Tuesday, January 27, 2015

ඩිස්නි ලංකාව ගැන චිත්‍රපටයයක් හදයි Monkey Kingdom

MONKEY KINGGOM www.nethfm.com 006
රිවර් ක්වායි, ටෙම්පල් ඔෆ් ඩූම්, ටාසන් ඒප් මෑන් වැනි දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට මෙන්ම බොම්බේ වෙල්වට් වැනි බොලිවුඩ් චිත්‍රපටවලටත් ශ්‍රී ලංකාව අපූරු පසුබිම් දර්ශන එක්කර තිබෙනවා. ඒ විදේශීය නිර්මාණකරුවන් විසින් ශ්‍රී ලංකාවේ පසුබිම්, පසුතල ආදියට ඔවුන් විශාල වශයෙන් දක්වන කැමැත්ත හේතුවෙන්. එසේම අලුත්ම සිනමා නිර්මාණයක් වන මන්කි කින්ඩම් සඳහාද එම චිත්‍රපටය නිපදවනු ලබන කාටුන් කලාවේ පෙරළිකාරයන් වන ඩිස්නි සමාගම විසින් මෙරට පසුබිම් දර්ශන තල හා ස්වභා සෞන්දර්ය උපයෝගී කර ගනිමින් නිපදවා තිබෙනවා.

මෙම චිත්‍රපටය මගින් වනගත රාජධානියක  ජීවත් වන රිලවුන් රංචුවක් පාදක කරගනිමින් මෙහි කතාව ගොඩනැගී තිබෙනවා.
මෙම රිලා රංචුවේ සිටින මායා නම් රිලවිය විසින් ඇයගේ ජීවිතයට තවත් කෙනෙක් එකතු කර ගනු ලබනවා. ඒ ඇයගේ දරුවායි. මෙලෙස ඇයට දරුවා ලැබීමත් සමග ඇයගේ දෛනික දින චර්යාවේ වෙනසක් ඇති වෙනවා. වෙනදාට වඩා පරිසරය සම්බන්ධයෙන් දැඩි අවධානයක්යොමු කරන කරන ඇය පරිසරය කෙරෙහි නිරන්තරයෙන් සැලකිලිමත් වෙමින් කටයුතු කරනු ලබනවා. එලෙස ඇය පරිසරය සම්බන්ධයෙන් උනන්දු වන්නේ පරිසරයෙන් ඇය වෙත පැමිණිය හැකි උවදුරු සම්බන්ධයෙන් අවදානයෙන් සිටීමටයි.


එසේ ආරම්භ වන මෙම කතා පුවත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ මාක් ලින්ග්ෆිලඩ් විසිනි. සම්මානනීය සංගිත අධ්‍යක්ෂවරයකු වන හැරී ග්‍රෙග්සන් විසින් මෙම සිනමා පටය සංගීතවත් කරනු ලබනවා. මෙම චිත්‍රපය එළැඹෙන අප්‍රේල් මාසයේ 17 වනදා අමෙරිකා එක්සත් ජනපදයේදීත් අප්‍රේල් මස 23 වනදා ශ්‍රී ලංකාව සහ කොලොම්බියාවෙත් මුල්වරට ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. 

MONKEY KINGGOM www.nethfm.com 001MONKEY KINGGOM www.nethfm.com 002MONKEY KINGGOM www.nethfm.com 003MONKEY KINGGOM www.nethfm.com 004MONKEY KINGGOM www.nethfm.com 005

No comments:

Post a Comment