරීමට නියමිතයි. රුපියල් 301ක් වන බස් ගාස්තුව රුපියල් 276ක් දක්වාත් අඩු කිරීමට නියමිතව තිබෙනවා. එම සම්පූර්ණ බස් ගාස්තු සංශෝධනය පහතින් දැක්වේ.


No comments:
Post a Comment