Tuesday, January 27, 2015

අද සිට අලුත්කඩේ විරෝධතා

අගවිනිසුරු මොහාන් පීරිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වන තුරු අද (28) සිට අලත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී අඛණ්ඩව උද්ඝෝෂණයේ නිරතවීමට නීතිඥ එකමුතුව තීරණය කර තිබේ. ඒ අනුව අද පෙරවරු 9ට මෙම උද්ඝෝෂණය ආරම්භ වන බව එම එකමුතුවේ සම කැදවුම්කරු නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ඒ සඳහා රටපුරා සිටින නීතීඥවරන් නියෝජනය කරමින් නීතීඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ සිවිල් පුරවැසියන් සහභාගී වීමට නියමති බවද ඒ මහතා පැවසීය. 

No comments:

Post a Comment