කළුතර දිස්ත්‍රික්කයේ වස්කඩුව ප්‍රදේශයේ පොලියට මුදල් ලබාදෙන පුද්ගලයෙකුගේ රුපියල් 50,000ක් ණයට ගත් කාන්තාවක් ඉන් රුපියල් 25,000ක් ආපසු ගෙවා ඇත.
ඉතිරි රුපියල් 25,000 අනවශ්‍ය බවත් ඒ වෙනුවට තමා සමග නිදියහනට එන්නැයි කළ ආරාධනාව ප්‍රතික්ෂේප කළ කාන්තාවකට බැන තර්ජනය කළ පුද්ගලයකු උතුරු කළුතර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හදිසි අවශ්‍යතාවකට පොලියට ලබාගත් රුපියල් 50,000ක මුදලින් ආපසු ගෙවිය යුතු ඉතිරි රුපියල් 25,000ක් වෙනුවට
මුදල් හිමියා පැවසූ නිවාස හා හෝටල්වලට නොපැමිණීම නිසා කාන්තාවගේ නිවෙසට පැමිණි සැකකරු එම කාන්තාවට බැන තර්ජනය කර ඇතැයිද පොලීසිය කියයි.
මුදල් ණයට ගත් කාන්තාවගේ සැමියා විදේශ රැකියාවක නිරත වී සිටින අතර මුදල් ණයට දුන් පුද්ගලයාගෙන් හිරිහැර වන බවට උතුරු කළුතර පොලීසියට ලද පැමිනිල්ලක් අනුව අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලීසිය කියයි.

No comments:
Post a Comment